Wednesday, August 10, 2022

STP 9543

 

STP 9543 TEACHER educator as a professional STP 9543 


4213099647 

ගුරු  වෘත්තීය පිළිබඳ ව මා අපේක්ෂා කළ  ඉහල වෘත්තීය ගුණාංග වූයේ  කාර්ය සාධනය හා ඉහල මට්ටමේ  ඉගැන්වීම් කුසලතා  හා ආදර්ශමත් හැසිරීම් රටාවන්ය .එය පුළුල් අකාරයෙන්  STP 9543 දින පාසල තුළ (2022 01.08) සාකච්ඡාවකට බඳුන්වීම නිසා ගුරු වෘත්තීයභාවය පිළිබඳ නව ආකාරයෙන් සිතන්ට මා පෙළඹුණ බව හැගේ. ලාංකේය ගුරුවරයාගේ වෘත්තික  ලක්ෂණවල පසුබෑමක් අනෙකුත් වෘත්තීන් හා සැසඳීමේ දී පවතින බැවින් වෘත්තීක ලක්ෂණ දියුණුකර ගැනිමට කටයුතු කිරිම ගුරුවරයා මෙන්ම ගුරු අධ්‍යාපනඥයාගේ වගකීමක් ලෙස හඳුනා ගැනීමට හැකිවූ බව සිතේ.ඒ අනුව ගුරු නිපුණතා සංවර්ධනය , කාර්යසාධනය , හා හැසිරිම පිළිබඳ   දැඩි ලෙස සැලකිලිමත් වෙමින් ගුරුවරයාට මග පෙන්වීම සඳහා කැපවි යුතු බව  පාඨමාලාවට  අදාල  අත්‍යවශ්‍ය  කියවීම්  අධ්‍යනය කිරිම මගින් දැනිණි.

.( ඇමිණුම 01)

 මෙම පාධාමාලාවට සම්බන්ධ වීමෙන් අනතුරුව ගුරුවරයාගේ කාර්යය පිලිබඳ පුළුල් වැටහීමක් මා තුළ ඇති වී ඇතැයි හැඟේ.ගුරුවරුන් සතු විය යුතු සදාචාරාත්මක ගති ලක්ෂණ හා වෘත්තීය  නිපුණතාවයන්  සංවර්ධනය කිරීම සඳහා  මා මැදිහත් කරුවෙකු ලෙස ක්‍රියාත්මක වීමේ වැදගත් කම වැඩිදුරටත් අවබෝධ වෙමින් පැවතුණි. ගුරුවරයා සතු විය යුතු දැනුම,ඉගැන්වීම් ක්‍රමවේද හා පර්යේෂණාත්මක අත්හදා බැලීම් , සදාචාරාත්මත හැසිරිම්  ආදී වු  විවිධ කුසලතාවයන්  ගුරුවරුන් තුළ ඇති කිරිමටත් , එක් එක් ගුරුවරයා පිලිබඳ අවබෝධයෙන්  යුතුව ඔවුන්ගේ වෘත්තීය ගුණාංග සංවර්ධනය  කරමින් වෘත්තිකයෙකු  කිරිමට ත් මා කළ යුත්තේ කුමක් ද යන්න වැටහීමක්  අවබෝධයක් ලබා ගැනිමට  දින පාසලේදි නරඹන ලද ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ වීඩියොව ඉවහල් වු  බව හැඟේ.( ඇමිණුම 02)

