STP 9541
1.විෂයමාලා සංවර්ධනය පිළිබඳ සංකල්ප , න්‍යායයන් ආකෘති ප්‍රවේශ හා සංවිධාන
මූලධර්ම අනුව පවත්නා විෂයමාලා විචාරාත්මකව සමාලෝචනය කිරිමට දනී.
මෙම
ශාස්ත්‍රපති උපාධි පාඨමාලා වැඩසටහන් තුළ
ගුරු
අධ්‍යාපනඥයා විෂයමාලා සංවර්ධකයෙකු
ලෙස යන පාඨමාලාවට අදාළ ව මා තුළ විශාල බලාපොරොත්තුවක් ඇති කර තිබුණි. මන්දයත්
විෂයමාලාව යන වචනයම පිලිබඳ නිශ්චිත අවබෝධයක් මා තුළ නොතිබූ
නිසාවෙනි.පශ්චාත් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව තුළ
වුවද මා විෂය මාලාව පිළිබඳ අධ්‍යාපනයක් නො නොලැබූ හෙයින් මෙම පාඨමාලාව ගුරු අධ්‍යපනඥයෙකු
ලෙස . ගුරු උපදේශක වෘත්තීය භූමිකාවට ඉතා වැදගත් වන බව මට හැඟී ගොස් තිබුණි. ආරම්භක
දින පාසල් සැසිය පැවැත්වූ 2020 .14. 18 දිනය මට ඉතාම වැදගත් දිනයක් සේ සිතේ.එය
නවතම අත්දැකීමක් විය.දිනපාසලේදී විෂය මාලාව පිළිබඳ න්‍යාත්මක
හා ප්‍රායෝගික කරුණු රැසක් අප හමුවේ ඉදිරිපත් වීම
තුළ සත්‍ය වශයෙන් ම මෙම එකිනෙක කරුණු වෙන්
වෙන්ව අර්ථාන්විතව පෙළ
ගස්වා ගැනීම ම මට අසීරු විය හැකි යයි හැඟීමක් ඇති විය. පාඨමාලාව තුළින්ම හඳුනාගත්
උදාන චාමින්ද , ගීතා ජයවර්ධන ,
නිරංජලා කරුණාරත්න යන
මහත්ම මහත්මීන් ගේ සහයෝගයෙන් පාඨමාලාවේ විෂය තොරතුරු බෙදා
ගැනීම මත අපහැදිළි සහ පැටලිලි සහිත තැන් නිරාකරණය කර ගැනීමට හැකි වූ බව සිතුණි.
පාඨමාලාව
අදාල බොහෝ තොරතුරු මාර්ගගත ඉගෙනුම් පරිසරය හා අධ්‍යයන මාර්ගොපදේශය හරහා සිදු
කිරීම හා සියල්ල ම පාහේ ඉංග්‍රීසි භාෂා මාධ්‍යෙයන් වීම නව අභියෝගයක් වුයේ
පරිගණක හා ඉංග්‍රීසි භාෂා කුසලතා අවම වීම මත වුව ද,විෂය ඉගෙනීමේ අවශ්‍යතාවය
එම අභියෝග මග හරවන්නක් බව මට හැගුණි.ඒ අනුව විෂය මාලාවක් සකස් කිරීම පිළිබඳ
න්‍යාත්මක කරුණ පිළිබඳ පුළුල් අවබෝධයක් මට ඇති බව මට හැඟේ.
