Wednesday, August 10, 2022

අවසන් ප්‍රත්‍යාෙව්ක්ෂණය

 ගුරු  අධ්‍යාපනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි වැඩ සටහන.

අවසන්   ප්‍රත්‍යාෙව්ක්ෂණය

 

          වෘත්තිය සංවර්ධනය පිළිබඳ දැඩි උවමනාව නිසාම අධ්‍යපනය සම්බන්ධ පශ්චාත් උපාධියක් හැදෑරීමේ  අවශ්‍යතාවය මත පුවත් පත් දැන්වීමක් ඇසුරින් මෙම වැඩසටහන සඳහා අයදුම් කරන්නේ   බොහෝ අපේක්ෂා පෙරදෑරිවය .වැඩසටහන හා සම්බන්ධ වීමට විවෘත විශ්ව විද්‍යාලය් අනුරාධපුර ප්‍රාදේශිය මධ්‍යස්ථානයට සම්බන්ධ වන්නේ ගොස් ලියා පදිංචි  වීමෙන් අනතුරුව  වැඩසහෙන ආරම්භ වන තුරු ඉතාමත් අපේක්ෂා  සහිතව මා බලා සිටින්නේ  පවතින කාර්ය බහුලත්වය මත වුව ද ශක්ති ප්‍රමාණයෙන් ඉතා හොඳින් අධ්‍යනයන් සිදු කිරීමට ය.2021 මාර්තු මාසය වන විට වැඩසටහනේ මූලික දිශාභිමුඛ කිරීම මාර්ග ක්‍රම සමගම උපාධිවැඩසටහන ආරම්භ වීම සතුටට කරුණක් විය.

පැවති වසංගතමය තත්වයන් හමුවේ පාඨමාලාව මාර්ග ගත ක්‍රමවේදය මගින් ක්‍රියාත්මක වීම වැඩිහිටියෙකු වූ මට නව අත්දැකීමක් වූයේ එම භාවිතාවන් පිළිබඳ ඇති අවම  අවබෝධය වුවද  ක්‍රමයෙන් මා එයට නැඹුරු වන්නේ මෙම උපාධි වැඩ සටහන ට එය අත්‍යවශ්‍ය අංගයක්වූ නිසාම බව හැඟේ.ඒ තුළ ක්‍රියාත්මකවූ මාර්ග ගත ඉගෙනුම් ක්‍රමවේදයන් , ඉගෙනුම් පරිසරය භාවිතාව ඉතාම විශිෂ්ට බව පැවසිය යුතු වන්නේ ඒ පිළිබඳ මා ක්‍රම ක්‍රමයෙන් ගොඩ නගා ගත් පරිචයන් තවදුරටත් මගේ වෘත්තීය ජීවිතයේ ඉදිරිය පිළිබඳ ආලෝකයක් සපයන බව දැනුණු නිසාවෙනි.21 වන සියවසට උචිත ගුරු අධ්‍යපනඥයකු ලෙස මේ වන විට තාක්ෂණය භාවිතයෙන් ඉදිරියෙන් ම සිටීම, මගේ ගුරු සිසුන්ට ස්වකීය වාත්තීය කුසලතා සංවර්ධනය කර ගැනීමට මා කදිම ආදර්ශනයක් වි ඇති බවට නිදසුනක් සපයන බව මා  කෙරෙහිම විශ්වාසයක් ඇති කරමිණි.එමආත්ම විශ්වාසය මා තුළ විශ්වාසයෙන් ගොඩ නැගෙන්නේ මෙම සම්මිශ්‍රිත ඉගෙනුම් ක්‍රමවේදයේ සාර්ථකත්වය නිසා බව හැඟේ.මෙම ක්‍රමවේදයන් ලංකාවේ ගුරු අධ්‍යපනයට කඩිනමින් ආදේශ කිරීම සිදු විය යුතු බව මගේ විශ්වාසයයි.