වර්තමාන අධ්‍යපනික අවශ්‍යතා අනුව යමින් දැනුම . කුසලතා වැඩි දියුණු කර ගැනිම , යාවත් කාලීන කර ගැනීම පිළිබඳ ගුරුවරයාගේ නැඹුරුව වැඩිකළ යුතු අතර ඒ සඳහා වෘත්තීය ගුරු අධ්‍යපනඥයෙකු ලෙස මාගේ මැදිහත් වීම අනිවාර්ය අංගයක්  විය යුතු යයි හැගේ. ඒමගින්  ගුරුවරයාගේ සහ සිසුවාගේ ඉගෙනීම ශක්තිමත් කෙරෙන තක්සේරුකරණය ,නිරීක්ෂණ සහ පරාවර්තන මෙන්ම පර්යේණාත්මක අත්හදා බැලීම්  මගින් ගුරු වෘත්තීය කාර්ය ශක්තිමත් කෙරෙන වැඩ රාමුවකට ගුරුවරයා අනුගත කිරීම සඳහා මා විසින් නිශ්චිත සැලසුම් සහ ක්‍රමෝපායයන් හඳුනාගෙන තිබිම වැදගත් වන බවක් හැඟුණි. ගුරුවරයා විසින් පන පොවන විවිධ භුමිකා,වගකීම් අයිතිවාසිකම් , වගා කළයුතු ආකල්ප හා වැදගත් වන කුසලතා කෙරෙහි අවබෝධය ලබාදිම මෙන්ම ඒ සඳහා   යොමු කිරිම වෙනුවෙන් ගුරු අධ්‍යාපනඥයෙකු  ලෙස මා සතු වගකීම සත්‍ය ලෙසටම පැහැදිළි වෙමින්  පවතින්නේ මෙම පාඨමාලාවේ පාර්ගෝපදේශ මත බව  හැඟෙමින් තිබිණි. (ඇමිණුම 03)

ඇමිණුම 01


 ඇමිණුම 02       

https://www.youtube.com/watch?v=HKu5pnSzKMM

 

ඇමිණුම 03
 

ඉගෙනුම් සිද්ධිමාලාව 01  සිදුවීම  ශ්‍රී ලංකාවේ  බොහෝ  පාසල් පන්ති කාමරය තුළ සැබවින්ම අත්විඳිය හැකි  කනගාටුදායක  අත්දැකිමක් ලෙස හැඟේ. පුහුණුවකින් තොරව අධ්‍යපන පද්ධතියට එකතු වන  ගුරු භවතුන් පන්ති කාමරය තුළ සහ ගුරු භුමිකාව තුළ අතරමං වි ඇත්තේ එයට ආවේනික වෘත්තිය පරිචයන් නොදන්නා කම නිසා බව  ඉගෙනුම් සිද්ධිමාලාව ඇසුරින් ද තහවුරු වූ බවක් සිතුණි..ගුරු භුමිකාවට පිවිසෙන්නෙකු ඒ සඳහා වන වෘත්තීය හැසිරීම් වලින් යුක්ත නොවීම නිසා සිසුන් ගේ අධ්‍යාපනික ප්‍රතිභාවයන් මතු කර ගැනීම සඳහා බාධා ගෙනදීම සිසුන්ට කෙරෙන අසාධාරණයක් බැවින් මෙවැනි අවස්ථාවන් හඳුනාගෙන එයට මැදිහත් කරුවෙකු වී  එවැනි ගුරුවරන්ගේ වෘත්තීයමය ලක්ෂණ සහ සදාචාරත්මක හැසිරීම් පිළිබඳ දැනුවත් භාවය   වැඩි දියුණු කිරිමට  යොමු වීමේ වැදගත් කම  තදින්ම ප්‍රත්‍යක්ෂ වෙමින් පවතී.ගුරු වෘත්තීය කුසලතා ඔප් නැංවීමට මෙන්ම  ගුරු අචාරධර්ම පිළිබඳ  ගුරුවරුන්ගේ දැනුවත්භාවය සංවර්ධනය කළයුතු බව හැඟේ. ඒ සඳහා  2012/37 චක්‍රලේකය  පිළිබඳ දැනුවත් විම  ඉතා අගනා බව මා විසින් වටහා ගනිමින් තිබිණි.( ඇමිණුම 01)

