Wednesday, August 10, 2022

STP 9545

 

STP 9545 ගුර අධ්‍යාපනඥයා පර්යේෂකයෙකු ලෙස

1.      අධ්‍යාපන  ක්ෂේත්‍රෙය් පර්යේෂණ කිරිමට සුදුසු ගැටළුවක් හදුනා ගැනීමට,

 දෙවැනි සමාසිකයේ මූලික දිශාභිමුඛ කිරීමෙන් පසුව මෙම පාඨමාලාවේ ඉගෙනුම් මාර්ගෝපදේශය අධ්‍යනය කිරීමෙන් පාඨමාලාවේ   ඉදිරි ස්වරූපය පිළිබඳ දළ වැටහීමක් ඇති වූ බව හැඟිණි.පළමු දින පාසල් සැසියෙදී ලැබුණු මාර්ගෝපදේශ  හා ඉගෙනුම් සිද්ධිමාලාවය අනුව පර්යේෂණයකට සුදුසු  මාතෘකාවක් හඳුනා ගැනීම සිදු කළ යුතු වූයෙන්   මගේ වෘත්තීය ක්ෂෙත්‍රයට අදාල වන  ලෙස මාතෘකාවක් තෝරා ගැනීමේ අවශ්‍යතාවය දැනුණු බව හැගිණි. එහෙත් පර්යේෂණ කාර්යයකට සුදුසු ගැටලු බොහෝ ප්‍රමාණයක් මා ඉදිරියෙහි වු බව හැඟුණ බැවින් සුදුසු මාතෘකාවක් පිළිබඳ නැවත නැවත සිතිමට සිදු විය.  නැවතත් ඉගෙන්‍රුම් සිද්ධිමාලාව පරිශිලනය කිරීමේදි හඳුනාගත් නිසාවෙන්ද  යල්පැනගිය ඉගැන්වීම් ක්‍රම වෙනුවට වඩාත් සුදුසු නව ඉගැන්වීම් ක්‍රමයක් පිළිබඳ ගුරු කුසලතා සංවර්ධනය කිරීම පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යනයක අවශයතාවය ද අවධාරනය කර තිබුණ හෙයින් ද   ඉගැන්වීම් ක්‍රමයකට අදාලව පර්යේෂණාත්මක අත්දැකිමක් ලබා ගැනීමේ අවශ්‍යතාවය  හා එහි වැදගත්කම වැටහෙමින් තිබිණි. (ඇමිණුම 01)

 පන්ති කාමරයේ අවශ්‍යතාවයක් ඇතිවිය.මර සියළුම සිසුන් එකම වයසක හා ශාරීරික වශයෙන් සමාන වර්ධනයක් පෙන්නුම් කළද පොදු ඉගැන්වීම් රටාව තුළ සාධන මට්ටම් වල අසමාන තා දැකිය හැකි වේ. සියලුම සිසුන් ඉහළ සාධන මට්ටම් කරා යොමු කිරිම සඳහා  ගුරුවරයා ට සහය වීමේ අවශ්‍යතාවයත් පදනම් කර ගනිමින් සෑම සිසුවෙකුගේම තනි අවශ්‍යතා  සපුරාලන අතර ම එක් පාඩමක් මුලු කණ්ඩායමකටම  ඉගැන්වීමක් බහු මට්ටමේ  ඉගැන්වීමකින් අපේක්ෂා කෙරේ. මෙම ක්‍රමවේදය ගුරවරුන්ට හඳුන්වා දෙමින් සිසුන්ගේ සාධන මට්ටම ඉහළ දැමිමට හැකි වේද යන්න සොයාබැලීම මා විසින් අපේක්ෂා කෙරිණි. ඒ තුළින් වඩාත් ගුණාත්මක ඉගෙනුමක් ලැබිමට සිසුන්ට ඇති අයිතිය තහවුරු වන අතරම සිසුන්ගේ ඉගෙනුම පිළිබඳ සක්‍රීය ලෙස දායක වෙමින්  තෘප්තිමත් ගුරු භුමිකාවක නියැලීමට ගුරුවරුන් ට අවකාශ සලසා ගැනීමට ද හැකි වෙතයි මා අපෙක්ෂා කළ බව සිතේ.ඒ අනුව බහුතල ඉගැන්වීමේ වැදගත්කම පිළිබඳ වැදගත්කම අධ්‍යනයය කිරීම මගේ පර්යේෂණ මාතෘකාව විය.(ඇමිණුම02)

පර්යේෂණ වර්ග පිළිබඳ හඳුනා ගැනීමටත් පර්යේෂණ මාතෘකාවක් විධිමත් ලෙස ඉදිරිපත් කිරීමටත් පර්යේෂණ අරමුණු නිවැරදි ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳ කුසලතාව එදින දින පාසල් සැසිය (2022 01 22)තුළ අවකාශ ලැබූණ බව සිහිවේ සමපදස්ථ කණ්ඩායම් සාකච්ඡාව  හා සාකච්ඡා මණ්ඩපය  අදහස් මගින් පර්යේෂණ මෘතාකාව විධිමත් ලෙස සකසා ගැනීමටත් පර්යේෂණ අරමුණු විධිමත් ලෙස පෙළගස්වා ගැනීමටත් හැකියාව ලැබුණු බවක් වැටහිණි.සාකච්ඡා මණ්ඩපයට අදාල මාතෘකාව ඉදිරිපත් කිරිම මගින් මාතෘකාවේ හරවත් බව විමසුමකට ලක් කර ගැනිමට උත්සහ දැරුව ද එය සාර්ථක නොවූ බවක් හැඟුණි.(ඇමිණුම 03/04)

ඇමිණුම 01 සිද්ධි මාලාව

 

( ඇමිණුම 02 බහුතලඉගැන්වීම් ක්‍රමවේදය)

 
ඇමිණුම 03 ( පළමු දිනපාසල් සහභාගීත්වය)

 

ඇමිණුම 



1.     1. අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පර්යේෂණ කිරිමට සුදුසු සිද්ධින්/ගැටලුවට අදාලව සම්ම්ත ක්‍රම ආශ්‍රෙයන් සාහිතය විමර්ශන සිදු කිරීමට.

