Wednesday, August 10, 2022

STP 9544

 STP 9544 ගුරු අධ්‍යාපනඥයා කළමණාකරුවෙකු ලෙස


ඉගෙනුම් ඵලය 01.

 

අධ්‍යාපන ආයතනයක් තුළ පැන නගින ගැටලු  හදුනා ගැනීම. ඒවට විසඳුම් සෙවීම හා යෝග්‍ය තීරණ වලට එළඹීම.

 

STP 9544 පාඨමාලාවේ  මූලික මග  පෙන්වීම  පළමු දින පාසල 20220 01 09 ඒ අනුව එහි අධ්‍යන මාර්ගෝපදේශ කියවා බැලීමේදී පළමු ඉගෙනුම් සිද්ධිමාලාවත් මෙම පාඨමාලාවත් කෙසේ නම් සම්බන්ධ වන්නේ ද යන්න ස්ථිර අදහසක් මා හැඟිමක් මා තුළ නොවි ය.පළමු දින පාසල තුල සිදුවූ මූලික සාකච්චාවත් සමපදස්ථ  සාකච්චාවත්  මගින් එම  තත්ත්වය පහව ගොස් ඕනෑම ආයතනයක් තුළ ගැටලු ඇතිවිය හැකි බවත්  , ඒ සඳහා විසඳුම් සෙවීම හා තීරණ ගැණිම පිළිබඳ කළමනාකරුවෙකු  , නායකයෙකු ලෙස කටයුතු කලයුතු බවත් අදහසක් ඇති විය.එසේම  ගුරු අධ්‍යපනඥයා කලමණාකරුවෙකු ලෙස අධ්‍යපන  ආයතනයක් තුළ ඇතිවිය හැකි ගැටලු හමුවේ විසඳුම් සෙවීම හා තීරණ ගැනීම සම්බන්ධයෙන් කුසලතා සංවර්ධනය කර ගැනීමේ වැදගත් කමක් ඇති බව ද වැටහිණි ( ඇමිණුම 01)

පාඨමාලාවට අදාල  පළමු කුඩා පරිමාණ ව්‍යාපෘතියේ පලමු කොටසට අදාලව ඉගෙන්ම් සිද්ධිමාලාව තව දුරටත් අධ්‍යනය කිරීමේදී  හා අත්‍යවශ්‍ය කියවීම් මගින් පැහැදිලි වූයේ නායකත්වයේ ගුණාංග අයාතනයක දියුණුවට හෝ  පරිහානියට හේතුවන  බවකි.(ඇමිණුම 02) නායකයකු ලෙස කටයුතු කරන්නා සිය භූමිකාව තුළ ගැටළු විසඳීම හා තීරණ  ගැනීමේදී පිළිගත් කළමනාකරණ මූලධර්ම හා යමින් හා ආයතනයේ සියලු අංශ සමග සාකච්ඡා කරමින්  ප්‍රජාතන්ත්‍රීය රාමුවක් තුළ පිළිගත් නායකත්ව ශෛලීන් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.මෙය අධ්‍යාපනික ක්ෂේත්‍රය තුළ නායකයෙකු ලෙස කටයුතු කිරිමට මටද  වැදගත්වන බවක් හැඟී යමින් තිබිණි. එබැවින්  මෙම පාඨමාලාව  මගේ ප්‍රායෝගීක වෘත්තීය ක්‍රියාකාරකම් සඳහා මහත්  ශක්තියක් ලැබෙන බව දැනිණි.එසේම කුඩා පරිමාණ ව්‍යපෘතියේ  විශ්ව විද්‍යාලයට මුහුණ දෙන ගැටලු සඳහා පාඨමාලා සම්බන්ධීකාරවරයෙකු ලෙස සිතමින් පාඨමාලාවේ ගුණාත්මක බව සුරැකෙන පරිදි සියලු පාර්ශවයන් ට සාධාරණ වන ආකාරයට වැඩසටහන් සැලසුම් සකස් කිරීම පිළිබඳ මා යොමුවීම අදාල ගැටළුව .තුළ මා ජීවත් වෙමින් එයට පිළියම් සෙවීමට මා සතු කුසලතාවයන් මතු කර ගත් අවස්ථාවක් ලෙස හැඟී යයි.