.පූර්ව සේවා ගුරු පුහුණුවකින්   තොරව  ගුරු භූමිකාවේ නියැලෙන්නාගේ සහ ගුරු  වෘත්තිකයා අතර පරතරයක් ඇති බව පැහැදිලිව තිබියදීත්  ගුරු අධ්‍යපනය පිළිබඳ වගකීම නොසලකා හරිමින් අවිධිමත් බඳවා ගැනීම  වැනි දේ  වැළකීමට  තරම්  නීති රිති සම්පාදනය නොවීම කනගාටුවට කරුණක් බව පෙනේ.අධ්‍යපනයේ උත්කෘෂ්ට පරමාර්ථ කරා යාමට බාධාවන   ප්‍රතිපත්තිමය හිඩැස්  ලාංකේය ගුරුවරයා වැරදි මාවත් වල ගමන්  කරවීමට තරම් ප්‍රබල වී ඇති බවක් දිස් වේ.ගුරුවරයාගේ පූර්ව වෘත්තීය පුහුණුව මෙන්ම, අඛණ්ඩ ගුරු අධ්‍යපනයට ප්‍රතිපත්තිමය තීරණ ගැණිම,සැලසුම් කිරීම,ක්‍රියාත්මක කිරීම් ළදරු මට්ටමක පසු වන බැවින්  ඒ සඳහා ගුරු අධ්‍යපනඥයා වගවීමෙන් දායකත්වය දිය යුතු අංශ පිළිබඳ අවබෝධයක්  අත්‍යවශ්‍ය කියවීම් මගින් තව දුරත් පැහැදිළි වූ බව හැඟේ. එසේමඉගැන්වීම පිළිබඳ  ගෝලීය මටටටම් ප්‍රමිතීන් අත්පත් කරගැනීමට ගුරු භවතුන් මෙහෙයවීමේ වගකීම මා සතු විශේෂ වගකීමක් ලෙසට මවින් වටහා ගන්නා ලදැයි හැඟේ..(ඇමිණුම 02)

වෘත්තීය ආයතන වශයෙන් එහි කාර්යය භාරයන් පිළිබඳ ඉතා හොද අවබෝධයක්  ලබා ගැනීමට පළමු දින පාසල තුළ සිදුවූ සාකච්ඡාව හේතු වු බව හැඟේ. ඒසේම සාකච්ඡා මණ්ඩපය මගින් ද  තවදුරටත් ලංකාවේ වෘත්තිය සමිති , සංවිධානවල ක්‍රියාකාරීත්වයේ  ස්වභාවයන්  හඳුනා ගත හැකි වීය.වගකීම් වෙනුවට දැනට  සිදු කෙරෙන්නේ  අයිතිවාසිකම්  වෙනුවෙන් සිදුකරනු ලබන සාමුහික කේවල් කිරීමක් බැවින් ,වෙනත් රටවල ඊට ඔබ්බෙන් වු වෘත්තිය දියුණුවක් වෙනුවෙන් කටයුතු කිරිම පිළිබඳ  පරික්ෂා කිරිමටත්  හා කරුණු අනාවරණය කර ගැනීමටත් හැකි වුවාසේ දැනේ. අවාසනාවකට මෙන් වෘත්තීය ගුරු කාර්යය සාධනය උදෙසා වෘත්තිය අධ්‍යපනය සැලසුම් කිරිම,ක්ෂෙත්‍ර අත්දැකීම්වල ගුණාත්මකභාවය තහවුරු කිරීම,වෘත්තීය අධ්‍යපනයේ අපේක්ෂණ දිරිගැන්විම ආදි අංශ ප්‍රවර්ධනය  පිණිස  වෘත්තීය සංගම් ගනු ලබන ක්‍රියාමාර්ග විරල බැවින්   ඒ සඳහා ගුරු අධ්‍යපනඥ කාර්යභාරය  ලෙස එවැනි ආයතන දැනුවත් කිරීමට මගේ  වගකීමක් ලෙස වටහා ගැනිමට අත්‍යවශ්‍ය කියවීම් මග පෙනවා ඇති බව පැහැදිළි විණි.  ( ඇමිණුම 03) 

 ඇමිණුම 01 

ගුරු අචාරධර්ම.