පර්යේෂණ ක්‍රමවෙදය තුළ ම පර්යේෂණයට අදාලව ඇති සාහිත්‍යයන් පිළබඳ සොයා බැලීක් සිදු කෙරෙන බව පූර්වයෙන් මා දැන සිටිය ද ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් මා වෙත ලැබුණේ  මෙම පාඨමාලාව තුළින් බව සිතුණි. මා විසින් තෝරා ගන්නා ලද මාතෘකාව පර්යේෂණ සාහිත්‍ය තුළ කෙබඳු ලෙස සාකච්ඡාවට බඳුන්වී තිබේ ද  යන්න එමගින් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන බව දින පාසල් සාකච්ඡාව මගින් මා වටහා ගත් බවක්  හැඟිණි. එසේම අදාල සාහිත්‍ය විමර්ශණය සංකල්ය සිතියමක් මගින් සැලසුම් සහගතව ඉදිරිපත් කිරිම මගින් පර්යේෂකයෙකු ලෙස  ක්‍රමාණුකූල ව  කටයුතු  කිරීම මෙන්ම පර්යේෂණයට අදාල  සාහිත්‍යයේ  සියලු තැන් ස්පර්ශවනසේ ගවේශණය කිරීමටත් මා පෙළඹවූ බවක් හැඟේ.(ඇමිණුම 01)

විවිධ පර්යේෂකයන්  ලියන ලද  පර්යේෂණාත්මක කරුණු හා පොත පත පිළිබඳ අධ්‍යනය කිරීමට මවිසින් යොමු වන ලද අතර  පර්යේෂණයන්ට අදාලවන  සම්මත සාහිත්‍යය විමර්ශන ක්‍රමවේද අනුගමනය කිරීමට ද මට හැකි වූ බවක් දැනිණි . න්‍යායාත්මක හා ආණුභවික පදනම් අනුව ගවේශණාත්මක අධ්‍යනයක නිරත වු අතර ඒ පිළිබඳ තොරතුරු සොයා යාම අසීරු කරුණක් වුව ද ඊට අදාල පොත පත කියවීම මා ඉතා සතුටන් කරන ලද කාර්යයක් බව හැඟේ.ඒ තුළ මානසික පර්යේෂණ කාර්යය සඳහා මා පෙළඹවීමක් ඇති කිරීමට සමත් වූයේ පර්යේෂණ සාහිත්‍යය රසවත් දැනුම් මාධ්‍ය්‍යක් බව හැඟුණු නිසාවෙනි..

බහුතල ඉගැන්වීම් ක්‍රමය  පිළිබඳ දේශීය හා විදේශීය වශයෙන් ඉදිරපත් කර ඇතිපර්යේෂණ කෘති හඳුනා  ගැනිමට නොහැකි තරම් විය. ඒ අනුව බහුතල ඉගැන්වීම පිලිබඳ දේශීය පර්යේෂණ සාහිත්‍ය තුළ සාකච්ඡා  නොවීමත් සාහිත්‍ය විමර්ශණයේදී  මවිසින් හඳුනා ගනු ලැබු  වැදගත් කරුණුක් විය.

 එබැවින් එයට අදාල සාහිත්‍ය විමසීම  බහුතළ ඉගැන්වීම් ක්‍රම වෙදයේ විශේෂිත ලක්ෂණ පදනම්  කර ගනිමින්  එමගින් විමසීමකට ලක් කිරීම පිළිබඳ අවධානය යොමු කීරමට හැකි වූවායයි හැගේ.එහි ආනුභවික පදනම ඉගෙනුම්ඉගැන්වීම් ක්‍රමවෙද, ඉගනුම් දුෂ්කරතා පිළිබඳව කර ඇති අධ්‍යයන පදනම් කරගනිමින් සාහිත්‍ය විමර්ශනය සිදු කිරීමට හැකිවිණ.එසේම ඒ අනුව මා විසින්  තෝරාගත් ගැටලුවට අදාල වැදගත්කම සාහිත්‍ය  විමර්ශණය තුළින්අවබෝධකර ගැනීමතටත් එය තුළින්ම  ම පිළිබිඹු කිරීමටත් මට  හැකිවිණි යයි සිතිණි..(ඇමිණුම 02)

එසේ වුවද මේ සම්බන්ධ පොත පත සොයා යාමේ දී පවැති සමාජ හා දේශපාලන තත්වයන් මෙන්ම පරීශිලයටනයට ඇවැසි පොත පත සොය ගැනීමේදී ද  ගැටලු සහගත තත්ත්වයන් මතු වූ බවක් පෙනිණි. විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශිය මධ්‍යස්ථානයේ විශේෂයෙන්ම පර්යේෂණ ක්‍රම විද්‍යාවන්ට අදාල පොත  වැඩි වශයෙන් ඉංග්‍රිසි භාෂවෙන් ලියන ඒවා මෙන්ම ඉතාම පැරණි ඒවා විය.එසේම ප්‍රමාණවත් පරිදි හා අවශ්‍යතාවයන් පරිදි තෝරා ගැනීමට සුදුසු ලෙස පොත් පත් නොතිබූ  බවක් ද දැනුණි. කෙසේ වුවද වි.වි. අනුරාධපුර ප්‍රාදේශිය  මධ්‍යස්ථානයෙන් හා නාගරික පුස්තකාලය මගින් ද අන්තර්ජාලය හා විවෘත අධ්‍යපනික සම්පත් පරිහරණය මගින්   ගැටළුවට අදාල වැදගත් සාහිත්‍ය්‍යන් හඳුනා ගැනීමට හැකි වූ බවක් දැනිණි. එසේම ඒ පිළිබඳ අවශ්‍ය පරිදි වාර්තා තබා ගැනීමට ද හැකිවිය.  (ඇමිණුම 03)