විෂය ඉතිහාසය , විෂය
පිලිබඳ සාහිත්‍ය විමර්ශනය මගින් විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීම, ක්‍රියාත්මක
වීමෙන් පසු තත්ත්වය හා විෂය මාලාවේ ප්‍රබලතා දුබලතා අනාවරණය
කර ගැනීමට සාර්ථක අසාර්ථක තැන් හඳුනා ගැනීමට ආදිය කරණු පිළිබඳ
විචාරාත්මක ඇසකින් බැලිමට ,සමලෝචනය කිරීමට හැකිවීම මා ලද ජයග්‍රණයක් ලෙස මට හැඟේ. සියුම්
ලෙස කරුණු ඒත්තු ගන්වමින් පාඨමාලාව ක්‍රියාත්මක වන ආකාරයට මා වඩාත්
කැමති වීමත් සමගම මුල් අවස්ථාවලදී තරමක් පැටලිලි සහගත තැන් ඉතාම වුවද
ඉතාමත් උනන්දුවෙන් යුතුව අවධානය යොමු කිරීම තුළින් මා නිරාකරණය කරගත්
අයුරු මට සතුටක් දනවන බව හැඟිනි. විෂය මාලාවක් යනු කුමක්ද එය ක්‍රියාත්මක කරන්නේ
කෙසේද මේ සියල්ල ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව මට හැඟේ.ගුරු මාර්ගෝපදේශයක එක් රැස්
වී ඇති කරුණු කියවා එය ක්‍රියාත්මක කිරීම හුදෙක් විෂය මාලාවක් ක්‍රියාත්මක කිරිමක්
නොවන බව මට දැනුණේ පෙර මා එලෙස සිතා සිටි නිසාවෙනි. විෂයමාලාවක අපේක්ෂිත අරමුණු
ගැඹුරින් අවබෝධකර ගනිමින් අරමුණු අන්තර්ගතය ,ඉගැන්වීම් ක්‍රමවේද , ඇගයුම්
ක්‍රමවේද , මනා ලෙස වටහා එය ක්‍රියාත්මක කිරීම අතීශයෙන් වැදගත් බව මට දැනේ.
එසේම එසේ නොවූ විට සාර්ථක ලෙස විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට
නොහැකි වන බව මගේ හැඟීමයි.
පාසල තුළ ක්‍රියාත්මක වන විෂයමාලාව විධිමත්
,අවිධිමත් හා නොවිධිමත්
ලෙස වෙන්කර හඳුනා ගැනීමට සැබවින්ම මට
හැකියාව ලැබුණේ මෙම පාඨමාලාවට සම්බන්ධ විමත් සමගමය.විෂයමාලා සැලසුම් කරුවෙකු එම
එක් එක් අංශ පිලිබඳ මනා අවබෝධයක් තිබිය යුතු බවත් සැලසුම් කරණයේදී ඒ පිළිබඳ වැඩි
අවධානයක් යොමු කළ යුතු බවත් මට දැනුණි.මේ අනුව ජාතික අරමුණු මගින් තිරණය කෙරෙන
පුරවැසියාගේ ස්වභාවය හැඩකිරිමට අදාල මෙවලමක් ලෙසවිෂය මාලාව හඳුන්වා
දිය හැකි යයි මට සිතේ.රටක සමාජීය ,
ආර්ථික හා දේශපාලනික වශයෙන් අවධානය යොමු
කිරීම රටටකට ඇවැසි පුර වැසින් බිහි කර එය රටේ සංවර්ධනයට යොදා ගැනීමට මට විෂය මාලාව
මහඟු මෙහෙවරක් සපයයි.
විෂය මාලාව සමලෝචනයේදී පාඨමාලාවේ වුයේ ද්විතියික
විෂය මාලාවක් බැවින් ප්‍රාථමික අධ්‍යාපනයේ අත්දැකීමක් එය කිරීම සම්බන්ධයෙන්
අභියෝගාත්මක විය .ගණිතය විෂය පිළිබඳ මා තුළ පවත්නා උනන්දුව නිසාම අංශයේ
ගණිතය විෂය මාලාව සමාලෝචනය කිරීම පිළිබඳ අත්දැකීමට මා රුචි
විය.ඉතාම අභියෝගාත්මක විෂයයක් ලෙස සලකන ගණිතය පහසුවෙන් අවබෝධ වන ආකාරයට හා එම විෂය
සම්බන්ධ කුසලතා ප්‍රාථමික විෂය මාලාව අඩිතාලම සැපයිය යුත්තේ කෙසේ
ද යන්න වටහා ගැනීමට ය. සිසු කුසලතා හා හැකියා වැඩි දියුණු කිරීමට හා ගුරුවරුන්ට
ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවන විෂයමාලාවක් තිබිය යුතුය.