කුඩා පරිමාණ ව්‍යපෘතියේ දෙවන කොටස විෂයමාලාවක් හඳුන්වා දීමේදී  මා සැබවින්ම මුහුණ දුන් සිදුවීමක් ගුරු අධ්‍යපනඥයකු ලෙසින් කළමණාකරණය කරගැණීම ඉදිරපත් කිරීමට හැකි වීම සතුටට කරුණකි.මා විසින් අනුගමනය කරනුලැබූ ක්‍රමවෙදය න්‍යයාත්මක පදනමක් සහිත නායකත්ව භුමිකාවක් නොවුවද ගැටළුව සඳහා කළමණාකරණ මූල දර්ම මත පිහිටා කටයුතු කළේ නම් හා තීරණ ගැනීම සිදු කළේනම් තව දුරටත් සාර්ධඛ වන්නට තිබූණු බවක් හැගුණි. කෙසේ වෙතත් මෙවැනි විෂය මාලා ආශ්‍රිත ගැටලුවකදී පවා පවත්නා තත්ත්වය මැනවින් විශ්ලේෂණයකට ලක් කර අවස්ථාවෝචිත හා වඩාත් ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමේ කුසලතාව මා වෙත ලැබුණ බවක් සිතේ.

 

ඇමිණුම 02 ඉගෙනුම් සිද්ධිමාලව පරිශිලනය

 

ඇමිණුම 03  ( විෂය මාලාවක වෙනස්කම් හඳුන්වා දීමේදී මතු වු ගැටලු විසඳා ගැනිම)

 

ඉගෙනුම් ඵල 02

 

කළමණාකරණ ක්‍රියාවලියට අදාල දැනුම හා කුසලතා භාවිතය.

ගුරුවරයෙකු ලෙස කළමණාකරණ සංකල්පය පිළිබඳ පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව තුළ කිසියම් අවබෝධයක් ලබා තිබුණ ද  විභාගය අවසන් වීමත් සහ ඒ සියලු කරුණු මතකයෙන් ගිළිහෙමින් තිබූණ බවක් හැඟුණි.එසේ වුවද ගුරුවරයෙකුට වුව ද අධ්‍යපන කළමණාකරණය පිළිබඳ දැනුම අවබෝධය කෙතරම් වැදගත් වේ ද යන හැඟීමක් ගුරු අධ්‍යපනඥයකු ලෙසට මා තුළ ඇති වන්නේ ඉතා විධිමත් ආකාරයෙන් කළමණාකරණ සංකල්පය අපගේ වෘත්තීය අභිලාෂයන් හා මුසු කිරීමට සමත් වු නිසාවෙනි. මෙම පාඨමාලාවේ  අන්තර්ගත හා ඉගෙනුම් ක්‍රමවේද න්‍යායාත්මක කරුණු රැසක් මතක තබා ගන්නවා වෙනුවට ප්‍රායෝගික ලෙස කළමණාකරණ ක්‍රියාවලිය අත්දැකීමටත් ගැටලු හඳුනාගෙන විසඳීමටත් අවශ්‍ය පරිචය  ගොඩනැගෙන ආකාරයට  සංවිධානය වීම අපගේ ඉගෙනුම් කෞෂල්‍යයන්  වැඩි දීයුණු වීමට හේතුවක් වූ බව හැඟේ.(ඇමිණුම 01)

අධ්‍යපන කළමණාකරණය යන්න කුමක්ද වටහා  ගනිමින් ගුරු අධ්‍යපනඥවරයෙකුට සිය වෘත්තීය කාර්යයන්ට අදාල කර ගැනීමට හැකි න්‍යායත්මක සහ ප්‍රායෝගික පසුබිම් මේ  තුළ අනාවරණය වූ බවක් හැඟේ.  ඒ සඳහා කළමණාකරණ ක්‍රියාවලියට අදාල සංකල්පමය භාවිතාවන්  හඳුනා ගැනීමටත් තාක්ෂණික උපක්‍රම මගින් කළමණාකරණ ක්‍රියාවලිය ශක්තිමත්ව අවබෝධ කර ගනිමින් ගුරු සිසුන්ට ද ඒ අවබෝධය ලබාදිමට හැකියාව  දින පාසලේ Answer garden ක්‍රියාකාරකම මගින්  ලබා ගත් බවක් හැඟිණි.(ඇමිණුම 02) කළමණාකරණයේ මූලික සිද්ධාන්තයන්  මගින් කිසියම් ආයතනයක් ස්වකිය අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා  කටයුතු කරන ආකරය හා විවිධ කළමණාකරණ ප්‍රවේශයන් ඔස්සේ හඳුනා ගැනිමටත් නායකත්ව ගුණාංග හා ශෛලීන් හා කළමනාකරණ භූමිකාවන් වල ස්වභාවයන් හදුනා ගනිමින් වඩාත් යහලත් කලමණාකරණ ගෛීන් හඳුනා ගනිමින් නායකයෙකු කළමණාකරුවෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය මගපෙන්වීම මෙම පාධමාලාව තුළින් ලැබුණ බවක් සිතේ.