ඇමිණුම 01


ඇමිණුම 02 



ඇමිණුම 03


03. හඳුනාගත් පර්යේෂණ ගැටලුව අධ්‍යනයට යෝග්‍ය පර්යේෂණ පිරි සැලසුම් හා  ක්‍රම  තෝරා ගැනිමට

 

 2022  දෙවැනි දින පාස‍ල ගැටලුව පර්යේෂණාත්මකව අධ්‍යයනය කිරීම සඳහා යෝග්‍ය පිරි සැලසුම් ක්‍රමය හඳුනා ගැනීම ට අදාල විය. එදිනපාසල සඳහා පූර්ව සූදානමක්මා තුළ නොවීම එදිනට අදාල ඉගෙනුම් කටයුතුවල නියැලීමට බාධාවක් සේ දැනිණි එබැවින් දිනපාසල් සඳහා පැමිණෙන විට අත්‍යවශ්‍ය කියවා ගැනීමේ වැදගත්කම වටහෙන්නට විය..පිරිසැලසුම සම්බන්ධ අතැම් උපදෙස් පැහැදිළි නොවුයෙන් තව දුරටත් ඒ පිළිබඳ අධ්‍යනය කිරීමේ අවශ්‍යතාවය දැනෙමින් තිබිණි. එ සේම ම විසින් තෝරාගත් පර්යේෂණ මාතෘකාව හා ගැටලුව සම්බන්ධ නිශ්චිත සැලසුමක් සකසා ගැනීම පිළිබඳ මා තුළ වූ අවබෝධය ඉතාම පටු බවක්  මවිසින් ම හඳුනා ගෙන තිබිණි. ඒ අනුව දින පාසල සම්බන්ධ පටිගත කරගත් දේශන නැවත නැවත ඇසීමට මට සිදු විය.එසේම අත්‍යවශ්‍ය කියවීම් පරිවර්තනය කර ගනිමින් නැවත නැවත කියවීම මගින් ද වෙනත් මාර්ගෝපදේශ අධ්‍යනය කිරිම මගින් ද මවිසින්  තෝරා ගත් මාතෘකාව  වෙන්ම පර්යේෂණ අරමුණු  ගුණාත්මක පර්යේෂණ ගණයට අයත් පර්යේෂණයක්  ලෙස පැහැදිළිව ම වෙන් කර ගැනීමට හැකියාව ලැබූණි.. (ඇමිණුම 01)

පර්යේෂණ පිරි සැලසුම් පිළිබඳ අවබෝධය යම් ප්‍රමාණයකට තහවුරු වීමත් සමගම  මගේ පර්යේෂණය  පිළිබඳ අවධානය යොමු කරමින් එහි පිරිසැලසුම පිළිබඳ තීරණය කළෙමි. ඒ අනුව ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයට අදාල කාර්යමුල පර්යේෂණයක් ලෙස  පර්යේෂණය  සිදුකිරීමට තිරණය කළ හැකිවිණි.විශේෂයෙන්ම පන්ති කාමර ඉගැන්වීම්  කටයුත්තක් සිදුකරණ බැවින්   එමගින් දිස්වන්නේද කාර්යමූල පරයේෂණක ලක්ෂණ  වන බව  මේ සමබන්ධ අදහස් දැක්වූ සමපදස්ථයන්ගේ ද මතය වූයේ ද කාර්යමූල පරයේෂණයක් ලෙස විය යුතුබවයි..කෙසේ වුවද  කාර්ය මූල පරයේෂණ සඳහා ද  මින්පෙර මා යොමු වී නොමැති වීම යම් තරමක අභියෝගාත්මක බවක්  ඇති කිරීමට සමත්වූ බවක් හැඟිණි. ඒ අනුව පර්යේෂණ  සම්බ්න්ධ පොත පත තව දුරටත් කියවීම පිළිබඳව    අවධානය යොමු වූ බවක් හැඟේ.

.(අමිණුම 02 )

             

             ඒ අනුව කාර්යමූලික පර්යේෂණ සම්බන්ධ වැඩි දුරු ගවේශණය කිරීමට මා යොමු වූ බවක් හැඟේ. කාර්යමූලික පර්යේෂයකට අදාල අකෘතික ලක්ෂණ පිළිබඳ මගේ අවධානය යොමු විය.කාර්යමූල පර්යේෂණ පිළිබඳ ප්‍රවීනයන් ලියන ලද පොත පත මෙන්ම විශ්ව විද්‍යාල, ජාතික අධ්‍යපන ආයතනය වැනි ආයතන මගින් ඉදිරිපත් කරන ලද  පොත පත අධ්‍යයනය කිරීම මගින් පර්යේෂණය සිදු කිරීමට අදාල පිරිසැලසුම සකස් කර ගැනීමට හැකි වූ බව සිතිණි. කාර්යමූලික පරයේෂණයට අනන්‍ය පිරිසැලසුම ඔස්සේ ක්‍රියාත්මක වීමට ඇවැසි කුසලතාවය මේ වන විට මා තුළින් මතුවන බව දැනෙමින් පැවතිණි. (ඇමිණුම 03,04)

 

ඇමිණුම 01 (දෙවන දින පාසල් සහභාගීත්වය.)

 


ඇමිණුම 02  පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ සොයා බැලීම



(අමිණුම03/04/)

ඇමිණුම 3,4 (කාර්ය මූලික පර්යේෂණ පිළිබඳ අධ්‍යනය කිරීම)





04.අධ්‍යයනය සඳහා විස්තරාත්මක කාර්යය සැලසුමක්  ඇතුළත්ව පර්යේෂණ යෝජනාවක්  සකස් කිරීම.