ස්වයං ඉගෙනුම  ලාංකේය ඉගෙනුම් සන්ධර්භයේ අප බොහෝ දුරට ඉතා අඩුවෙන් අත්දකින කාරණාවක් ලෙස මගේ වෘත්තීය අත්දැකීම් සාක්ෂි දරණ බව හැඟේ. එ‍හෙත් මෙම පාඨමාලාවේ ඉගෙනුම් මාර්ගෝපදේශ  හා අධ්‍යයන කාලසටහන  භාවිතයෙන් ඉගෙනුමේ එක් එක් අදියරයන් කරා යොමුකරමින් අංග සම්පුර්ණ ඉගෙන්මක් කරා පියවරෙන් පියවරට  නිරායාසයෙන් යොමු කරන ලද බවක් හැඟණි. ඉගෙනුම් මාර්ගොපදේශ පරිහරණය කරමින් එක් එක්  ඉගෙනුම් ක්‍රියාකාරකමට අදාල ඉගෙනුම් අත්දැකීම ලබා ගැනීමට යොමු කිරිම ගුරුවරයෙක් ළඟ සිටිමින් ලබන මග පෙන්වීමටත් වඩා සාර්ථක වන්නේ නිදහස් මානසික වාතාවරණය ක් ඉගැන්වීම් කාලය සඳහා වෙන්කර ගතහැකි වීම නිසා බව හැඟණි. කෙසේ වුව ද එම ඉගැන්වීම් මාර්ගොපදේශ නිවැරදිව සැකසීම .තුළ ගුරු අධ්‍යාපනඥයකු ලෙස  මා වටහා ගත් වැදගත් කාරණාව වන්නේ  මගපෙන්වීම සැලසුමක් සහිතව නිවැරදිව සැලසුම් කිරිම ඉගැන්වීම පහසු කරණ අතරම ඉගෙනීමද කාර්යක්ෂම ව හා ඵලදායිව සිදු කර ගැනීම මග පෑදේන බවයි.

පළමු සමාසිකය සඳහා යොමු  වීමෙදි මා තුළ ප්‍රබල තිගැස්මක්  ඇති කිරීමට  හේතු වූයේ පාඨමාලා ද්‍රව්‍ය සියල්ල බොහෝ දුරට ඉංග්‍රිසි භාෂාවෙන් වන බව දැන ගැනීමයි. එහෙත්ැම අභියෝගය මා මේ වන විට  ජයාගන ඇත්තේ ඉංග්‍රිසි බසින්  කියවා අවබොධ කර ගැනීම හැකියාව මා ලබා ඇත්තේ ද කෙසේ හෝ ඉගෙනුම මා ලැබිය යුතු බව  ස්ථිර අධිටනක් මා තුළ ඇති කිරීම මෙම පාඨමාලාව සමත් වී  ඇති නිසාමය ඇතැම් ගැඹුරු භාෂා භාවිතයන් Google  තාක්ෂණය ඔස්සේ පිවතනය කරමින් කියවීමටද මේ වන විට හැකියාව හැකියාව ලබා ඇති හෙයින් භාෂා භාවිතය මේවන විට මට ගැටලුවක් නොවන බව හැඟෙන්නේ මෙම උපාධි වැඩසහන තුළ මා ලද සුවිශේෂ ජයක්බවට එය සිහපත් කරවමිණි.

මෙම නව ඉගෙනුම් ක්‍රමය තුළ එක් එක් පාඨමාලාවන් සඳහා වෙන් කරණලද දින පාසල් වැඩසහන් ඉතාම සැලසුම් සහගත බවක් දැනුණි.එක්එක් ඉගෙනුම් ඵල කරා ගමන් කරවීමට අවශ්‍ය මග පෙන්වීම ,මාර්ගගත ඉගෙනුම් පරිසරය , ඉගෙනුම් මාර්ගෝපදේශ හා ඉගෙනුම් ක්‍රියාකාකම් අතර සම්බන්ධතාව මනා ලෙස පවත්වා ගැනීමට මහත් උපකාරවු බව හැඟේ.පැවති වසංගත තත්ත්වය හමුවේ අභිමුඛයේ සිට අවශ්‍ය මගපෙන්වීම සිදුකිරිමට නොහැකි වූව ද  ඒ හා සමාන මගපෙන්විමක් සෑම උපදේශකවරයෙකු ගෙන්ම ලැබීමට හැකිවීම මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට හැකිවීමට  බලපාන ලද කුණක් සේ හැඟේ.දින පාසල් තුළ ක්‍රියාත්මක වූ සැම සාකච්ඡාවක් ම ,ඉගෙනුම් ක්‍රියාකාරකමක් ම ඉදිරි ඉගෙනුම් ක්‍රියාකාරකමක් සඳහා ස්වයං තක්සේරුවක් මා පිළිබඳ  ම ඇතිවූ අතර මා විසින්  හඳුනාගනු ලැබූ මගේ දුර්වලතා අවම කර ගැනීමට ප්‍රතිපෝෂණාත්මක මග පෙන්වීමක් වු බව හැඟිණි.කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහා යොදාගත් Brake out rooms ක්‍රමය මුලින්ම මා විසින් හඳුනා ගනු ලැබූවේ මෙම වැඩසහනින් වන අතර ගුරු අධ්‍යපනඥයෙකු ලෙස මේ වන විටත් මෙම ක්‍රමය මගේ ඉගැන්වීම් අවස්ථා සඳහා මා යොදා ගන්නේ  එම අත්දැකීම මගේ ගුරු සිසුන් ද ක්‍රියාත්මක කිරීම් පිළිබඳ අත්දැකීම් ද සමගිනි.

