Wednesday, August 10, 2022

STP 9542

 

ගුරු අධ්‍යපනඥයා අධ්‍යාපන තාක්ෂණඥයකු ලෙස



 1.ඉගෙනුම , ඉගැන්වීම ඵලදායි සන්නිවේදන ක්‍රියාවලයක් බවට පත් කිරීම සඳහා උපාය මාර්ග ගවේෂණය

ඉගෙනුම ඉගැන්වීම වාඩාත් සඵල ක්‍රියාවලියක් බවට පත් කර ගැනීම උදෙසා සන්නිවෙදනය ඉතා ඉහල වැදගත් කමක් උසුලනු ලබන බව මා විසින් කළින් දැන සිටිය ද සාම්පදායික සීමා මායිම්වල සිරවී සිට ඉගැන්වීම සඳහා සන්නිවෙදන කාර්යයේ යෙදී සිටිමට අමතර දෙයක් මා හට අවිනිශ්චිත විය. මන්ද යත් ඉගෙනුම සඳහා වාචික සන්නිවේදනය තරම් තවත් දෙයක් පිළිබඳ මා තුළ දැනුමක් මා තුළනොවූ නිසාවෙනි. STP 9542 පාඨමාලාවේ පළමු දිනපාසලට සහභාගී විමත් සමගම එම අදහස ක්‍රමයෙන් මාවෙතින් වියැකී යන බවක් හැගුණි.දේශන කිරිම , දේශන සාකච්ඡාව කොතෙක් සැලසුම් සහගත වුව ද නිශ්ක්‍රීය සටහන් ලියන්නන්,සවන්දෙන්නන් බහුතරයක් සැම විටම දක්නට ලැබීම මගේ වෘත්තීය පසුබිම තුළ ද මා විසින් ද  ලැබූ අත්දැකිමක්  විය. සිසුන් ඉගෙනුමට සක්‍රීය ලෙස සහභාගී කරවා ගැනිමට කුමක් කල යුතුද යන්නට   සොයන මා හට ඒ සඳහා විවිධ ක්‍රම වෙද ඇතිබව පළම් දිනපාසල් සැසියෙන් පසු තහවුරු වු බව හැඟේ.(ඇමිනුම 01 සඹැඳිය)          

 ඵලදායි සන්නිවේදනය සඳහා වාචික මෙන්ම අවාචික ක්‍රම ද යොදාගැනීම සඳහා අවශ්‍ය දැනුම  ගුරු අධ්‍යපනඥයන් ලෙස අප දැන සිටීම  ඉතාම වැදගත් බව මා විසින් අවබෝධ කරගෙන තිබුණි.ගුරු සිසුන් දැනුවත් කිරීම සඳහා මෙන්ම මගේ ඉගෙන්ම් කාර්යය සදහා ද වඩත් ප්‍රයෝජනවත් වන බවමට දැනුණි.ඒ අනුව සාම්ප්‍රදායික පන්තිකාමර ඉගැන්වීම් අවස්ථාවක තාක්ෂණව භාවිතයෙන් තොරව වුව ද හඬ උස්පහත් කිරීම, නිහඬව සිටිම,විරාම සහිත කථා කිරිම,වාචික අභිනයන් මගින්ද මනා ලෙස සන්නිවේදනය කිරීම සිදු විම මගේ වැටහීම බව හැඟේ.මේ සඳහා මෙම පාඨමාලාවේ මාර්ගෝපදේශයේ  ඇති පොත පත පරිශිලනය කිරීම වඩාත් ප්‍රයෝජනවත් වු බව කිව යුතුමය.ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයේදී කුඩා සහ විශාල කණ්ඩායම් අතර සන්නිවේදනය පහසුවෙන් සිදු කිරීම පිළිබඳ ශිල්පීය හඳුනා ගැනීමට මාර්ගෝපදේශයේ මගපෙන්වීම ප්‍රයෝජනවත් වූ බව හැඟේ.ඇමිණුම 02)                                               