 

පර්යේෂණයක ඉතා වැදගත් කොටසක් වන පර්යේෂණ යෝජනාව  සකස් කිරීමට අදාල දැනුම මෙම පර්යේෂණය තුලින්  ප්‍රායෝගික ලෙස ලබා ගත්බවක් හැඟේ. දින පාසලෙදී දැනුවත් වූ ආකාරයට පරයේෂණයක ඉතා වැදගත් අංගයක් වන මෙය පර්යේෂණය සාර්ථක අසාර්ථක බව තීරණය කෙරෙන වැදගත් සාධකයක් බව වටහා ගන්නට හැකිවිය.  ඉතාම නිවරදි සම්මත ක්‍රමයන් අනුගමණය  කරණ අකාරය දිනපාසලේදී සමපදස්ථ ක්‍රියාකාරකම්   තුළින් හඳුනා ගැනීමට හැකි වූ නිසාවෙනි . එබැවින් එම ක්‍රම අනුගමනය කරමින් පර්යේෂණ වාර්තාව සකස් කිරීමේ අවශ්‍යතාවය මා තුළ ඇති වෙමින් තිබීණි. එබැවින් පර්යේෂණ වාර්තාවන් කියවා එවැනි විධිමත් පර්යේෂණ යෝජනා ලිවීම පිළිබඳ කුසලතා වැඩි දියුණු කර ගැනිමට . ඒ අනුව අධ්‍යපන අමාත්‍යංයේ පර්යේෂණ එක්කය විසින් පවත්වගෙන යනු ලබන අධ්‍යාපන පර්යාලොක නම් පර්යේෂණ වාර්තා එකතුව පරිශීලනය කරමින් කාර්යමූල පර්යේෂණ මෙන්ම  විවිධ පර්යේෂකයන් පරයේෂණ යෝජනා ඉදිරපත් කර ඇති ආකාරයන් දෙස සන්සන්ධනාත්මක ව බළමින් විධිමත් ලෙස පර්යේෂණ වාර්තාවක් ඉදිරපත් කිරීමට ඇවසි දැනුම උකහා ගත් බවක් හැඟේ. (අමිණුම01)

 

පර්යේෂණයට අදාල ජනගහනයෙන්  නියැදිය හඳුනා ගැනීමේ  කාර්යයේදි  උක්ත ගැටලුවට සම්බන්ධ වන ආකරයෙන්  පන්ති කාමරයේ සිසුන් අනාවරණ පරක්ෂණයකට  ලක්කරමින්  සාරම්මන නියැදි කුමයට තෝරා ගැනීමට අදාල අවබෝධය අදාල මාර්ගෝපදේශ පරිහරණය නිසා මා ලැබු බවක් හැගේ.පරයේෂණයට අදාල සීමාවන් හඳුනා ගනිමින් කාර්යමූල පරයේෂණයකට අදාල ලෙස  සිසුන්ව හඳුනා ගැනීම සඳහා පන්තිකාමරයේ  පෙරදින උගන්වන ලද එකතු කිරීම් ආශ්‍රිතව දෙන ලද ගැටලු සඳහා සිසුන්ගේ නිවැරදි ප්‍රතිචාර පිළිබඳ  විමසිළිමත් වී මෙන්  අදාල නියැදිය වෙන් කර ගැනීම වඩාත් පහසු බව වැටහුණ අතර ගුරුවරයා ද එම නියැදියේ අයෙකු ලෙස සලකා කටයුතු කිරීමට තිරණය කරණ ලද්දේ ද පර්යේෂණය සඳහා ගුරුවයාගේ  ක්‍රියාකරකම් පිළිබඳවද අවධානය යොමු කිරීමට නියමිත බැවිණි.(ඇමිණුම02)

            ඒ අනුව ගුණාත්මක පර්යේෂණ ක්‍රමයට අදාල කාර්යමූල පර්යේෂණයක් ලෙස මෙම පර්යේෂණය සිදු කිරිමමේදී  පරයේෂණය සඳහා අදාල ජනගහනය ඇසුරෙන්  නියැදිය තෝරාගැනීම ,දත්ත එක්රැඅස් කිරීමේ ක්‍රම ,  හා දත්ත විශ්ලේෂණය කරන ආකරය පිළිබඳ තිරණය කිරීමටද දත්ත එක්රැස් කිරීමට අදාල උපකරණ හඳුනා ගනිමින් එවා සංවර්ධනය කිරීමට  අදාල කුසලතා කරා මා ක්‍රමයේන්  ළඟා වන බවක් දැනෙමින් පැවතිණි.මෝ සඳහා  දිනපාසල් අත් දැකිම් මෙන් ම සමපදස්ථ සහයෝගය ඉතා වැදගත් වූ බව ද  හැඟේ. එසේම පර්යේෂණ කාර්යයක් නිශ්චිත කාල පරාසයක් තුළ සිදුකිරිම පිළිබඳ අවබෝධය  ද  දිනපාසලේදී  ලැබුණ බැවින් පර්යේෂණයේ එක් එක් පියවර  නිශ්චිත කාලකට අනුව විස්තරාත්මකව පෙළගස්වමින් පර්යේෂණ ක්‍රියාකාරකම්  පිළිබඳ කාලරාමුවකට අනුව ක්‍රියාත්මක වීම පිළිබඳ හැකියාව ද ලබා ගත් බවක් හැගේ. ඒ අනුව පර්යේෂණ කටයුතු කිරීම සඳහා එහි ඉදිරි පියවර සඳහා සැලසුම් කිරීම පිළිබඳ විදිමත් අවබෝධයක් මෙන්ම එම කටයුතු වල කලට වේදාවට නිසි ආකාරයෙන් යෙදීමට ඇවසි ශික්ෂණයද නොඅඩුව ම මා විසින් ලබා ගත් බවක් හැඟුණි.  (ඇමිණුම03)

 

ඇමිණුම 01

 

ඇමිණුම 02

 

ඇමිණුම



5.      5.අධ්‍යනයට අදාළව  දත්ත රැස් කිරීම විශ්ලේෂණය අර්ථකථනය හා සාකච්ඡා කිරිමට

 