සුතත්‍ය ඉගෙනුම් ක්‍රමවේදයක්  පිළිබඳ අත්දැකීමක් ද  පාඨමාලාවන් අන්තර්ගත වන්නේ සිද්ධි පාදක  ඉගෙනුම් අත්දැකීම් (SBL) බොහෝ දුරට ඉගෙනුම් ලාභින් ලෙස අපේ වෘත්තීය අත්දැකීම් හා බද්ද වෙමින් ඉගෙනුම ගවේශණයට ායොමු කරවූ බව හැඟේයි.ඉගෙනුම් සිද්ධින්හි STP  9540 හි ශ්‍රීමති , STP 9542 හි සුරේන් STP  9544 හි රෝයි ද සිල්වා යන චරිත ඉගනුම් අත්දැකීම් ගවේශණයෙදී වෙන කිසිවකු නොව අපම වන බව දැනෙන තරමට  මට සමීප වූ බව හැඟේ.

මෙතෙක් මා ඉගෙනීම සම්බන්ධයෙන්  හුරු වී සිටි හුදකලාවේ ඉගෙනීම වෙනුවට සහයෝගී ඉගෙනුම් ක්‍රමයක ඇති වාසි සහගත බව සැබවින් ම අත් වින්දේ මෙමපාධමාලාව තුළිනි.එකිනෙකා සමග තරඟකාරීව ඉගෙනුමට වඩාඉගෙනුම් අත්දැකඹ් බෙදා ගැනීම තුළ වඩාත් නිවැරදි දේ ඉගෙනුමට මෙන්ම වැරදි දේ නිවැරදි කරගැනීමට අවැසි මගපෙන්වීම  ද නොඅඩුව ම ලැබුණ බව හැඟේ.සාකච්ඡාව විවේචනය ,මග පෙන්වීම ,උදව් කිරීම,නිවැරදි කරීම, ගැටලු විසඳීම  වැනි  ඉගෙනීමට උසස් සහයෝගී  ගුණාංග  මගේ ඉගෙනුම් කෞෂල්‍යයන් වැඩි දියුණු කිරීමට සමත්වු බවක් හැඟේ.සමපදස්ථක්‍රියාකාරකම් වලදී  අන්‍ය අදහස් ඉවසීම,මතවාද සාකච්ඡා කීරීම , ඉදිපත් කීරීම වැනි ලක්ෂණයන් ගුරු අධ්‍යපනඥයන් ට උචිත සදාචාරාත්මක ලක්ෂණ අප තුළ නිරන්තරයෙන් බෙදා ගැනීමට ද හැකි වූ බව හැඟේ.විශේෂයෙන් ම අධ්‍යාපන ක්ෂෙත්‍රයේම  විවිධ වු වෘත්තීන් හි නියැලුණ ද එකිනෙකා අතරවූ  වෘත්තීය අත්දැකීම් සහයොගයෙන් බෙදා ගැනීමට ලැබීම ද ඉතා වටිනා අත්දැකීමක් බව හැඟේ.