 

ඇමිණුම 02 (වෘත්තීය ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ අත්‍යවශය කියවීම් සිංහල පරිවර්තනය

 

ඇමිණුම 03   වෘත්තීය ආයතනවල කාර්භාරය 

 

අධ්‍යාපන ක්ෂෙත්‍රයට සම්බන්ධව පවතින නීති සම්පාදනයේ දුර්වලතා නිසා ක්‍රමාණුකූලව අධ්‍යාපන රටාවක් පවත්වා ගැනීමට බාධා පැමිණ ඇති බව ඒ පිළිබඳ කරුණු සොයා යාමේදි මවිසින් වටහා ගනිමින් තිබිණි. විශේෂයෙන්ම ගුරු අධ්‍යපනයට සම්බන්ධව ගුරු අධ්‍යපන ක්‍රමයක් ස්ථාපනය නොවීම, ගුරු අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම ආදි කරුණු රටේ ගුරු අධ්‍යපනයට අදාල ගැටළු ලෙස මෙම පාඨමාලාව තුළ මගේ අධ්‍යනයට බඳුන්විය ඒ සඳහා අතිරේක කියවීම්  03  New Education Act  for General education in  Sri Lanka හි 5වන පරිච්ඡේදය    සහය විය.භාෂා දැනුම පිළිබඳ ගැටඵවක් පැවතිම නිසා එය පරිවර්තනය කර ගනිමින්  අව්‍යශ දැනුවත් භාවය ලබාගැනීමට උත්සුක වූයෙමි..(ඇමිණුම 01)

 ඉගැන්විම් ක්‍රියාවලියේ ඵළදායීතාවයට  බල පාන්නවු ගුරු නිපුණතා සංවර්ධනයට , කාර්ය සාධනයට හා  ආකල්ප සංවර්ධනයට  හේතුවන නිශ්චිත  ගුරු අධ්‍යාපන ප්‍රතිපත්තියක්  නොමැති වීම ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සම්බන්ධ දෝෂ සඳහා හේතුවක් වි ඇතියයි  හැඟේ.මෙම තත්ත්වය වලක්වා ගැනිම සඳහා  ගුරවරයාට අදාල විෂය ක්ෂේත්‍රය පිළිබඳ  මනා දැනුමක් සමග අත්දැකීම් , අත්හදා බැලීම් , හා අත්දැකීම් මත සොය ගනු ලබන ශිල්පිය ක්‍රම යෙදීමේ හැකියාවන් පිළිබඳ ගුරු අධ්‍යපනඥයා පහසුකම් සැළසිය යුතු බව  මෙම පාඨමාලාවේ හඳුන්වා දී ඇති ස්වයං අධ්‍යාපන මෙවලම් පරිශීලනයේදී තව දුරටත් දැනුවත්  වි යයි හැඟේ.දැනුම ගොඩනගන්නෙකු , අධ්‍යාපනයේ නවෝත්පාදකයෙකු  සහ සිසුන් සඳහා හැසිරීම් ආදර්ශකයක් ලෙස කටයුතු කිරීමට අවැසි හැකියාවන් හා ගෝලීය වශයෙන් පිළිගැනෙන  ගුරු ප්‍රමිතීන්   ගති ලක්ෂණ  හා ආචාර ධර්මයන් (ඇමිණුම 02) ගුරුවරුන් තුළට  කාන්දුකරණයකට ලක්කිරීමට  ඇවැසි  ගුරු අධ්‍යපනඥයා සතු වගකීම හඳුනා ගැනීමට  ද මෙම පාඨමාලාව තුළින් මට හැකිවිය.