මේ සම්බන්ධයෙන් තුන්වන දින පාසලෙදී  ක්‍රියා කාරකම් මගින් මගින් දත්තරැස් කිරීම, ඉදිරිපත් කිරීම හා විශ්ලේෂණය හා  අර්ථකතනය කරන ආකාරය පිළිබඳ තොරතුරු දැනගැනීමට  හැකි විය. (අමිණුම 01) එම තොරතුරු ද අසුරුකර ගනිමින් ගුණාත්මක පර්යේෂණයකට අදාල වන ආකාරයට පර්යේෂණය සඳහා දත්ත රැස්කරණ අකාරය මවිසින් තවදුරටත් සොයා බලනුයේ කාර්යමූලික පරයේෂණ ක්‍රමවේදයට අදාල වන නිශ්චිත ක්‍රමවෙද තිබේදැයි දැනගැනීමටය. එසේ වුවද කාර්යමූලික පර්යේෂණ ක්‍රියවලියට  පොදු වූ අංග ලක්ෂණ හඳුනා ගතහැකි සේම  ගැටලුවට සුවිශේෂ වන ආකාරයට  සුවිශේෂි අංග ලක්ෂණ සහිත වන බව හඳුනා ගැනීමට හැකි වූයේ කාර්යමූලික පර්යේෂණ අදාලව තව දුරටත් පොත පත කියවීම නිසාය.  කාර්යමූලික පරයේෂණ සඳහා භාවිතාවන  ස්වයං අවලෝකනය සර්පිලාකාර චක්‍රයක් මගින් නිරූපණය කරන කර්ට් ලෙවින්ගේ ආකෘතියෙහි පියවර අනුව  සැලසුම් කිරිම .ක්‍රියාත්මක කිරිම,නිරීක්ෂණය අවලෝකණය  යන අකාරය අනුව පර්යේෂණයට අදාල ගුණාත්මක දත්ත පිළිබඳ විශ්ලේෂණයන්හා අර්ථකතනයන් ඉදිරිපත් කිරීමටද මාහට අවබෝධයක් ලබාගත හැකිවූවායයි සිතමි. (ඇමිණුම 02)

පර්යේෂණයට අදාල ව  ගුණාත්මක දත්ත පෙළගැසෙන්නේ පරයේෂණ සැලසුම තුළ අනාවරණ පරක්ෂණයක් මගින් අදාල නියැදිය වෙන් කරගත් පසු එක් එක් අයිතමයන්ට අදාල නිවැරදි හා වැරදි පිළිතුරු ගණනය කිරිම අසුරු කර ගනිමින් ය.ඒ අකාරයට  අනාවරන පරීක්ෂණය  .නිරීක්ෂණය ,සාකච්ඡා කිරිම ප්‍රකාශ .හා ක්ෂෙත්‍ර වාර්තා  තබා ගැනිම ආදී ක්‍රම ආදි ක්‍රම භාවිතා කරමින් අවස්ථානුකූල මැදිහත් වෙමින් දත්ත  එක්රැස්කර ගැනීමටද ,අර්ථකතනය   කිරීමටද  විශ්ලේෂණ කිරීමේ  ක්‍රම හඳුනා ගනිමින් විශ්ලේෂණය කිරීමට ද  මෙම පර්යේෂණ කාර්යය තුළ මට හැකියාව ලැබුණ  බව හැඟේ.එසේම කාර්යමූලික පර්යේෂණ ක්‍රමවේදයට අනන්‍ය මැදිහත්විම හා ප්‍රත්‍යවලොකනය යන ක්‍රමයන් පිළිබඳ තවදුරටත් පුළුල් අවබෝධයක් ලබා ගැනීම ඉදිරි කාර්යමූල පර්යේෂණවලදී තවදුරටත් ප්‍රයෝජනවත් වන බව ද දැනෙමින් පවතී.   (ඇමිණුම03)

ඇමිණුම 01



 

ඇමිණුම 02



ඇමිනුම  03


ඇමිණුම 04

 

ඇමිණුම  05

“ එකතු කිරීමේ පාඩමේදි පෙරදිනයට  නියමිත නිපුණතාවය වුණේ ඉලක්කම් තුනක සංඛ්‍යවකට තවත් එවැනිම සංඛ්‍යාවක් එක ගෙන යාමක් සහිතව එකතු කිරීමයි.ඒ පාඩමේදී සිසුන් ඉතා හොඳින් පිළිතුරු දුන්නා.අභ්‍යාසත් බොහෝ දෙනෙකුගේ නිවැරදි යි.කීප දෙනෙක්ගේ වැරදිලාත්  තිබුණා. පොත් පෙන්නපු නැති අයත්  හිටියා.......,.........., සහ.............(B , G ,H)  පොත් පෙන්නුවේ නැහැ.මේ අයට වෙනම අමතර  වැඩ කරන්න වෙයි.


5.      පර්යේෂණයට අදාලව අනාවරණයන් වාර්තා කිරීමට හා නිර්දේශ ඉදිරපත් කිරීමට හැකිවනු ඇත.

 

කිසියම්  ලේඛනයක් හෝ වාර්තාවක්  ලිවීමේ දී එය ඉතා උසස් ප්‍රමිතියකින් ලීවීට අදාල කුසලතා මෙම ගුරු අධ්‍යාපනපති වැඩසටහන මගින් ලබාගැනීමට හැකි වූයේ නිරන්තර මග පෙන්වීම නිසා බව හැඟුණි.මින් පෙර කිසියම් අවශ්‍යතාවකට ලියන ලද කිසියම් ලේඛනයක් වුවද ඒ තුළ විවිධ දෝෂ දැකිය හැකි විය.මෙම උපාධි ම්ට්ටම තුළ ලේඛණ ශෛලීන්ගේ උසස් ප්‍රමිතියක් අවධාරණය වු බැවින් ලීවීම පිළිබඳ ව මා   අන්කවරදාටත් වඩා සැලකිළිමත් වූ බවක් හැඟේ.එසේම පර්යේෂණ වාර්තාවක් ලිවීමේදී ඊට අනන්‍ය වූ ක්‍රමයන් අනුගමන කිරීම මගින් පර්යේෂණ ලේඛන ව්‍යවහාරයන් පිළිබඳව ද කුසලතාවයන් ද මා විසින් අත්පත් කරගත් බවක් දැනුණි.  (ඇමිණුම 01)