සාක්ෂි
අමිණුම්;
ඇමිණුම01
ඇමිණුම 02
ඇමිණුම 03
02. විෂය මාලා කණ්ඩයක් සැලසුම් කිරීමට පිරි සැලස්ම් කිරීමට හා සංවරධනය කිරීමට දනී.
මේ වන
විට පාඨමාලාවේ ඊ ළඟ අදියර වන විෂමමාලාවක් සැලසුම් කිරීමට අදාල න්‍යායික දැනුම ප්‍රායෝගික
ලෙස ක්‍රියාත්මක කිරීම එනම් විෂය මාලාවක් සැලසුම්
කිරීමට අදාල දැනුම , භාවිතා කිරීමට අවස්ථාව සැලසුණි. මේ 2021.05.16 දින පාසලේ දී කල්පිත දේශයක් වෙනුවෙන් සකස් කෙරෙන විෂය මාලාවක් පිළිබඳ
සාකච්ඡාව තුළ එකී දේශයේ අවශ්‍යතාවයට අදාලව හා එම දේශයේ ජාතික අරමුණු වලට ගැළපෙන
පරිදි සකස් කිරීම පිළිබඳ ලද දැනුම සැබවින් ම විෂය මාලාවක් සැකසීමේ ක්‍රියාවලියක කෙතරම්
වැදගත් අංශයක්දැයි හැඟිණි. සමපදස්ථ සාකච්ඡාව
තුළින් දේශයේ අවශ්‍යතාවයනට ගැළපෙන නව විෂයක් හඳුනා ගැනීමට මට හැකි විය. ඒ අනුව මනෝසමාජීය සංවර්ධනය ,පරිසරය සුරකීම,
තිරසර සංවර්ධනය යන කරුණු
මූලික කර ගනිමින් වර්තමානය වන විට පවතින
සමාජීය හා පාරිසරික ගැටලු අවම කිරීම සඳහා උචිත නව විෂය සකස් කිරීමට අදහසක් ඇතිවිය. සමපදස්ථ සාකච්ඡාව මා විසින් සකස් කිරීමට අපේක්ෂා කළ
විෂය මාලාව අදාල විෂය අරමුණු නිවැරදිව ගළපා ගැනීමට මහත් පිටුවහළක් වූ බව මගේ හැඟීමයි..
විෂයමාලාවක් සකස් කිරීමට අදාලව සකස් කරණ
ලද සැලස්ම මගින් විෂය මාලාව සකස් කිරීමට අදාල පියවර ක්‍රමාණුකූලව අනුගමණය කිරීමට මග සැළසෙන බව මට පැහැදිළි
විය. එක් එක් පියවර ඔස්සේ විෂය මාලාව සකස් කිරීමට කළ යුතුවැඩ කොටස් නිම කිරීමට උචිත වන ලෙස කාල
පරාසයන් යොදා ගනිමින් අවශ්‍ය ඉලක්කය කරා යොමු වීමක් මේ තුළ දක්නට ලැබුණි. එසේම
විෂයමාලාවක් සකස් කිරීම ට අදාල පියවර හඳුනා ගනමින් එක් එක් පියවරට අදාල කළ යුතු වැඩ කොටස් පෙල ගැස්විම මගින් විෂය
මාලාවක අන්තර්ගතය මනා ලෙස සංවිධනය
කර ගැනීමට මට හැකි වු බව මට හැගේ . එය වඩාත් සාර්ථක කර ගැනීමට දින පාසලේ සමපදස්ථ කණ්ඩායම් ක්‍රියාකාරකම මැනවින්
උපකාරී වූ බව සිහිපත් කර යුතුව ඇත. ඒ අනුව මා විසින් තිරසර සංවර්ධනය , මනෝසමාජීය
සංවර්ධනය හා පරිසරය සුරැකීම යන තේමා පදනම් කර ගනිමින් “ මිහිසර“ නමින් නම් කිරීම උචිත බව මට හැඟිණි.ඒ අනුව දිනෙන් දින පරිසරය හා ස්වභා සුන්දරත්වය පිලිබඳ තුළ මිනිසුන්
කෙරෙන් දැකි හැකි ගැටලු සහගත හැසිරීම වර්තමානය වන විට පරිසර හිතකාමී සංවිධාන , විවිධ අනපණත් ප්‍රමාණවත් නොවන