. මාර්ග ගත ඉගෙනුම් පරිසරයක් තුළ මෙම පාඨමාලාවේ ලබන ඉගෙනුම් අත්දැකිම දඉගෙනීම් සිද්ධිමාලා ව අධ්‍යාපනික සංනිවේදනයේ දි  ඉතාම වැදගත් අංශ බව මෙම පාඨමාලාව තුළ මට දැනුණු බව හැඟේ. මෙම ඉගෙනිම් සිද්ධිමාලාවේ කතානායකයා වන සුරේන් මා ලෙස මට හැඟී යන තරමට ම මෙම ඉගෙනුම් සිද්ධි මගේ වෘත්තීය ජීවිතයට බද්ධ වී ඇති බවක් හැඟේ. ඒ අනුව ඉගෙනුම් සිද්ධිමාලාවේ එක් එක් පියවර තුළ සැබවින්ම මා ගුරු අධ්‍යාපනඥවරියක ලෙස මගේ වෘත්තීය ජීවිතයට වටිනා  යමක් උපයාගත් බව මට දැනුණි.(ඇමිණුම 03) අධයාපනික සංනිවේදනයේ තවත් වැදගත්  අංශයක් ලෙස OER    හඳුනා ගැනීම සිදු වූයේ මෙම පාඨමාලාව මගින් පමණක් බව මගේ හැඟීමයි. OER යන කෙටි යෙදුම අධ්‍යපිතයන් තුල මෙතරම්  වෙනස්කම් සිදු කිරීමට හැකි වෙතයි මම කිසිවිටක නොසිතූ බව දැනේ.අධ්‍යපනය පිළිබඳ නව දැක්මක් ,බලාපොරොත්තුවක්, විනයක්  මේ තුළ ඇති වෙනු අතැයි මට හැඟේ.විවෘත අධ්‍යපනික මෙවලම් නිසි පරිදි භාවිතා කිරීම පිලිබඳ ලැබූ හුරුව මේ පාඨමාලාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට මග පෙන්වු අයුර  මට දැනුණි. විවෘත අධ්‍යාපනික මෙවලම් භාවිතා කිරීම මගින් අධ්‍යාපනික සන්නිවේදනය කාර්යයට වැදගත් වන ආකාරය මා විසින් හඳුනා ගත්තේ ද මෙම පාඨමාලාව මගින් බව මට සිතුණි. 

(ඇමිණුම 04)

 


 
 



v  තාක්ෂණික  ශික්ෂණ ශාස්ත්‍රීය අන්තර්ගත දැනුම පිලිබඳ රාමුව(TPACK) යොදාගෙන තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයක්  සැලසුම් කිරීම.


විවිධ ඉගෙනුම් සන්ධර්භ තුළ ඉගැන්විම  ක්‍රමවේද සහ ශිල්පීය ක්‍රම වඩාත් ඵලදායී වීමට සන්නිවේදනය ඉතාම වැදගත් බවත් ඒ සඳහා  අධ්‍යාපන තාක්ෂණය භාවිතා කිරීමේ වැදගත් කමත් මේ වන විට හැඟී ගොස් තිබිණි.ඒ සඳහා  දින පාසලේ දි හඳුනා ගත් විෂය අන්තර්ගත දැනුම. ශික්ෂණ ශාස්ත්‍රීය දැනුම සමග තාක්ෂණය සමෝධානය සිදුකළ හැකි TPACK  ඉතා වැදගත් වන බව හැඟිණි.ඊට අදාල වීඩියෝ දර්ශන නැරඹීම මගින් එම අදහස වඩාත් තහවුරු වු බව දැනුණි. තාක්ෂනික දැනුමේ විවිධ අංශයන් පිලිබඳ දැන සිටිම ගුරුවරයෙකුට වඩාත් සාර්ථක ක්‍රියාකාරී  පන්ති කාමරයක් නිර්මා ණය කර ගැනිමට හේතු වන බව මට දැනිණි.තාක්ෂණය පිළිබඳ මා තුළ පැවති අවම දැනුම මෙම පාඨමාලාව සාර්ථකව නිම කර ගැනිමට  බාධාවක් වේද යන්න මා තුළ කුකුසක් ඇති විමට හේතුවක් වු  බව හැඟේ.