තුන්වන දින පාසලේ සවස් කාලය  තුළ ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට බදුන්වූයේ පරයේෂණයට අදාල තොරතුර වාර්තා කිරීම සම්බ්න්ධවයෙන් බැවින් පර්යේෂණයට අදාල අනාවරණයන් ඉදිපත් කිරීමේ  නිවැරදි ක්‍රමවේදයන් හඳුනා ගැනීමට හැකිවී යයි  දැනුණි.ඒ එනුව පර්යේෂණ  වාර්තාවක සියළුම සුවිශේෂි අංග එක් කරමින් පිළිගත් ක්‍රමවේදයන්ට අනුව පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරණ ආකාරය සංවිධානය කර ගන්නා ආකාරය දින පාසල් ක්‍රියාකාරකම මගින් පැහැදිලිව හඳුනාගැනීමට හැකිවී යයි සිතේ. පරයේෂණ වාර්තාවක් ඉදිරපත් කිරීමේදී අනුගමනය කරනු ලබන අංග පිළිබඳ . දැනුම හා කුසලතාවය  පර්යේෂණ කාර්යයයේ ආධුනිකයෙකු  ලෙස ඉතාමත් ප්‍රයෝජනවත් වූ බවක් දැනිණි. පර්යේෂණයට අදාල මූලික පර්ච්ඡෙදයන් හා   මාතෘකා උප මාතෘකා වෙන් කිරීම පැහැදිළිව හඳුනා ගැනීමට ඉදිර පරයේෂණ කටයුතුවලදී ද ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇතැයි හැඟේ. (ඇමිණුම 02

එසේම පර්යේෂණය අවසානයේ  අනාවරණය කර ගත් තොරතුරු එ ඇසුරින් ඉදිපත් කෙරෙන නිර්දේශ පර්යේෂණ කාර්යයක වැදගත්අංගයක් බව හැගේ. එහිදී එම නිගමන හා නිර්දේශයන් ඉදිරපත් කිරීමමට අදාල භාෂා භාවිතයන් මගින් එම ඉදිරපත් කිරීම සම්මතඅකාරයෙන් හසුරුවා ගනිමින් ලිවීමට ඇවැසි පරිචයද මෙම පාඨමාලාව තුළ මා ලද වටිනා කුසලතාවයක් ලෙස දැනේ .පර්යේෂනකාර්යයක කුටප්‍රාප්තිය මෙය ලෙස මා වටහා ගන්නේඑහි අන්තර්ගතයේ ඇති වැදගත්කම  අධ්‍යපනයේ බොහෝ ඉදිරි සීමාවන් හඳුනා ගැනීමටත්  ඒ තුළ සිට කටයුතු කිරීමටත් එම  නිර්දේශ වැදගත් වන බව හැඟුන නිසාවෙනි.මෙම පාඨමාලාවේ  ජීවගුණය විසින් න් පරයේෂණාතාමක කාර්යයන් හි යෙදීමේ අවශ්‍යතාවය  මා තුළ ද ඇති කිරීමට  සමත්වී ඇති බවක් දැනෙමින් පවති. 

ඇමිණුම01

 

ඇමිණුම
 
ඇමිණුම 03



ඇමිණුම04



ඇමිණුම 05

 

5.      සම්මත ආකාරයට ආශ්‍රිත ග්‍රන්ථනාමාවලී ඉදිරිපත්කිරීමට

 

 

කිසියම් වූ  කෘතියක් සඟරාවක් කියවීමේන් අනතුරුව  එහි පිටුපසින් ඇති ටපතේ නාමාවලින් කොතෙකුත් දැක ඇති නමුදු ඒ පිළිබඳ කිසියම්  අවබෝධයක් ලබා ගැනීමට හැකිවූයේ ගුරු අධ්‍යපනපති උපාධි වැඩ සටහනේ පළමු සමාසිකයේදී බව වැටහේ..ගුරු අධ්‍යපනඥයා විෂයමාලා සැලසම්කරුවෙකු ලෙස යන වැඩසටහනේ සිදුකරණලද සාහිත්‍ය විමර්ශණ්‍යක් සම්බන්ධයෙන් පළමුවරට සම්මත ආකාරයට ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියක් ඉදිරිපත් කළද ඒපූර්ණ  අවබාබෝධයක් මාවෙත නොතිබූ බවක් හැගේ.එසේම  ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියක් ඉදිරිපත් කිරීමේ අරමුණ පිළිබඳ පූර්ණ අවබෝධයක් මා වෙත නොතිබූ බවක් ද සිහිපත්වේ. (ඇමිණුම 01)

STP 9545 කුඩා පරිමාණ ව්‍යාපෘතියේ සහිත්‍ය විමර්ශණයේදී අශ්‍රිත ග්‍රන්ථනාමා වලියක් ඉදිරිපත් කරීම පිළිබඳ විධිමත් අවබෝධයක් මාහට ලබා ගැනීමට හැකි වූ බවක් හැඟේ.කිසියම් නිර්මාණයක් හෝ ග්‍රන්ථකරණයක් හමුවේ වෙනත් කෙනෙකු විසින් ඉදිරිපත්කරණ ලද තොරතුරක් උපුටා දැක්වීමට හෝ ගෙනහැර පෑමක් මගින්  ඉදිරිපත් කෙරෙන් බුද්ධිමය දේපළ සම්බන්ධ අචාරධර්මයක් ලෙස මෙම ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියක් ඉදිරපත්   කිරීම මවිසින් හඳුනා ගනිමින් සිටී.ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය ඉදිරිපත් කිරීම සඳහා සම්මත ක්‍රමවේදය ලෙස සැලකෙන්නේ APA Style 7th  version දින පාසල්වලදී දැනුවත්වූ අතර නිවැරදි ක්‍රමවේදයට අදාලව නිවැරදි ක්‍රමවේදයට අදාලව ආශ්‍රිත නාමාවලින් ඉදිරපත් කිරීමට හැකිවූ බව  දැනුණි.(ඇමිණුම 02)