බවත් ඒ සඳහා මිනිස් ආකල්ප සංවර්ධනය කළ යුතු
බවත් මේ වන විටත් බලවත් ලෙස මා තුළ අදහස් කා වැද්දෙමින් තිබණි. ආකල්පමය වශයෙන් හා
කුසලතාමය වශයෙන් සිසුන් තුළ ඇත්තේ අවම සංවේදී බවක් බව බොහෝ අවස්ථාවල මට
පැහැදිලි වී තිබිණි එ බැවින් තිරසර සංවර්ධනය හා මනෝ
සමාජීය සංවර්ධනය පිළිබදව ද අවධානය යොමු
කරමින් මෙම විෂය නිර්මාණය කළ යුතු බව මට හැඟිණි.
.
දින පාසල් සැසියෙන් පසුව විෂයමාලාවක් සකස් කිරීමේදී මෙම විෂයේ අවශ්‍යතාවය පිලිබඳ සොයා බැලීම ඉතා වැදගත් අංගයක් බව මට
හැඟීනි. ඒ අනුව එම තොරතුරු ලබා ගැනීම සඳහා සුදුසු ක්‍රම වෙද හඳුනා ගැනීමේදී පවත්නා
වසංගත තත්වය මත අදාල පුද්ගලයන් අභිමුවට ගොස් එසේ කිරීමට නොහැකි වන නිසා දුරස්ථ ක්‍රමවේද
අනුගමනය කරමින් තොරතුරු ලබාගත යුතු බව හැඟුණි.තාක්ෂණික දැණුම අවම වුව ද සුදුසු ප්‍රශ්නාවලියක්
සකස් කර ගනිමින් එය ගූගල් පෝරමයක් ලෙස සකස් කර අදාල අංශවෙත whatsapp සමාජ මාධය භාවිත කරමින්
යොමු කිරීම මගේ පළමු අත්දැකීම වූ බව හැඟේ.ඒ අනුව තාක්ෂණ දැනුමේ හා භාවිතයේ
වැදගත්කම ද මා හට අවබෝධ කරමින්ම , මිහිසර
විෂයේ විෂය අවශ්‍යතාවය පිළිබඳ ගූගල් පෝරමය මට බොහෝ තොරතුරු ලබා දුන් බව හැඟේ. මේ
අනුව විෂය අවශ්‍යතාවය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ගුරු අධයාපනඥයන් , විෂය අධ්‍යක්ෂ වරුන්,විදුහල්පතිවරුන් ගුරු
භවතුන් සිසුන් , දෙමාපියන් එම අදහස් දැන ගැනීම මෙම විෂය සකස් කිරීමට වැදගත් වන ආකාරය හඳුනා ගන්නට
හැකිවිය.ඊට අමතරව විදුල් පතිවරන් හා විෂය අධ්‍යක්ෂ වරුන් සමග විධිමත් දුරකතන සංවාද
මගින්ද වඩාත් වැදගත් තොරතුරු රැසක් ලබාගත් බව හැඟේ.ව්‍යාපාරික ප්‍රජාව සඳහා ද ප්‍රශ්නාවලියක් සකස් කර එය මුද්‍රිත පිටපතක් ලෙස සුදුසු සෞඛය ක්‍රමවේද
අනුගමනය කරමින් සිදු කිරීම තොරතුරු මැනවින් ලබා ගැනීමට හේතුවක් වූ බව මට දැනුණි.ඒ අනුව විෂය පිළිබඳ අවශ්‍යතා සමීක්ෂණය විශ්ලේෂණය කිරීම මගින් විෂය අන්තර්ගතය, ක්‍රියාත්මක කාල සීමාව,ක්‍රියාත්මක කළ යුතු ශ්‍රේණිය,විෂය ආශ්‍රිත ව්‍යවසායක තත්වයන් ආදී තොරතුරු බොහොමයක් ලබා ගැනීමට හැකිවීම මගින් විෂයමාලාව සංවර්ධනය කිරීම හා එහි දිශානතීන් පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැකි වූ බව දැනුණි.මේ අකාරයට අවශ්‍යතා විශ්ලේෂණණය