 

මේ වන විටත් ශික්ෂණ ශාස්ත්‍රය, විෂය අන්තර්ගතය පිළිබඳ    පුර්ව දැනුම මත හා මෙම පාඨමාලව තුළ ලද දැනුම මත  මා සාර්ථක වී ඇති බව මට හැඟේ. එහෙත්  ඒ තුළ පවතින ගුරු කේන්ද්‍රීය ස්වරූපය ඉවත්වන ලක්ෂණ  නොමැති බව මගේ  වැටහීමයි . මන්ද යත් ක්‍රියාකාරකමක් වුවද ඒ සඳහා ගුරුවරයාගේ මැදිහත් විම වැඩි වශයෙන් සිදුවනු දක්නට ලැබීමයි.ඒ    අනුව ක්‍රියාකාරී පාඩමක් සඳහා තාක්ෂණය බද්ධ කර ගැනීම කෙසේ එක්කර ගත යුතු ද යන්න අවබෝධයක් ලබා ගැනීමට මෙම පාඨමාලාවේ දෙවැනි දින පාසල තුළින් හැකියාව ලැබුණු බව හැඟේ. එහිදී  තාක්ෂණයෙන් හෙබි ඉගෙන්ම් ද්‍රවයයක් නිර්මාණය කිරීමට අදාලව සැලසුම් කිරීමේ කටයුතු අරම්භවු බව සැසිය අවසන් වන විට මට වැටහී ගිය බව හැඟිණි.

දිනපාසලේදී දැනුවත් වු ආකරයට ඉගැන්වීම සඳහා පාඩමක් සකස්  ගැනීමට  විෂය නිපුණතා හා ඉගෙනුම පළ සංවිධානය කිරීමක් සිදු කරණලද අතර ඒ අනුව විෂය අන්තර්ගතය හා ඉගැන්වීම් ක්‍රමවේද හා කාලය ගළපා ගැනීම තුළ පාඩමට මනා ලෙස සංවිධානය කර ගැනීමට හැකිවූ බව හැඟේ. එම ඉගෙනුම් අරමුණ ඉටුකර ගැනීමට අදාලව තාක්ෂණය බද්ධ කරන ආකාරය , සම්බන්ධ කරන අකාරය පිලිබඳ සමපදස්ථ සාකච්ඡාව වඩාත් ඵළදායී වු බව සිතුණි .මන්ද තාක්ෂණික ක්‍රියාකාරකම් සම්බන්ධ දැනුම බෙදාගැනීමට එය මහඟු  අවස්ථාවක් වු බැවිනි. ඒ අනුව වඩාත් සාර්ථක සැලසුම්ක් සකසා ගැනීමට  මට හැකි විය..(ඇමිණුම 01)

                

තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයක් නිර්මාණය සදහා විෂය අන්තර්ගතයන් තෝරා ගැනිමෙන්  අනතුරුව , ඉතාම නිවරදි ආකරයට ඉගෙනුම් අන්තර්ගතය , ශික්ෂණ ශාස්ත්‍රය  තාක්ෂණය සමෝධානය කර ගන්නා ආකාරය  පිලිබඳ අවබෝධය සංකල්ප සිතියම නිර්මාණය  මගින්  ලබා ගත හැකි බව මට හැඟුන ද සංකල්ප සිතියමක් නිර්මාණය කිරීමේදී ගුරුවරයාට ඒ සඳහා අවශ්‍ය වන දැනුමේ විවිධ ස්වරූප තාක්ෂණය සමග සම්බන්ධ කරන ආකාරය පිලිබඳ මා තුළ ඇති කළේ අවිනිශ්චිත බවකි.එයට හේතුව වුයේ මා තුළ පැවති අවම තාක්ෂණික දැනුම බව සිහිපත්වේ. කෙසේ වෙතත් TPACK රාමුවේ   පිළිබඳව දුරටත් කරුණු හැදෑරිම් වලින් පසු හා දින පාසල් අත්දැකීම් මගින්  තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයක් නිර්මාණය කිරිමට අදාල  අවබෝධයෙන් සංකල්ප සිතියම සාර්ථකව නිර්මාණය කිරිමට හැකිවූ බව මට දැනුණි.(අමිණුමු02,03) එසේම