සම්ම්ත ක්‍රමයට  ආශ්‍රිත  ග්‍රන්ථ නාමාවලිය  ලිවීමේදි අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳ ව අවබෝධයක් ලැබූ අතර ඉංග්‍රිසි ග්‍රන්ථ ඉදිරිපත් කරන්නේ නම්  ඉංග්‍රීසි හෝඩියේ පිළිවෙළට හා සිංහළ ග්‍රන්ථ නම් සිංහළ හෝඩියේ පිළිවෙළටද එනසේ කතුවරයාගේ නමට පසුව මුලකුරු යොදමින්  වර්ෂය ,ග්‍රන්ථයේ නම.ප්‍රකාශන  ආයතනය වශයෙන්  ඉදිරපත්කරණ අකාරයද පොත්,සඟරා,ලිපි,හා වෙබ් ලිපි ඉදිරපත් කරන ආකාරයද වෙන් වෙන් වශයෙන් ඉදිරපත් කරණ ආකාරය පිලිබඳව ද අවබෝධයක් ලබා ගැනීමට හැකි විණි යයි සිතේ.එසේම පර්යේෂණකරුවෙකු ලෙස ඉදිරි පර්යේෂණ අවස්ථා වලදී නිවැරදි ව අශ්‍රිත ග්‍රන්ථ නිමාවලියක් ඉදිරපත්කරන අකාරය  මෙන්ම ගුරුඅධ්‍යපනඥවරයෙකු ලෙස එමහැකියාවන් ගුරු සිසුන්ට සම්ප්‍රේෂණය කිරීමේහැකියාව ද මෙම පාඨමාලාව තුළින් මාලද  හැකියාවක් ලෙස හැඟේ

ඇමිණුම 01

 

ඇමිණුම 02


ඇමිණුම 03

 

5.      අධ්‍යාපනයට සම්බන්ධ සිද්ධින් / ගැටළු සඳහා පර්යේෂණ සැලසුම් නිර්මාණය කිරීමට.

 

ගුරු  අධ්‍යපනඥයෙකු ලෙස ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් මතුවන ගැටලු මින්පෙර මා විසින් අත්දැක ඇති නමුදු  ඒ පිළිබද මගේ අවධානය යොමු කෙරෙන්නේ පර්යේෂණාත්මක දැක්මක් සහිතව නොවන වග පැහැදිළි ය.අධ්‍යපන ක්ෂෙත්‍රය තුළ නිරන්තරයෙන් ඇති වන්නාවූ ගැටලු දෙස විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් දැකිමට ,ඒ පිළිබද අවබෝධයක් ලබා ගැනීමට ඇති හැකියාව වර්ධනයවී ඇතිබවක් දැනිණි.ඒඅනුව අධ්‍යපනය හා සම්බන්ධ සිද්ධීන් ගැටලු හඳුනා ගනිමින් පරයේෂණාත්මකව අධ්‍යනය කිරීමට සැලසුම් සකස් කිරීමට දිනපාසල් වලින් ලැබුණ මගපෙන්වීම ඉතාම වැදගත් බව හැඟේ.

පර්යේෂණ ගැටළුව හඳුනා ගනිමින් ගැටලුවට අදාල  ලෙස අරමුණු තීරණය කිරීම ,ගැටලුවේ පසුබිම අධ්‍යනය කර ගැටලුවට හේතු හඳුනා  ගනිමින් එය විසඳීම සඳහා සුදුසු පර්යේෂණාත්මක පිරිසැලසුම් හඳුනාගැනීමේ කුසලතා මේ වන විට මෙම පාඨමාලාව තුළින් මා අත්පත්කරගෙන අතැයි සිතේ.ඒ අනුව විවිධ පර්යේෂණ පිරිසැලසුම් ගැටලුවේ ස්වභාවය අනුව ,අරමුණු .අනුව. ක්‍රමවේදයන් අනුව .ජනගහනයන් හා නියැදීන් අනුව  අනුව,දත්ත එක්රැස් කිරීම .විශ්ලේෂණය කිරිම් හා අනාවරණයන් සිදුකරගන්නා අකාරයන් අනුව විවිධ පර්යේෂණ වර්ග හඳුනා  ගැනීමටත් මෙම පාඨමාලාව තුළ කුසලතාවයන් ලබා ඇති බව දැනේ.ඒ අනුව ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක පර්යේෂණ ක්‍රමවෙදයන් ඇසුරින් කාර්යමුළික පර්යේෂණ,ප්‍රත්‍යයික අධ්‍යනය,සමික්ෂණ ආදීපර්යේෂණ වලනියැලීමට ඇවැසි කුසලතා මා වෙත ලැබී ඇතැයි සිතේ.

එසේම අධ්‍යපන කෂේත්‍රය තුළ විවිධාකරයෙන් මෙන්ම ,ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළද මතු විය හැකි ඹ්නෑම ගැටලුවක් විසඳා ගැනීමට විද්‍යාත්මක දැක්මකින් ඒ දෙස බැලීමටත් පර්යේෂණාත්මකව විසඳුම සෙවිමට අදාල කුසලතා ගුරු සිසුන් තුළ වර්ධනය කිරීමට ද මෙමගින් හැකි වෙනු ඇතැයි විශ්වාසයවේ.

 ඇමිණුම 01



ඇමිණුම.02

 

ඇමිණුම 03


09.  පර්යේෂණ පවත්වා  නිගමන හා නිර්දේශයන්ඉදිරපත්කිරීමට හැකි වනු ඇත‍.