 තාක්ෂණික භාවිතයන් පිළිබඳ අවබෝධ්‍යක් තිබූ මා හට විවෘත අධ්‍යපනික සම්පත්  (OER) භාවිතය පිළිබඳ ප්‍රථම වතාවට අත්දැකීම් එකතු වන්නේද මෙම වැඩසටහනින් බව හැඟේ. අධ්‍යයන මාර්ගෝපදේශ අනුව  සපයා ඇති ඉගෙනුම් සම්පත් පරිහරණය කිරීමේ දී මා විසින් අවබෝධ කරගත් වැදගත් කරුණක් වන්නේ පාඨමාලාවල ඉගෙනුම් ඵලකරා යාමට අවැසි වන  ලෙස ඉතා සීරුවෙන් සපයා ගන්නාබ ලද ඉතා වටිනා දේශිය හා විදේශීය අධ්‍යාපනික සම්පත් ප්‍රමාණයක්  මාර්ග ගත ඉගෙනුම් පරිසරය තුළ ගබඩා කර ඇති බවකි.ලොව පුරා ගුරු අධ්‍යපනඥයන් සංවර්ධනය කිරිමඋදෙසා විවිධ විශ්ව විද්‍යාල , අධ්‍යපනික ආයතන පරිහරණය කරන මෙම සම්පත්  භාවිතය කරා යොමු වීමම ඉතා  වැඩ සටහනේ ගුණාත්මක අගය වැඩි කරවන අතර පාඨමාලා ලාභීන් ලෙස අපගේ වෘත්තිමය ගුණාංග ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය  කර ගැනීම අවස්ථා සපයන්නක් බව මට වැටහිණි. අත්‍යවශ්‍ය කියවීම්  අමතර කියවීම් ලෙස සපයා තිබූ ,පොත්,සඟරා,විවිධ ලිපි,වෙබ් අඩවි.හා වීඩියෝ  ලෙස මෙම විවෘත අධ්‍යපනික සම්පත් භාවිතයෙන් ඉතා ඉහළින් ඉගෙනුම සංවර්ධනය කර ගැනීමට මට  මට අවස්ථා සැපයූ බව සිහිවේ. මෙම ඉගෙනුම් සම්පත් වලට අමතරව වෙනත්  OER භාවිතයේ දී  සැලකිළිමත් විය යුතු කරුණු ලෙස විවෘත බලපත් සහිත බව හා රහිත බව පිළිබඳ සැළකිළිමත් වීම ආදී ගුණාංග සහිත අන්තර්ජාල භාවිතය පිලිබඳ සදාචාරාත්මක සාක්ෂතාවය ද මෙම පාඨමාලව තුළ මා ලද ඉගෙනුම් අත්දැකීම් ලෙස හැඟේ.

මාර්ග ගත ඉගනුම් පරිසරයක් (OLE) පළමු අත්දැකීම මා ලබන්නේ මෙම උපාධි වැඩසටහන තුළිණි.එබැවින් එය හසුරුවා ගැනීම පිළිබඳ සිතීම පවා අභියෝගාත්මක වන්නේ පරිගණක භාවිතය පිළිබඳ මගේ අවම අවබෝධය නිසා යයි හැඟේ.එසේ වුව ද ක්‍රමාණුකූලව යොමු වීමසහ සමපදස්ථ සහයෝගය මත මෙහි බොහෝ දේ  අධ්‍යනය කරමින් භාවිතා කර ගැනීමට අවැසි හැකියාව මා තුළ දැන් ඇත.මාර්ග ගත සාකච්ඡා සංසදයේ අදහස්බෙදා ගැනීම, ප්‍රත්‍යවේක්ෂණ ජර්නළය යාවත්කාහිරලින කිරිම,කුඩා පරිමාණ ව්‍යපෘති උඩුගත කිරීම, OER  බා ගත කර ගැනිම හා අවශ්‍ය පරිදි පරිවර්තනය කර ගැනිම  ආදි දේ කිරිම මගින් අවැසි අත්දැකිම බෙදා ගැනිමටද හැකියාව මෙම වැඩසටහන තුළින් මට ලැබුණ බව හැඟේ.