 ගුරුවරන්ගේ මූලික ගුරු අධ්‍යපන වැඩ සටහන් වලදී මෙන්ම ගුරුවරන්ගේ අඛණ්ඩ වෘත්තීය අධ්‍යපන වැඩසටහන් වලදී ගුරු අධ්‍යපනඥයාගේ කැපකිරිම වෙනස් කරවන්නන්  වෙනස් කිරීම් නියෝජිතයෙකුගේ ස්වභාවයෙන් වියයුතු බව මා වටහා ගත්තේ ඒ සඳහා වූ අමතර කියවීම් ඇසුරිණි.. ලංකාවේ  ගුරුවරුන් අතර  ඉහල මට්ටමේ වෘත්තීය කුසලතා තව දුරටත් දියුණු විය යුතු යයි හැඟෙන්නේ  මේ පාඨමාලාව තුළ මා හඳුනා බොහෝ වෘත්තීය ගුණාංග නිසාය.. බොහෝ ගුරුවරන්ට සිය වෘත්තීය ක්‍ෂෙත්‍රයට සම්බන්ධ වුවාට පසු එහි ප්‍රවීණත්වයට ,විශේසඥභාවයට පැමිණිම දක්වා යාවත්කාලීන වීමේ අවශ්‍යතාවයක් නොමැත් වීම ප්‍රබල අධ්‍යපනයේ ගුණාත්මක සංවර්ධනයට විශාල බාධාවක් සේ හැඟේ.ඒ සඳහා වෘත්තීය සංවර්ධනය පිළිබඳ නීතිමය රාමුවක් තුළ ක්‍රියාත්මක වීමේ  අවශ්‍යතාවයක් ඇතැයි මට සිතෙන්නට විය. (ඇමිණුම 03)

                (ඇමිණුම 01)

 


                           ඇමිණුම 02

 

ඇමිණුම 03

                                  https://www.ascd.org/el/articles/why-teachers-must-become-change-agents


 


අධ්‍යපන ක්‍රමය තුළින් ඕනෑම සමාජයක් අපේක්ෂා කරන්නේ සමාජ  , ආර්ථික දේශපාලන අවශ්‍යතාවයන්ට  සමගාමී වන පුද්ගල අවශ්‍යතාවයන් සපුරාලිමකි.මෙම අන්තර් ක්‍රියාවලිය තුළ අධ්‍යපනයේ සමීප බලපෑම සමාජ බලවේග වලට මෙන්ම , සමාජීය බලවේග අධ්‍යාපන  ක්‍රියාවලිය කෙරෙහි ද කාලානුරුපිව බලපෑම් ඇති කිරීම ට සමත් ව තිබෙන බව STP 9543 අධ්‍යන මාර්ගෝපදේශ  අත්‍යවශ්‍ය කියවීම්  මගින් වටහා ගන්නට හැකි වීණි යයි සිතේ. (ඇමිණුම 01)

පාසලක අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පවත්වා ගැණිම සඳහා දැඩි  අභියෝගයක් වන්නේ  එ සම්බන්ධයෙන් විටින් විට පැන නැගෙන විවිධ බාධක නිසා බව 2022 02. 13. දින පාසල් සාකච්ඡාවෙන්  තව දුරටත් වැටහිණි. (ඇමිණුම 02) සමාජ ආර්ථික දේශපාලන සන්ධර්භයන්ගෙන්  අතීතයේ මෙන්ම වර්තමානය තුළද පැන නැගි ගැටළු හමුවේ සිසුන්ගේ අධ්‍යපනය සැලකිය යුතු ලෙස ප්‍රධාන ප්‍රවාහය තුළම අඩපණ වී ඇති බවක්  දින පාසල් සාකච්ඡාවෙන් අනාවරණය වු අතර.මෙම තත්වයන් කලමණාකරණය කර ගනිමින් අධ්‍යපනය අඛණ්ඩව පවත්වා  ගැනිමට උත්සහයක් , කැපකිරීමක් සිදුකරමින්  අධ්‍යපන ප්‍රජාවේ සාමාජිකයකු ලෙස ගුර අධ්‍යපනඥයකු  වශයෙන් එම වගකීම පෙරටු කර ගත යුත බව දැනෙමින් පවතී. . මෙම වගකීම  උදෙසා වෘත්තිකයෙකු ලෙස හැඩගැසීමටත්  හා සංවර්ධනය වීමටත් මෙම පාධමාලාව තුළ පෙළඹවීමක් ඇති කරවන සුළු බව දැනුණි.එසේම වෘත්තිකයෙකු ලෙසින් සමාජ, ආර්ථික, දේශපාලන අභියෝග සඳහා මුහුණ දීමටත් ඒ සඳහා ගුරු භවතුන් පුහුණු කිරීමටත් , ආදර්ශ සපයමින් ගුරු භවතුන් ධෛර්යමත් කිරීමත්   මා සතු වගකීමක් බවත් මේ වන විට පසක් වී ඇති බව සිතේ.

