ගුරු අධ්‍යපනඥයා ඉගෙනුම් ඉගැන්වීම් විශේෂඥයෙක් ලෙස.
STP 9540
1.වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ ඉගෙනුම් ගති ලක්ෂණ හා
ඉගෙනුම් ශෛලී හඳුනා ගැනීම.
වසර 15 ක පාසල් ගුරු භුමිකාව නිමා කරන මා වර්තමාන
වෘත්තීය ස්වරූපය තුළ සාර්ථක වීමට මහත් සේ උනන්දුවක්ඇතිවිය.ඉගැන්වීම යනු
සුසාධ්‍යකරණයක් ,මගපෙන්විමක් ලෙස මා දැන සිටියෙමි.එසේම එය
වයස් භේදයකින් තොරව එකම අකාරයට සිදු කඵ හැකි දෙයක් ලෙස මා වටහාගෙන තිබුණි. එය
නිවැරදි නොවන බව මා දැනගත්තේ මැල්කම් නෝල්ස්ගේ වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ
ඉගෙනුම් ගතිලක්ෂණ පිළිබඳ අධ්‍යනය කිරීමෙනි.වැඩිහිටි සිසුන්ගේ ගති ලක්ෂණ හා විවිධ
ඉගෙනුම් ශෛලීන් ට අනුව ඔවුන්ගේ ඉගෙනුම සඳහා මට කළහැකිදේ සොයාබැලීමට හා ක්‍රියාවේ
යෙදීමට කාලය එළඹ ඇතැයි හැඟේ.
වැඩිහිටියන්ගේ අධ්‍යාපන ගති ලක්ෂණ
පිළිබඳ දැනුවත් වීමත් සමඟම මා මෙතෙක් සිදු සිදු කළ ඉගැන්වීම් ක්‍රියාවලිය
පිළිබඳ මෙනෙහි වීම නිරන්තරයෙන් ඉබේම සිදුවේ.එවිට මට දැනුනේ මගේ ගුරු භුමිකාව තුළ
සංවර්ධනය විය යුතු කැන් බොයෝ ඇති බවයි.එසේම වැඩිහිටියන් උදෙසා ඉගැන්වීමට නම්
තවදුරටත් ඔවුන්ගේ ගති ලක්ෂණ ඉගෙනුම් ක්‍රම පිලිබඳව දැනුවත් විය යුතු බවයි .අධ්‍යයන
මාර්ගෝපදේශයට අනුව සංකල්ප සිතියම්ක් ඇසුරින් වැඩිහිටි අධ්‍යාපනයේ ගති ලක්ෂණ
නිරූපණය කිරීමට සිදු වූ විට එහි මධ්‍යයේ වැඩිහිටියා යන අදහස ඇතිව මැල්කම් නෝල්ස්
ඉදිරිපත් කළ ගති ලක්ෂණ අවශේෂ සම්බන්ධීය ලක්ෂණ ලෙස සම්බන්ධ කළෙමි.සියළුම ගති
ලක්ෂණයන්ට ප්‍රජානන, සදාචාරාත්මක හා සමාජීය ලක්ෂණ ඒ හා සම්බන්ධව පවතින බව හැඟුණි .(ඇමිණුම
01)
ඉගෙනුම් මාර්ගෝපදේශය ට අනුව වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ
ගති ලක්ෂණ නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ ෂෙඩුලය සකස් කිරීමේදී දිනපාසැලේදි
සමපදස්ථයන්ගේ මත සිදු කර ගැනීමට හැකිවිය.එම අත්දැකීම මට මගේ ඉගැන්වීම් සඳහා
යොදා ගත හැකි මහගු අවස්ථාවක් ලෙස හැඟුණි.නව පත්වීම් ලාභී උපාධිධාරීන් ගුරුවරුන්
සඳහා වූ ආරම්භක පුහුණු සැසියේ දී නිරීක්ෂණ ෂෙඩුලය ක්‍රියාත්මක කිරීම්ට අපේක්ෂා
කළෙමි. එහිදී වෙනත් දේශකයෙකු ගේ දේශනයකට සවන් දුන් සිසුන් ගේ ස්වභාවය බාහිර සිට
නිරීක්ෂණය කිරීමට හැකි විය .දේශන ශෛලියේ ඉගෙනුම්ක දී සිසුන්ගේ හැසිරීම්
නිෂ්ක්‍රීය සවන් දෙන්නන් වීම බව තව දුරටත් මා හට ප්‍රත්‍යක්ෂ විය .(ඇමිණුම
02)
පවත්නා වසංගත තත්වය නිසා ඉගෙනුම් සැසි අවලංගු
වීම නිසා ගුරු සිසුන් නිරීක්ෂණය කිරීමට නොහැකි විය.එහෙත් තොරතුරු ලබා ගැනීමේ
අපේක්ෂිව මත පෞද්ගලිකව මට හැඟී ගිය ආ ආකාරයටගුරු සිසුන් ගේ ඉගෙනුම්