මගින් ලබා ගත් අදහස් එකතු කරමින් විෂය අරමුණු , නිපුණතා , නිපුණතා මට්ටම්,විෂය අන්තර්ගතය,
ඉගෙනුම් ඵල,ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවෙද තීරණය කරමින් විෂය මාලාව සකස් කිරීම
පිළිබඳ මූලික කෙටුම්පත සකස් කිරීමට හැකි වීම සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස හැඟේ. සකස්
කරගත් කෙටුම්පතෙහි සමපදස්ථ නිරීක්ෂණ විෂයමාලාවේ ධනාත්මක හා සෘණාත්මක ලක්ෂණ හඳුනා
ගැනීම සඳහා යම් ප්‍රමාණයකින් හැකි වුවද මා අපේක්ෂා කළ
විවේචනාමක ස්වරූපය නොමැති වීම තුළ සකස් වු විෂයමාලාව වඩාත්ම නිවැරදි ද යන්න මට
ගැටලු සහගත වු බව හැඟුණි.කෙසේ වුවද සමපදස්ථ යෝජනා ඇසුරු කර ගනිමින් විෂයමාලාවේ
සුළු වෙනස්කම් කීපයක් සිදු කිරීමට සිතුණි.
සාක්ෂි ඇමිණුම්;
පිරි සැලසුම් කරන ලද විෂයමාලා වලංගු කිරීමට හා ඒවා ප්‍රතිශෝධනය
කිරීමට දනි
සකස් කරන ලද විෂයමාලාවේ වලංගුභාවය පිලිබඳ ප්‍රවිනයන්ගෙන් විමසා බැලීම
සඳහා සය දෙනෙකු තෝරා ගැනුණු අතර ප්‍රවීනයන් සියළුස දෙනාම
සිය විෂය පථයන් ඔස්සේ ඉතා ඉහළ අධ්‍යපනික විද්වතුන් වීම වීම ඉතාම සුවිශේෂ වූ අතර එය
ඉතා වටිනා අත්දැකිමක් බව හැඟේ.ප්‍රවීනයන්ගේ පරිහරණයට සුදුසු ලෙස සකස් කරන ලද නිරීක්ෂණ ෂෙඩුලය විෂයමාලාව ඇගයීමට පහසු වන ලෙස CPP ආකෘතියට අදාලව සැකසීම මගින් සියළු ක්ෂෙත්‍ර ආවරණය
වන පරිදි අගයීම තොරතුර ලබා ගැනීමට
හැකි වූ බව හැඟේ. එක් එක් නිර්ණායකයට අදාලව මාන 5ක් යොදා ගනිමින් විෂය මාලාව
සම්බන්ධ එකී නිර්ණයකට අදාල ස්ථානය සලකුණු කිරීමට සුදුසු බව මට හැඟිණි.එසේම
එයට හේතු ඉදිරිපත් කිරීමට හැකි වන ලෙස.නිරීක්ෂණ පත්‍රිකාව තුළ ඉඩක් යොමු කීරීම වඩා
සුදුසු බව මට දැනුණේ වඩාත් සුවිශේෂි ලෙස ඇගයුම් තොරතුර ලබා ගැනීමට ඉඩකඩ
සැලසෙන නිසාවෙනි. සමස්ථයක් ලෙස විෂය මාලාව පිළිබඳ දරණ අදහස ඉදිරිපත් කිරීමට හැකි වන සේ එම නිරීක්ෂණ පත්‍රිකාවේ ම ඉඩ වෙන් කිරීම ට අදහසක් ඇති විය. එ මගින් එකී නිර්ණායකයට අමතරව ප්‍රවීනයන් ස්වාධිනව මතය පල කිරීමට හැකි වන විට තව දුරටත් සංවර්ධනාත්මක අදහස් එකතු කර ගැනීමට හැකි වන නිසාවෙනි.එසේම ඇගයුම්කරවන්
සමග පවත්වනු ලැබූ දුරකථන සංවාද මගින්ද විෂයමාලාවේ ධනාත්මක
සෘණාත්මක ලක්ෂණ හඳුනා ගැනීමට හැකිවූ බව දැනුණි.