 ලංකාවේ අධ්‍යපන ඉතිහාසය හා එහි  කළමණාකරන ස්වරූපය මෙන්ම එහි ව්‍යුහයේ වරින් වර සිදු වූ වෙනස් කම්  පිළිබඳ දැනුමත් , වර්තමාන අධයාපන  කළමණාකරන සංවිධාන ව්‍යුහයන්,ගැටළු හා ගැටළු ඇතිවීමට හේතු  පිළිබඳ අවබෝධයක් අත්‍යවශ්‍ය කියවීම් මගින් ලබා අවබෝධයක් ගැනීමට හැකි වීනි යයි සිතිණි.වර්තමාන අධ්‍යපන සන්ධර්භය තුළ නිරන්තර මතුවන සම්පත් හීඟය, සම්පත් අවභාවිතාව,දුර්වල සම්පත් කළමණාකරණය,තොරතුරු  පිළිබඳ ගැටලු, අධික්ෂණ  ගැටළු ආදිය මගින්  අධයපනයේ යහපාලනයට පැන නැගී ඇති බාධා හඳුනා ගැනීමටත් කළමණාකරුවෙකුගේ දෘෂ්ටි කෝණයෙන් ඒ දෙස බලමින් ගැටලුවලට පිළියම් යෙදීම පිළිබඳ චින්තනය මෙහෙයවීමට අදාලව කුසලතා අත්පත් කර ගැනීමටත් හැකි විණි යයි සිතේ. (ඇමිණුම 03)

ඇමිණුම 01

 

ඇමිණුම 02 කළමණාකරණ ක්‍රියාවලියඅදාල කුසලතා හඳුනා ගැනීම

 

ඇමිණුම 03


ඉගෙනුම් ඵලය 03

වෙනස්වීම සඳහා ඇති බලපෑම් හා වෙනස්කම් හඳුන්වා දීමට  හා ක්‍රියාත්මත කිරිමට අවශ්‍ය  කුසලතා භාවිතයට.

සමස්ථ වැඩ පරිසරය තුළ සිදුවන ඕනෑම විකල්පයක් වෙනසක් ලෙස හඳුනා ගැනීම සඳහා හැකියාව මවිසින් ලබන්නේ දෙවැනි දින පාසල තුළිණි .පවත්නා තත්වය සම්පුර්ණයෙන් හො කොටස් ලෙස වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ ආයතනයක සුමට ක්‍රියාකාරීත්වය සඳහා බාධා පමුණුවන  අවස්ථාවන්හි දි බව මා සතු අත්දැකීම් මගින් සනාථ වෙයි.වෙනසක් හඳුන්වා දීම පහසු ක්‍රියාවක් නොවන අතර ඒ පිළිබඳ දැඩි අවබෝධයකින් සහ සැලසුම් සහගතව සිදු කළ යුතු බව දින පාසල් සාකච්ඡාව තුළ මා විසින් තහවුරු කර ගත් බව හැඟේ.ඒ සඳහා ආකෘතික මගපෙන්වීමක් ලෙස හඳුනා ගත් කර්ට් ලෙවින්ගේ ආකෘතිය  වෙනසක් සමබ්න්ධයෙන් ආදේශ කිරීමේ දී  ඉතා නිවැරදි මගපෙන්වීමක් සිදු කරණබව  ඒ පිළිබඳ වැඩි දුර අධ්‍යනට සඳහා අන්තර්ජාලය පරිහරණයේදී මට වැටහිණි.(ඇමිණුම 01)