ලිවිම සම්බන්ධ හැකියාවන්  වර්ධනය කරගැනිම හැකි වීම මෙම පාඨමාලාව තුළ  මා ලද තවත්  සුවිශේෂි  හැකියාවක් යයි හැඟේ.නිබන්ධනයක් ලෙස නොව බොහෝ කුඩා  පරිමාණ ව්‍යාපෘති පරයේෂණ වා්තාවක් ලෙසින් ම ඉදිරිපත්  කිරිම සිදු වූ  නිසා එවැනි වාර්තාවක තිබිය යුතු මට්ටමේ ලේඛන ශෛලීන් මා විසින් ද අනුගමනය කිරීමට යොමු වූ බව හැඟේ.දෝෂ අවම කරගනිමින් ඉතා හොඳ මට්ටමේ වාර්තාවක් ලිවීම සම්බන්ධ හැකියාව මේ වන විට මා අතපත් කරගත්තේ  පාඨමාලා උපදේශක වරුන්ගේ නිරන්තර මග පෙනවීම නිසා වෙනි.නිරික්ෂණ ෂෙඩුලයක් සකස් කර ගැනීම  ,ප්‍රශ්නාවලියක්සකස් කර ගැනිම. ව්‍යපෘති සැලසුම්,ක්‍රියාකාරි  සැලසුම් ලිවීම ,ප්‍රත්‍යෙවෙක්ෂණ වාර්තා, ඇගයිම් උපකරන සකස් කිරිම පිළිබඳ හැකියාව මේවන විටම මවිසින් ලබා ගෙන ඇත්තේ ගුරු අධ්‍යාපනඥයෙකු ලෙස මගේ වෘත්තිය භුමිකාව වඩාත් ක්‍රමාණුකූල හැඩගැස්වීමකට ලක් කරමින් බව හැඟේ. සියලුම ඉගෙනුම් අත්දැකීම් වල මාලද කුසලතාවයන් හා හැකියාවන් Power point  මගින් ඉදිපත්කිරිම පිළිබඳ  මෙම අත්දැකීම මා ලබා ගන්නේද පළමු වරට මෙම පාඨමාලාව තුළින් යයි හැඟේ.එක් එක් පාඨමාලාව තුළ ලද ඉගෙනුම්  අතදැකීම් මනා ලෙස පෙළ ගස්වමින් හා හසුරුවා ගනිමින් ඉදිපත්කිිම නිවැදිව  සකස්ක ගැනිම ද ඉදිරිපත් කිරීමේ කුසලතා පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින් ඉදිරිපත් හැකියාව සංවර්ධනය කර ගැනීමේ හැකියාවත්  මෙම උපාධිවැඩ සටහන මගින් ලබා ගැනිම හැකිවු බව හැඟේ.

සමස්ථ  වැඩ සටහන  තුළම ගුරු අධ්‍යපනඥයකු ලෙස මා ලැබු පරිපූර්ණ අත්දැකිම් සමුදාය ගුරු සිසුන්ගේ සංවර්ධනය උදෙසා කටයුතු  කිරීමට මට හැකියාව ලැබෙනු ඇත.ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ වැඩිහිටි සිසුන්ගේ ඉගනුම් ශෛලින් හා ඉගෙනුමට බලපාන බාහිර හා අභයන්තර සාධක කෙරෙහි සැළකිළිමත් වෙමින් අවශ්‍ය මාර්ගෝප ලබාදිම තුළ වෙනදාට වඩා මා සාර්ථක වනු ඇතැයි හැඟේනනේ ඒ පිලිබඳ විධිමත් න්‍යායාත්මක අවබෝධය මා ලැබූ නිසාවෙන් යයි හැඟේ.ඉගනුම් ක්‍රම ශිල්ප  තක්සේරු කිරිම හා ප්‍රතිපෝෂණ සැපයීම  පිළිබඳ මෙම පාඨමාලාව තුළ මා ලැබු අවබොධය වැඩිහිටි සිසුන්ගේ  ඉගනුම් කාර්යක්ෂමතාව වර්ධනය කෙරෙනු ඇත. විෂයමාලා සංවර්ධකයෙකු ලෙස විෂහමාලා න්‍යායන් ආකෘති හා ප්‍රෙව්ශ්‍යන් සහිතව මා ලැබූ අත්දැකිම ඉගෙනුම් ගෙැන්වීම් ක්‍රියාවලිය තුළ හරවත් භාවිතාවක් සඳහා  ද , තගුරු අධ්‍යපනඥයෙකුසතුවිය යුතු තාක්ෂණික කුසලතාවයන්හ ි කූටප්‍රාප්තියක් ලෙස තාක්ෂණයෙන්  හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය සකස් කිරීම අධ්‍යපන සන්ධරභය තුළ පැන නැගෙන ගැටළු විසඳීම ඇවසි  ඛළමානාකරණ ගුණාංග සහ වෘත්තීය භාවයෙන්  යුතු ගුු අධ්‍යපනඥයෙකු ලෙස හා පර්යේෂණාත්මක අත්හදා බැලීම් වලින් අධ්‍යාපන ක්ෂේත්‍රය උදෙසා ක්‍රියාත්මක වන පර්යේෂයෙකු ලෙස  මෙම උපාධි වැඩසටහන තුළ මනා පිටුවහලත් වූ බව හැඟේ.

No comments:

Post a Comment

අවසන් ප්‍රත්‍යාෙව්ක්ෂණය

  ගුරු  අධ්‍යාපනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි වැඩ සටහන. අවසන්   ප්‍රත්‍යාෙව්ක්ෂණය              වෘත්තිය සංවර්ධනය පිළිබඳ දැඩි උවමනාව නිසාම අධ්‍ය...