මිට අමතරව එක් එක් පාසලට බලපාන සමාජ ආර්ථික , දේශපාලන සන්දර්භයන් තුළ  පැන නැගෙන විවිධ බාධක හමුවේ  පාසැලේ යහ පැවත්ම උදෙසා එක්ඒක් පාසලට අන්‍ය ලෙස කටයුතු කිරීමට සිදුවන අවස්ථා දුලබ නොවන බව පාසල් සමඟ කටයුතු කිරීමේදි පැහැදිළි වන කරුණක් ලෙස පෙනේ.එසේම පාසලේ ගුණාත්මක භාවය රැකිම සඳහා ආධාර වන නීතින් පිළිබඳ වද අවදානය යොමු කරමින් ගුරු අධ්‍යපනඥයෙකු ලෙස කටයුතු  කිරීමේ වගකීම් සහගත බව  බව එදින කණ්ඩායම් ක්‍රියාකාරකම ඔස්සේ මෙන්ම තවදුරටත් පවත්වනු ලැබූ සමපදස්ථ සාකච්ඡාවෙන්  වටහා ගත් බව හැඟුණි.(ඇමිණුම 03) එසේම ගුණාත්මක සංවර්ධනයට ලබාදිය හැකි දායකත්වය පිළිබඳ මනා වැටහීමක් මෙම පාඨමාලාවේ දෙවන කුඩා පරිමාණ ව්‍යපෘතිය සම්පුර්ණ කිරීමත් සමගම ඇතිවුණු බව හැඟේ.ඒ සමඟම ක්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි බාධාවන් ට  පිළියම් යෙදීම පිළිබඳ චින්තනය මෙහෙය වීමත්, හා එම අත්දැකීම් අනුසාරයෙන්  ප්‍රායෝගික වෘත්තීය ජීවිතයේ දී ගුරු සිසුන්ට මග පෙන්වීම උදෙසා මා සතු විය යුතු විය යුතු නිපුණාතවයන් කෙසේ විය යුතු ද යන්න හැඟීමක් ද ඇතිවූ වු බව  විශ්වාසය විය..

            ඇමිණුම 01 


ඇමිණුම 02

 


ඇමිණුම 03

 



ඉගෙනුම් ඵල 05.

 ගුරුවරන්ගේ සවිබලකරණය සඳහා පාසල් පාදක ව්‍යපෘතින් හි ආකෘති සැකසීමේ හා සංවර්ධනය කිරීමේ කුසලතා විදහා දැක්වීමටත් ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

.

පාසලක්  ක්‍රියාත්මක කිරීමේදී එහි පාර්ශව කරුවන් වන ගුරවරුන් සතුව පවත්නා වගකීම පිළිබඳ ඔවුන්ට  බොහෝවිට  අවබෝධයක් නොමැති බව මා විසින් වටහා ගන්නේ STP 9543  පාඨමාලාව ට සම්බන්ධ වීමත් සමගිනි.මන්ද යත්, පාසල්  පරිපාලනය විසින් යොමුකරණ කාර්යයන් ට හෝ තීරණවලට අනුගතව සිය වෘත්තීය කටයුතුවල නියැලෙනවා වෙනුවට සමස්ථ කාර්යයට දායක වීමට අවශ්‍ය දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බව ක්ෂෙත්‍රගත අත්දැකීම් ඔස්සේ මා වටහාගෙන තිබූණි.  ගුරු බලවන්තකරණයක් තුළ පාසලක ගුණාත්මක බව පවත්වා ගැනීම උදෙසා යහපත් වෘත්තීය විනිශ්චයන් සහිත පසුබිමක තීරණ ගැනීමට , වෘත්තීය සංවර්ධනය , වෘත්තී‍ය   තත්වය, ස්වයංකාර්‍යක්ෂමතාවය,ස්වයං පාලනය හා බලපෑම් කිරීමේ හැකියාව මගින් ගුරුවරයා බලවත් වීම පාසලක ගුණාත්මක බවට හේතු විය හැකි තත්වයකි. ගුරු අධ්‍යපනඥයකු ලෙස මේ සදහා මැදිහත්වීමේ වැදගත් කම හා හැකියාව ඉගෙනුම් සිද්ධිමාලාව ඇසුරින් වටහා ගත් බව දැනුණි.