 

TEL ද්‍රව්‍ය නිර්මාණය කිරීමට සංකල්ප සිතියමේ  හා TPACK රාමුව ඉතාම වැදගත් වන බව මට දැනුණි.සපයා ඇති ඉගෙනුම් මාර්ගෝපදේශ  පරිහරණය කිරීම තුලින් TPACK රාමුව පිලිබඳ මනා වැටහීමක් ලබා ගැනීමට හැකිවූ බව හැඟේ(ඇමිණුම්)

                                                                                                                                                                                     



සුදුසු බහුමාධ්‍ය සමෝධානය කරමින් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සඳහා අර්ථාන්විත ඉගෙන්ම් අත්දැකීම් නිර්මාණය කිරීමට



ඉගෙනුම් අරමුණු  අර්ථාන්විත ලෙස පෙළ ගස්වමින් , ඒ අනුව OER       සම්බන්ධ කිරීම,හා සන්ධර්භය තීරණය කර ඉගෙනුම් අත්දැකීම් පෙළ ගැස්වීම,උපදෙස් සපයන ආකාරය ආදී කරුණු  දින පාසලේ සමපදස්ථ සාකච්ඡා ඇසුරින් නිරාකරණය කර ගැනීමට හැකි වූ බව හැඟේ.පාඩමට අදාල ලෙස OER හඳුනා ගැනිම , අවශ්‍යපරිදි සංස්කරණය කර ගැනීම සිදු කිරිමඑසේම ඒ සඳහා භාවිතා කරන තාක්ෂණය මෘදුකාංග වල ස්වරූපයන්  හඳුනා ගැනීමට ද එදින දින පාසල් සැසිය ප්‍රයෝජනවත් වු බව මට දැනුණි.තෝරා ගත් පාඩමට අදාල වන ලෙස ඉගෙනුම්  අත්දැකීම සංවිධානය කිරීමේදී  සකස් කරන ලද සංකල්ප සිතියම භාවිතා කරමින්  අදාල වන ලෙස විවෘත අධ්‍යාපනික ද්‍රවය හඳුනා ගැනිම අභියොගාත්මක වූ  බව සිහිවේ.

 5 වන ශ්‍රේණියේ සිසුන් උදෙසා පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට  අදාල “ සඳේ වෙනස් හැඩ” පාඩම බැවින් ඒ හා සම්බන්ධ ඉගෙනුම අත්දැකිම මව් භාෂාවෙන් ලබා දීම අවශ්‍ය වුවද එවැනි දෑ අන්තර්ජාලයෙන් ලබා ගැනීම අපහසු වීම ගැටළුවක් වූ බව දැනුණි.අවශ්‍ය පින්තූර ඉතාමත් සුදුසු විවෘත බලපත් සහිත ඒවා තිබුණද වීඩියො ගැළපෙන ලෙස සොයා ගැනිම අපහසු විය.විශේෂයෙන් අපෙක්ෂිත විෂය අන්තර්ගතයට ගැළපෙන දේ විරල බව හැඟුණි. කෙසේ නමුත් දැඩි උත්සාහයේ  ප්‍රතිඵලයක් ලෙස සිංහල බසින් හඬ කැවීමට  සුදුසු වීඩියෝවක් සකස් කිරීමට හැකි විය. ක්‍රියාකාරකම් සුදුසු ලෙස සිදු කිරීම සඳහා “ispring” මෘදුකාංගයද තෝරා ගතිමි.සපයා ගත් ඉගෙන්ම් ද්‍රවය පාඩමට ගැළපෙන ලෙස සකස් කිරීම සඳහා අවශය තාක්ෂිණික සහයෝගය ලබා ගනිමින් සුදුසු ලෙස සංස්කරණය කිර ගනිමින් මනා නිමාවක් සහිතවසකස් කර ගැනීමට මට හැකි වූ බව හැඟුණි.ප්‍රාථමක් අංශයේ දරුවන්ට උචිත හා ඔවුන් කැමති අකාරයට තේරීම් ඇදීම් ,යා කිරීම් ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙයට එක් කිරීම මගින් අවශ්‍ය තක්සේරු කිරීමද කර ගැනීමට  මෛ් අකාරයට  පින්තුර   වීඩියෝ, හඬපට .ක්‍රියාකාකම්  අසුරින උක්ත ඉගෙනුම් ද්‍රව්‍ය ක්‍රියත්මක කිරීමට හා ඉගෙනුම් අත්දැකීම් TEL ඉගෙනුම් ද්‍රව්‍ය සැකසීම සඳහා නිරමාණශිලි ලෙස මා විසින් යොදා ගත් බව මට හැඟේ.  