 

 

ආයතනයක් තුළ සිදුවිය  වෙනස් වීමක් හදුන්වා දීම සඳහාත්  එහිදි මතුවන ප්‍රතිරෝදයන් කළමණාකරණය කර ගැනිම  සඳහාත් වෙනස  හඳුන්වා දීමට සුදුසු පරිසරය සකස් කර ගැනීමත් කර ගැනිමටත් කළමණාකරණ ක්‍රියාවලිය පිළිබඳ නිපුණතාවයෙන් යුතු වීමේ වැදගත් කම මායා විද්‍යා පීඨයේ පරිචයන් පිළිබඳ ඉගෙනුම් සිද්ධිමාලාව කියවීමේදි  වැටහිණි.එසේම  කළමනාකරණ ක්‍රියාවලියේදී  වැදගත් අංගයක් වන අවශ්‍යතා විශ්ලේෂණය  කිරීම සඳහා අපේක්ෂිත අවස්ථාවන් මනා ලෙස සංවිධානය කරීමට හැකි වන බව ඒ පිලිබඳ අත්‍යවශ්‍ය කියවීම්  මගින් වැටහිණි.(අමිණුම්02 , 03)

 

            වෙනස් වීම සඳහා ප්‍රතිරෝධයන් එල්ල වීම සාමාන්‍ය කරුණක් ලෙස ද  එසේ ඇතිවීමට හේතු හඳුනා ගනිමින්  ඒ සඳහා මුහුණ දීමට අවශ්‍ය කළමණාකරණ ගුණාංග වර්ධනය කර ගැනීම වෙනස් වීම් කාරකයෙකු ලෙස මා විසින් වටහා ගත් වැදගත් ගුණාංගයක් ලෙස හැඟේ. වෙනස් වීමක් සිදු වන අවස්ථාවකදී  ඒ සඳහා අන්අය සම්බන්ධකර ගැනීමට අවශ්‍ය චරිත ලක්ෂණ අප තුළ වර්ධනය කර ගැනීමටත් අවශ්‍ය මග පෙන්විම මෙම පාඨමාලාව තුළින් ලබා ගැනීමට හැකිවූයේ   දින පාසල්  ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් බව  හැඟේ.(ඇමිණුම 04 ) .ගුරු අධ්‍යාපනඥයෙකු ලෙස අධ්‍යපන කළමණාකරණයේදි  තනි පුද්ගල , කණ්ඩායම් හා අයතන ගත වෙනස් වීම් හඳුන්වා දීම උදෙසා මෙම පාඨමාලවේ අත්දැකීම් ඉවහල් කර ගැනීමටත් සාර්ථක ලෙස වෙනස ස්ථාවර කිරීමට ඇවැසි ක්‍රමෝපායික කුසලතාවයන් හඳුනා ගැනීමටත් , ප්‍රායෝගික භාවිතාවන් සඳහා ඉවහල් කර ගන්නා අකාරය  පිළිබඳ  න්‍යායාත්මක අත්දැකීම් ලබා ගැනීමටත් පාඨමාලාව මගින් හැකි වු බව හැඟේ.

 

ඇමිණුම 01.

 https://www.managementstudyguide.com/kurt-lewins-change-management-model.htm

 

ඇමිණුම 02


අමිණුම03

https://docs.google.com/forms/d/1aDifO0fLNsUaphK3JoLvI1VZI11tTlH9GbMsottK3Ac/edit

 

ඇමිණුම 04


ඉගෙනුම් ඵලය 04

 

සමිප  පරිසරයේ ඇති පාරිසරික ගැටලු හඳුනා ගැනීමට හා එවා සඳහා වැඩි දියුණු කිරීම් යෝජනා කිරීමට

 

අධ්‍යපන ක්ෂේත්‍රය තුළ මතුවන  විවිධාකාරයේ  ගැටලු සහගත අවස්ථාවන් හමුවේ   වඩාත් අර්ථවත්ව  ඵළදායීව  හා  කාර්යක්ෂමව ගුණාත්මක නිමවුමක් කරා  හාමට ඇති අභියෝගාත්මක අවස්ථාවන්  දින පාසල් සැසියේ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් මගින් හඳුනා ගත හැකි විය. දක්ෂ කළමනාකාරුවෙකු නායකයෙකු ලෙස මෙම තත්වයන් සියුම් ලෙස හඳුනා ගැනීම,ඒ සඳහා විකල්ප අවස්ථාවන්  යෝජනා කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී  අනුගමනය කළ යුතු  කළමණාරණ මූල දර්මයන් පිළිබඳව ද  පැහැදළි අවබෝධයක් ඉගෙනුම් මාර්ගෝපදේශ මගින් ලබා ගැනීමට හැකි විය.(ඇමිණුම 01)