(ඇමිණුම 01)

3 වන කුඩා පරිමාණ ව්‍යපෘතිය ඉතා සුවිශේෂ ඉගෙනුම් අවස්ථාවක් ලෙස වැටහිණි. ඒ තුළින්    ශිෂ්‍ය  ඇද හැලීම වලක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද ව්‍යපෘතිය  වෘත්තිකයෙකු ලෙස වෘත්තීය හා සදාචාරාත්මක ගති ලක්ෂණයන්හි මූර්තිමත් වන අවස්ථාවක් ලෙස  මට දැනිණි. ඒ අනුව ශිෂ්‍ය එහිදී ගැටළුව  පිලිබඳ පුළුල් ලෙස දකිමින් එය තුළ සිට එයට විසඳුම් සෙවීමට  යොමු වීම මා ලද සාර්ථකත්වය සේම එවැනි ගුණාංග ගුරුවරුන් තුළ ද වර්ධනය කිරීමේ  වැදගත් කම අවබෝධ වු බව  ද හැඟිණි.වෘත්තිකයෙකු ලෙස රජයේ ප්‍රතිපත්ති  මත සිට ඉන් ඔබ්බට වූ වෘත්තීය හැකියාවන්  ලැබීමට ද මෙම පාඨමාලාව සංවිධානය  වි තිබෙන අකාරය මා හඳුනාගන්නේ වෘත්තිකයෙකු ලෙස එහි ස්වරූපය  මා තුළද පිහිටුවා ගැනීමේ වැදගත් කම පසක් කරලමින් බව හැඟේ.එසේම සෙසු කාර්යමණ්ඩල සමග සහයෝගීව  අදහස් බෙදා ගනිමින් අපේක්ෂිත අරමුණු කරා යා හැකි වෘත්තීක කෞෂල්‍යයන් මෙමගින් මා තුළ වර්ධනය වු බවක් හැඟිණි. (ඇමිණුම 02)(ඇමිණුම 03)

එසේම වෘත්තීය කටයුතු වලදී  සැම විටම ආකෘති ගත සහ සැලසුම් සහගත ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම පැමිණිය හැකි අභියෝගාත්මක අවස්ථා පිළිබඳ අවබෝධයෙන් යුතුව හා ඒවාට විසඳුම් සොයමින් මැනවින්  කටයුතු කරන අකාරය තුන්වන කුඩ පරිමාණ ව්‍යපෘතියේදි  මා විසින් හඳුනා ගත් වැදගත් කරුණකි.ඒ අනුව මෙම පාඨමාලාව තුළින් වෘත්තිකයෙකු ලෙසට වෘත්තීය ගුණාංග රැසක් මා තුළ ඇති කිරීමට ද ඒ මත පිහිටමින් අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ද හැකියාව ලැබුණ බව හැඟේ.

 










No comments:

Post a Comment

අවසන් ප්‍රත්‍යාෙව්ක්ෂණය

  ගුරු  අධ්‍යාපනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි වැඩ සටහන. අවසන්   ප්‍රත්‍යාෙව්ක්ෂණය              වෘත්තිය සංවර්ධනය පිළිබඳ දැඩි උවමනාව නිසාම අධ්‍ය...