සාක්ෂි ඇමිණුම්;

 



තෝරාලත් මෘද්‍රකාංග භාවිතා කර කාත්ෂනයෙන් යෙබි ඉගෙන්ම් ද්‍රව්‍ය සංවර්ධනය කිරීමට

 

.ඒ අනුව  කලින් නිර්මාණය කරන ලද අත්දැකිම් පිළිබඳ සවිස්තරාත්මක වගුව TEL ඉගෙනුම් ද්‍රවය තැනිම සඳහා එහි  ක්‍රියාකාරිත්වය විස්තර කෙරෙන ලෙස සකස් කළ සැලසුමක් බව හැඟේ.(ඇමිනුම් 01)ඉන් අනතුරුව නිර්මාණය කරන ලද  ගැලීම් සටහන මගින් තාක්ෂණය එකාබද්ධ කරන ලද මුහුණත් හා අතුරු මුහුණත්  සම්බන්ධ කරන ආකාරය ,උපකරණයේ අන්තර්ක්‍රියාකාරීත්වය  මනාව සම්බන්ධ කිරීමට හැකි සැලසුමක් බව හැඟිණි(ඇමිණුම 02)

මේ අකාරයට  සන්දර්භය හඳුනා ගැනිම,අන්තර්ගතය තීරණය කිරීම.උපදෙස් සැලසුම් කිරීම.ඉගෙනුම් සම්පත් තීරණය කර ඉගෙනුම් ක්‍රියාවලිය සැලසුම්  කිරීම ආදි පියවර කරා කෙමෙන් ළගා වන විටදී මුලින් මා තුල පැවති අවිනිශ්චිත බව පහව ගොස් මෙම  අභියෝගය ජය ගත හැකි බවත් ඒ සඳහා පරිගණක  තාක්ෂණය පිළිබඳ අවබෝධය තවදුරටත් සංවර්ධනය කර ගත යුතු  බවත් හැඟිණි. අනුව ඊ ළඟ පියවර ලෙස කතා රාමු පෙළ  නිර්මාණය කරන අවස්ථාවේදී කලින් නිර්මාණය කරන ලද සවිස්තරාත්මක වගුව සහ ගැලීම්   සටහන ප්‍රයෝජනවත් වීම වැදගත් අංගයක් සේ මට දැනිණි.මෙම පාඨමාලාවේ අංග ක්‍රමාණුකූලව ගලා යාමක් සහිත ව  පෙළ ගැස්වීම මඅපගේ ඉගෙනුම් අභියෝග තනිව ජය ගැනීමට හැකී වු බව දැනිණි.එම පෙළ ගැස්වීම ඒ ක්‍රමාණුකූලව සිදුවීම ගුරු අධ්‍යපනඥයෙකු  ලෙස මගේ අනාගත ක්‍රියාකාරීත්වයට ද අදාල කර ගැනීමට වැදගත් වනබව හැඟිණි. කතා රාමු පෙළ සකස් කිරීමෙන් පසු මා විසින් නිර්මාණය කරණ ලද අන්තර් ක්‍රියාකාරී මෙවලමෙහි මතුපිට ස්වරුපය ඉතාම සිත් ගන්නා බවක් මට  පෙනෙන්නට විම තුළමා විඳි සතුට අපමණ බව හැඟේ.එසේම .සුදුසු ජලතරණය සිදු කිරිම මතඋපකරණයේ ක්‍රියාකාරීත්වය  මනා   ලෙස  සිදු වීමට හේතුවක් නිසා ඒ පිළිබඳ මගේ අවධානය සුවශේෂ ලෙස යෙදවීම වැදගත් බව සිතුණි.සියලු දේ මනා ලෙස එකා බද්ධ කිරීම මගින් මගේ අවසාන නිමවුම සිදු කිරීමට හැකි වන බව දැනීම අතීශය සතුට ට හේතුවක් බව හැඟේ.සංවර්ධනය කරණලද උපකරණය තුළරාත්‍රී  අහසේ සුන්දරත්වය  අත් විඳිමින්  පෘතුවිය ,සූර්යයා , හා වන්ද්‍රයා ගේ පිහිටීම මත වෙනස් වන සඳෙහි විවධ හැඩ හඳුනා ගැනීමටත් , එයට හේතු ගවේෂණය කිරීමටත් , සඳෙහි විවිධ හැඩ නම් කිරීමටත් හැකි වන ලෙස නිර්මානය කර අති අතර  5 වන ශ්‍රේණියේ සිසුන්ට ප්‍රීතිමත් අත්දැකීමක් වන බව මගේ හැඟීමයි.