 

අධ්‍යපන කළමනාකරුවෙකු ලෙස අවට පරිසරයේ හඳුනාගතු ලබන කවරාකාරයේ  ගැටලුවක් සඳහා වුවද විසඳුම් යෝජනා කිරීමෙදි  වඩාත් උචිත ක්‍රම වේදයන් හඳුනා ගැනීමට නිවරදි තත්ත්ව විශ්ලේෂණයක් සිදු කිරීමේ වැදගත් කම මෙම දිනපාසල් සැසිය මගින් හඳුනා ගත හැකි වූ බව හැඟේ .තත්ව විශ්ලේෂණයක් සඳහා SWOT. ක්‍රමය යොද් ගත්තා බව දැන සිටියද  වෙන් වෙන් වශයෙන් ගෙන එක් එක් තත්වයන් මැනවින් වර්ගීකරණයකට ලක් කර ගැටලු සහගත අවස්ථාවට අදාල ව ශක්තීන් දුර්වලතා, අවස්ථා හා තර්ජන වශයෙන් වෙන් කර ගනිමින් විසඳුම් සඳහා ආදල තත්වයන් ආදේශ කර ගැනීමේ පරිචය මෙම පාඨමාලාව තුළ උකහා ගත් බවක්  දැනිණි.මේ සඳහා කුඩා පරිමාණ  ව්‍යපෘතිය 1 හා 2 ක්‍රියාකාරකම් අතීශයෙන් වැදගත් විය.(ඇමිණුම 020

 

එසේම පාඨමාලාව තුළ හඳුනා ගනු ලැබූ  නායකත්ව ගුණාංග , කළමනාකරණ ශෙලීන් අනුව යමින් ආයතනගත අරමුණු ශාක්ෂාත් කරගැනිම සඳහා  සැලසුම්  කිරිම, සංවිධානය කිරිම, මෙහෙයවිම , පාලනය කිරිම යන කළමණාකරන ක්‍රියාවලිය  හඳුනා ගනිමින්   ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් මගින් ඒ පිළිබඳ ක්‍රියාත්මක වන ආකරය  පිලිබඳ චින්තණය මෙහෙයවීමට අවස්ථාවක් ලැබීම අධ්‍යපන ක්ෂේත්‍රෙය් කළමණා කරුවෙකු ලෙස ඉදිරි අභියෝගයන්ට සාර්ථකව මුහුන දීමට අවැසි පරිචයන්ගෙන් සන්නද්ධ විමක් ලෙස හැඟේ.ගැටළුවකට පිළියම් සෙවීම සඳහා කළමණාකරුවෙකු ලෙස වෘත්තිමය විනිශ්චයන් තුළ පිහිටා කටයුතු කිරීමේ ප්‍රායෝගික කුසලතා රැසක් මා තුළ ස්ථාපනය වීමට  තුන්වන කුඩා පරිමාණ ව්‍යපෘතිය අතිශයෙන් වැදගත් වු බවක්  දැනේ.ගුරු අධ්‍යපනඥයෙකු කළමනාකරුවෙකු ලෙස ප්‍රජාතන්ත්‍රීය රාමුවක් තුළකටයුතු කරමින් මගපෙන්වීමේ දක්ෂතා ඇති කර ගැනීමට මෙම පාඨමාලාව තුළින් හැකි වු බව සිතේ.

ඇමිණුම 01)

 



















 

No comments:

Post a Comment

අවසන් ප්‍රත්‍යාෙව්ක්ෂණය

  ගුරු  අධ්‍යාපනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි වැඩ සටහන. අවසන්   ප්‍රත්‍යාෙව්ක්ෂණය              වෘත්තිය සංවර්ධනය පිළිබඳ දැඩි උවමනාව නිසාම අධ්‍ය...