පර්යේෂණ  ක්‍රියාවලියක අවසන් අදියරය ලෙස සැලකෙන්නේ තමන් විසින් සිදු කරන ලද පරයේෂණ කාර්යය ජනගත කිරීමකි.මෙයද පර්යේෂකයෙකු විසින් ඉතාමත් සැලකිල්ලෙන් යුතුව කළ යුතුකාර්යයක් ලෙස දින පාසලේදී දැනුවත්වූ බවක් සිහියට නැඟේ.කොපමණ  පර්යේෂණසිදු කළද පර්යේෂණය පිළිබඳ ජනතා අවබෝධය අවම නම් එය සාර්ථක පරයේෂණයක් ලෙස සිතිමට නොහැකි බව හැඟේ. පර්යේෂනය සිදුකර සොයා ගන්නා කරුණු පිළිබඳ ප්‍රසිද්ධ නොවීම කරන ලද පර්යේෂණ කාර්යය ඵල රහිත වීමට ඉඩ ඇතැයි සිතේ.එබැවින් මෙම පාඨමාලාවේ අවසන් අදියර තුළින් එවැනි අත්දැකීමක් ලැබීම විශාල වටිනාකමක් ඇති කරන්නක් බව සිතේ.පර්යේෂණයේ සියලුම  කාර්යයන් Power point මගින් ඉදිරපත් කිරීම සඳහා හසුරුවා ගැනීමට ද ලැබීම මෙම ඉදිරපත් කිරීම් අවස්ථාව මගින් මා අත්පත් කර ගත් කුසලතාවයක් ලෙස සිතේ.

එබැවින් මෙම පාඨමාලාවේ අංගයක් ලෙස  පවත්වනු ලැබු පර්යේෂණය පිළිබඳ නිගමන හා නිර්දේශ්‍යන් ඉදිරපත් කිරීමට අවස්ථා ලැබීම පර්යේෂණ කාර්යයයේ අත්පොත් තැබූ මාවැන්නෙකුට ලබා දුන් මහගු අත්දැකීමක් ලෙස දැනේ.පර්යේෂකයෙකු පර්යේෂණ පවත්වා ඉන් නොනැවතී තමා විසින් සිදුකරන ලද පර්යේෂණය මගින් අනාවරණය කර ගත්දෑ ඉදිරිපත් කිරීමේ කිරීමේ වැදගත්කම  පිළිබඳව ද ,ඉදිරපත්කිරීමේ කුසලතා සහිත විමේ වැදගත්කම  ද කුඩා පරිමාණ ව්‍යපෘතියේ ඉදිරිපත් කිරීම් මගින් මා වටහා ගත්බව හැඟේ.ඉදිරපත්කිරීමේ කුසලතා මතු කරගැනිම තුළින්  තමා විසින් සිදු කරන ලද පරයේෂණ කාර්යයේ වටිනාකම සම්ප්‍රේෂණය කිරීමට හැකියාවක් ඇති වන බව  මෙන්ම සෙසු ඉදිරපත් කිරීම් මගින් මා තුළවූ දෝෂ හඳුනා ගැනීමට හැකිවූ බව වැටහිණි. නිගමන හා යෝජනා ඉදිරපත් කිරීම මගින් අධ්‍යයනයේ අරමුණු සාක්ෂාත්කරණය කරගත් ආකාරයත් එය අධ්‍යාපනයේ ඉදිරි දියුණුව සඳහා  යොදා ගත හැකි ආකායත් ගත හැකි  හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යපනයේ ප්‍රගතිය පිළිබඳ උනන්දු වන්නන්ට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට අවස්ථාවක් ලෙස මා වටහා ගත් බව හැඟුණි.

ඉදිරිපත් කිරීමකදි  ඉදිරපත් කිරීමේ ශෛලීන් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කුසලතා හඳුනා ගැනීමට ද මා යොමු වු අතර මාර්ගගතවලබාදී ඇති ඉගෙනුම සම්පත් මෙන්ම අනතර්ජාලය පරිහරණය කරමින් ද  ඒ පිළිබඳ අවශ්‍ය  දැනුම ලබා ගත්  අතර එය මා විසින් මෙම පාඨමාලාව තුළ ලැබූ සුවිසල්ජයක් වනු ඇති බව හැඟේන්නේ එය මගේ වෘත්තීය කටයුතු සඳහා ද වැදගත් වන හෙයිනි. එසේම එය  ගුරු අධ්‍යනඥයෙකු ලෙස මගේ හැකියාවන් ඉදිරිපත් කිරීම සදහා ලැබුණ ශක්තිමත් වේදීකාවක් ලෙස ද දකින අතර ඉදිරපත් වු ගැටලු සඳහා බඳ විශ්වාසයෙන් යුතුව  පිලිතුර ලබා දීමට ද හැකිවූබව දැනුණි. මේ සියල්ල  මෙම පාඨමාලාවේ සැලසුම් සහගත ඉගැන්වීම් ක්‍රමවෙදය නිසාවන අතර ගුරුඅධ්‍යපනඥයෙකු ලෙස මෙම ඉගැන්වීම් ක්‍රියාකාරකම් සංවිධානය ක්‍රමවේදයන් තුළ මටද එක් කර ගත යුතු බොහෝ දේ ඇති බව  සිහිපත කිරීමට සමත්වු බව හැඟේ.

ඇමිණුම 01 (ඉදිරිපත් කිරීම)

 

ඇමිණුම 02



ඇමිණුම 03 (  නිගමන හා නිර්දේශ ඉදිරපත්කිරීම)




ගුරු  අධ්‍යාපනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි වැඩ සටහන.


No comments:

Post a Comment

අවසන් ප්‍රත්‍යාෙව්ක්ෂණය

  ගුරු  අධ්‍යාපනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධි වැඩ සටහන. අවසන්   ප්‍රත්‍යාෙව්ක්ෂණය              වෘත්තිය සංවර්ධනය පිළිබඳ දැඩි උවමනාව නිසාම අධ්‍ය...