 

 

 

  . තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය ඇගයීමට



ස්වයං ඉගෙනුම් කට්ටලය නිර්මාණය කිරීමෙන් අනතුරුව එය  සන්ධර්භය තුළ ක්‍රියාත්මක කර  එහි තත්ත්වය ඇගයීමකට ලක්කිරීමේ අවසන් අදියර ඉතාමත් අභියෝගාත්මක බව මට හැඟුනේ  පවත්නා වසංගත තත්වය හමුවේ ගුරු අධ්‍යාපනඥයෙකු ලෙස මගේ වගකීම් සහගත බව පසක් කරලමිනි. ඒ අතරේ සකස් කරන ලද උපකරණයේ ක්‍රියාකරීක්වය පිළිබඳ සොයා බැලීමේදී මෘදුකාංග ක්‍රියාකාරීත්වය  පිලිබඳ ගැටලු පැවතියෙන් නැවත සංවර්ධනය කර ක්‍රියාත්මක  කිරීමට ද සිදුවිම නිසා ටෙල් ඉගෙනුම් ද්‍රවය  තවදුරටත් වැඩි දියුණු වි ඇති බව හැඟේ.ඇගයිම සිදු කිරිම සඳහා දත්ත   එක් රැස් කිරීමේ  උපකරණ සංවර්ධනය සිසුන් දෙමාපියන්  හා ගුරුවරුන්  වෙත වෙන වෙනම ප්‍රශ්නාවලිය ඉදිරිපත් කල යුතු බව හැගුණි.(ඇමිණුම 01) ඒ අනුව දිනපාසල් සැසියෙදි සකස්කරන ලද ඇගයීම් සැලසුම(ඇමිණුම 02) ක්‍රියාත්මක කිරිම පිළිබඳ තවදුරටත් සිතා බැලිය යුතු බව මට හැගිණි. ඒ සමගම අදාල ශිෂ්‍ය කණ්ඩායම සම්බන්ධ කර ගැනිමඇගයීම සිදුකරගැනිම පිළිබඳ 5 වන ශ්‍රේණියේ සිසුන් සහභාගීකර ගැනීම ආදී කරුණු පිළිබඳ ගුරුභවතුන් සමග සාකච්ඡා කිරීමේදී එකම පාසලකින් සිසුන් තෝරා ගන්නවා වෙනුවට නාගරික හා ග්‍රාමිය පරිසර නියෝජනය වන ලෙස සිසුන් තෝරාගැනිම උචිත  බව හැගුණි.මුහුණට මුහුණලා අදාල ක්‍රියාත්මක කිරීම සිදු කිරිමට ඇති බාධාව නිසාම මේ සම්බන්ධ නිරීක්ෂණ සිදුකරගැනිම දෙමාපියන් හා ගුරු භවතුන් හරහා සිදු කර ගැනිම වඩාත් උචිත බව සිතුණි.ඒ අනුව  මෙම ක්‍රියාකාරකමේ අවශ්‍යතාවය හාවැදගත් කම පිලිබඳ දෙමාපියන් දැනුවත් කර ක්‍රියාත්මක ක්‍රමවේදය සැලසුම් කරගැනිම zoom තාක්ෂණය  ඔස්සේ සිදු කර ගැනීමට හැකිවිම (ඇමිණුම 03)සතුටට කරුණක් බව සිතුණි. දෙමාපියන් , සිසුන් සඳහා උචිත වන ආකාරයේ ප්‍රශ්නාවලියක් සකස් කර  දත්ත ලබා ගැනීම ගූගල් තාක්ෂණය  භාවිතා කිරීම මගින් සිදු කර ගැනිම වඩාත් පහසුබව පෙනුණු බැවින් එසේ ක්‍රියාත්මක විය.අදාල ක්‍රියාත්මක කිරීමෙන් පසු අදාල සඹැඳිය හරහා දත්ත ලබා ගැනිම හා විශ්ලේෂණය ඉතා සාර්ථක ලෙස සිදු කර ගැනිමට හැකීවිය. පවත්නා වාතාවරණය යටතේ 5 වන ශ්‍රේණියේ එක් සිසුවෙක් මගින් අදාල ක්‍රියාත්මක කිරිම සිදුකිරිම සිදුකර  එහි නිරක්ෂණ මවිසින් ලබා ගැනීමට කටයුතු කිරිම මගන් තවදුරටත් නිවරදිම තොරතුර ලබා ගැනීමට හැකි වේ යයි මට සිතුණි.