“මිහිසර”පරිසරයට ස්වභාදහමට වඩාත් සම්බන්ධ
බැවින් එම විෂය සම්බන්ධ ප්‍රවීනයකු වන මහාචාර්ය නිහාල් දයාවංශයන් මෙම
ඇගයීමට සම්යන්ධ කර ගැනීම ඉතාම වැදගත් වූ බව මට හැඟේ.එතුමා විසින් පෙන්වා දෙන ලද පරිදි“මිහිසර” විෂය අන්තර්ගතයේ බොහෝ සාර්ථක තැන් තිබූ බව මට දැනුණි. එසේම අන්තර්ගතය වෙනස් තිරීම තව දුරටත්
සංවර්ධනය , වෙනස් කිරීමට ලැබුණු උපදෙස්
ඉතාමත් වටිනා බවක් හැඟුණි. විෂය නම ඉතාම ගැළපෙන බවත් මෙම විෂය 6-9 දක්වා දිවෙන ආකරයට තව දුරටත් සංවර්ධනය කළ යුතු බව යෝජනා කිරීම සතුට දනවන්නක් විය.සෙසු ප්‍රවීනයන් සියළු
දෙනාම අධ්‍යාපනය විෂය පථය හා සම්බන්ධ අය බැවින් නිපුණතා , ඉගෙනුම් ඵල ආශ්‍රිතව ලබාදුන් ප්‍රතිපෝෂණයන් මෙම විෂය සාර්ථක කර
ගැනීමට ඉතා වැදගත් වූ බව හැඟේ. විෂය තේමාවන් , අන්තර්ගතයට අදාල කෙටි පාඩම්
මාතෘකා, ඇගයීම හා තක්සේරුකරණ ක්‍රියාවලිය ආදි සෑම ක්ෂේත්‍රයකම ප්‍රබලතා දුබලතා මතුකර විෂය
සංවර්ධනය ලිරීමට වඩාත් වැදගත් වූ බව හැඟේ.ඒ අනුව විෂය හැඳින්වීමේ පටන් සියළුම
ක්ෂෙත්‍ර පිලිබඳ මනා අගයීමක් මෙම ප්‍රවීණයන් අතින් සිදු වූ බවත් ඒ තුලින් වඩාත් නිවැරදි ලෙස විෂය මාලාව සංවර්ධනය කිරීමටත්
මට හැකි වූ බව හැඟේ.
සාක්ෂ ඇමිණුම්;
විෂයමාලා ක්‍රියත්මක කිරීමේ සැලැස්මක් පිලියෙළ කිරීමට දනි.
