Wednesday, August 10, 2022

මා පිළිබඳ............

 මා  පිළිබඳ............


මම දිල්රුක්ෂි කුරේ .අනුරාධපුර අධ්‍යපන කලාපයේ මධයම නුවර ගම් පළාත අධ්‍යාපන කොට්ඨාසයේ  ප්‍රාථමික අධ්‍යාපනය විෂය සම්බන්ධ ගුරු උපදේශකවරියක ලෙස සේවය කරන මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රෙව්දී උපාධිය සම්පූර්ණ කර ඇති අතර ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් පශ්චාද් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කරනු ලැබිය.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ගුරු අධ්‍යපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සමග සම්බන්ධ වීමෙන් ගුරු අධ්‍යාපනඥවරියක ලෙස මගේ වෘත්තීය පරිචයන් වැඩි දියුණු කර ගන්නා අතරම ගුරු සිසුන් වඩාත් අර්ථවත් වූ උපදේශාත්මක සේවාවක් ලබා දෙමින් අධ්‍යපන ක්ෂේත්‍රයේ විවිධ අවශ්‍යතාවයනට  ගැළපෙන ලෙස කටයුතු කිරීමට හා  වැඩි දියුණු කිරීම් සඳහා  මගේ දායකත්වය ලබාදීම අපේක්ෂා කරන්නෙමි.මෙම උපාධි වැඩසටහනේ එක් එක් පාඨමාලාවල අදාල ඉගෙනුම් ඵල  කරා ළඟා විම සදහා විවිධ වු ඉගෙනුම් ක්‍රියාකාරකම්වල නිරතවිම ගුරු අධ්‍යපනඥවරියක ලෙස සංවර්ධනය වීම සදහා ඇතිකරන ලද බලපැම සාක්ෂ සහිතව කාර්ය සාධන ගොනුවක් ලෙස මෙසේ ඉදිරි කරමි.

 

No comments:

Post a Comment

අවසන් ප්‍රත්‍යාෙව්ක්ෂණය

  ගුරු  අධ්‍යාපනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි වැඩ සටහන. අවසන්   ප්‍රත්‍යාෙව්ක්ෂණය              වෘත්තිය සංවර්ධනය පිළිබඳ දැඩි උවමනාව නිසාම අධ්‍ය...