ක්‍රියාත්මක කිරිමෙන් පසු දත්ත විශ්ලෙෂණය කිරීමේදී උපකරණයේ සාර්ථක බව පිලිබඳ සතුටක් දැනුණි.එසේම තව දුරටත් සංවර්ධනය විය යුතු අංශ ඇති බව මගේ නිරීක්ෂණයෙන් හා දත්ත විශ්ලේෂණයෙන් පසක්විය.විශේෂයෙන් ජලතරණ ව්‍යුහය තව දුරටත් සංවර්ධනය කළ යුතු බවත් ප්‍රාථමික සිසුන්ට   වඩාත් ගැළපෙන උපදෙස් සැලසුමක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද හැඟිණි.සිසුන් මෙවැනි උපකරණ මගින් ඉගෙනිමට කැමති බැවින් තව දුරටත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ වැදගත් කම  දැනෙන්නට විය.ඒ අනුව ගුරු අධ්‍යපනඥයෙකු ලෙස මගේ වගකීම මෙවැනි උපකරණ තව දුරටත් සංවර්ධනය කිරීම හා එසේ කිරීමට ගුරු භවතුන් ට මග පෙන්වීම බව හැඟේ. අප විසින් දැන සිටී STP 9542 පාඨමාලාවවේ  එක් එක් ඉගෙනුම් ඵල  අත්කර ගැනිමත් සමගම හැඟෙන්නට විය. 


 


තාක්ෂණනේ හෙබි ඉගෙනුම් ද්‍රවය ක්‍රියාත්මක කිරීම

අගැයීම  පිළිබඳ  සැලසුම

 



































No comments:

Post a Comment

අවසන් ප්‍රත්‍යාෙව්ක්ෂණය

  ගුරු  අධ්‍යාපනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි වැඩ සටහන. අවසන්   ප්‍රත්‍යාෙව්ක්ෂණය              වෘත්තිය සංවර්ධනය පිළිබඳ දැඩි උවමනාව නිසාම අධ්‍ය...