විෂයමාලාව ක්‍රියාත්මක කිරීමට අදාලව සැලස්මක් සකස් කිරීමේදී ක්‍රියාත්මක
කිරීමට අදාල වර්ශය 2022 වුයෙන් එයට පෙර විෂය
හඳුන්වා දීම සඳහා සිදුකළයුතු වීම විෂයමාලාවක්
සකස් කර ඉදිරිපත් කිරීමට අදාල
වැදලත් පියවරක් ලෙස දැනුණි.2021
.09 12 වන දින පවත්වන ලද දින
පාසල් සැසියේදී විෂය මාලාව සකස්කිරීම පිළිබඳ ඉදිරිපත් කිරීම නව අභියෝගාත්මක අත්දැකිමක් බව හැඟේ. මන්ද යත් එවැනි අවස්ථාවකට ප්‍රථමවරට
මුහුණදීමට සිදුවීම වුව ද විෂයමාලාව සැකසීම නිසාම ලද පන්නරය තුළ එම අවස්ථාව සාර්ථකව
ජයගත් බව මට හැඟේ. හර විෂයක් ලෙස
හඳන්වා දෙන මෙම විෂය ක්‍රියාත්මක කිරීමේ අදියර හා ශ්‍රේණි
වශයෙන් ක්‍රියාත්මක කිරීම සිදුකිරීම පිළිබඳ සැළසුමට එක්කිරීමේදී වසර 3කින් සියළුම ශ්‍රෙණි වලට
හඳුන්වා දීම වඩාත් උචිත බව තේරුණි.එසේම මෙම විෂය නිර්දේශ සඳහා ගුරු මාර්ගෝපදේශ, ගුරුභවතුන් පුහුණු කිරීමේ ක්‍රමවේද , පෙළපොත්
ලබාදිම ආදිය පිළිබඳව මෙම සැලසුමට අදාල අංග ලෙස ඉදිරිපත් කිරීමේදී මට හැඟී ගියේ
ජාතික මටට්මේ විෂයමලො නවීකරණයකදීද ද මෙවැනිම ක්‍රියාමාර්ග අනුගමණය කරන බවය.ඒ අනුව
ජාතික මට්ටමේ විෂයමාලා නවීකරණයකට වුව දසම්බන්ධ වීමට අවැසි කුසලතා අප විසින් මේ වන
විට සම්පුර්ණ කරමින් සිටන බව මට හැඟුණි.විෂය මාලාවක් ක්‍රියාත්මක කරන ආකරයට අදාලව
චක්‍රෙලේකයක් ද නිර්මාණය කිරීමට
මෙහිදී සිදු වූ බැවින් එවැනි ලියවිලි වල ප්‍රධාන ලක්ෂණ භාෂා ව්‍යවහාරයෙහි ඉදිරපත් කිරීමේ ශෛලිය ආදී ක්ෂෙත්‍ර පිළිබඳ අවබෝධයක් ලැබමින් ප්‍රායෝගිකව
යොමුවීමට හැකි වීම සතුටට කරුණක් ලෙස දැනේ. හැදින්වීම.
ක්‍රියාත්මක කිරිම සඳහා
සැලසුම
විෂයමාලාවක් සම්බන්ධයෙන් පැන නගින ගැටලු ලෙස බොහෝ දුරට හඳුනාගත
හැකිවන්නේ එය භාවිතය සම්බන්ධව පවත්නා ගැටලු බව මගේ
හැඟීමයි.ප්‍රධානවශයෙන්ම ක්‍රියාත්මක කරන්නන්(ගුරු භවතුන්) විවීධ හේතු මත සිදු
කෙරෙන දෝෂ සහිත ක්‍රියා පිළිවෙත් නිසා විෂයමාලවේ අපේක්ෂිත අරමුණු ඉටුකිරීමට පරිභාහිර දේ සිදු කරණු දක්නට
හැකි බව සිතේ.මේ අනුව විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අඛණ්ඩ පුහුණුවක්
තිබීය යුතු බව හැඟේ.එයට අමතර ව බොහෝවිෂය මාලාවන් තුළ තුළ යොජනා කෙරෙන තක්සේරු ක්‍රමවේද
එලසම ක්‍රියාත්මක නොවන බැවින් ශීෂ්‍ය ඇගයීම්
වල වලංගු භාවය පිලිබඳ ගැටලු පවතින බව හැඟේ.










No comments:
Post a Comment