අපේක්ෂාවන් පිළිබඳව කෙටි ප්‍රශ්න කීපයක්
ඔවුන් වෙත වට්ස්ඇප්(WhatsApp) මාධ්‍යය
මාර්ගයෙන් ඉදිරිපත් කළෙමි.එහිදී දැක්වූ ප්‍රතිචාර බොහෝ දුරට මැල්කම් නෝල්ස්
විසින් ඉදිරිපත් කළ වැඩිහිටි අධ්‍යාපනය උන්ගේ ගති ලක්ෂණ වලට සමාන විය.(ඇමිණුම්
03)වැඩිහිටි සිසුන්ගේ ඉගෙනුම් ශෛලීන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී හැඟී ගියේ
ඉගෙනගැනීමේ රටා එකිනෙකාට වෙනස් බවකි. කොල්බ්ස් විසින් ඉගෙනීම් වැඩිහිටි
සිසුන්ගෙන් පැහැදිලිව හඳුනාගත හැකිය. අප විසින් කල යුත්තේ එක් එක් සිසුවාවාගේ
ඉගෙනීමේ රටාව හඳුනාගෙන එයට පහසුකම් සැලසීම ය.
අධ්‍යයන කටයුතු වලට අදාල සාක්ෂි
(1) https://youtu.be/7HUNcCksz7A
(2)
https://eg22wiz6qrlv5vfvyl62kbesv4-jj2cvlaia66be-elearningindustry-com.translate.goog/8-important-characteristics-of-adult-learners
(3)
https://p377bekkiean4ww6rous2nvja4-jj2cvlaia66be-www-academia-edu.translate.goog/1267765/Understanding_the_Adult_Learners_Motivation_and_Barriers_to_Learning
(4)
https://www.google.com/url?sa=i&url=https%3A%2F%2Fwww.mindmeister.com%2Fblog%2Fwhy-mind-mapping%2F&psig=AOvVaw1-eBoHfrCbT59ci-
(4)
Loo0QX&ust=1621756012085000&source=images&cd=vfe&ved=0CAIQjRxqFwoTCPDH0ovm3PACFQAAAAAdAAAAABAI
ඇමිණුම 02
(5) වැඩිහිටි සිසුන් සාම්ප්‍රදායික දේශන ක්‍රමයෙන් මා දුටු නිශ්ක්‍රීය ඉටගනුමක
නිරත වීමක්.2021. 04. 26 නවක උපාධිධාරී ගුරු පුහුණුව
විෂය සමගාමී ක්‍රියාකාරකම් හඳුනාගැනීම
2 ඉගෙනුම් ඉගැන්වීම් කෙරෙහි බලපෑම් ඇත කළ හැකි විචල්‍යයන් හඳුනාගැනීම.
ඉගෙනුම් කෙරෙහි බලපාන වෙනත් සාධක පිළිබඳව තව දුරටත් සොයා
බලනමින් STP 9540 පාඨමාලාවේ ඉගෙනුම් සම්පත් පරිහරණය කිරීමේ දී මට
හැඟී ගියේ ඉගෙනුමට හා ඉගැන්වීමට බලපාන සාධක ඇති බවයි. ඉගෙනුමට බලපාන සාධක
පිළිබඳ තොරතුරු ඇසුරින් මා වටහා ගත්තේ සිසුන් ඕනෑම අවස්ථාවක ඕනෑම පරිසරයක්
තත්ත්වයක් යටතේ ඉගෙනීම කළ යුතු බව අපගේ විශ්වාසය නිවැරදි නොවන බවයි.ඉගෙන ගැනීමේ
ක්‍රියාවලියට බලපාන පුද්ගල සාධක යටතේ තෙහෙට්ටුව යන සංකල්පය සඳහා
මගේ අවධානය කිසි සේත් යොමු නොවිය.විෂය ආවරණය පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම මත
සිසුන් දිගින් දිගටමවැඩ පැවරීම කෙතරම් නොගැළපෙන සුළුද යන්න හැඟිණි.කෙසේ වෙතත්
සිසුනගේ විඩාව මග හරිමින් ඉගැන්විම සඳහා උපක්‍රම සොයා ගත යුතුය. ඒ සඳහා පන්ති
කාමරයට උත්තේජන සැපයීමට සුදුසු .ක්‍රියාකාරකම් මා සපයා ගත යුතුය.
සෑම අයෙක්මඑකම ආකාරයෙන් මුහුකුරායාම සිදු
නොවන බවදැන සිටියද එකම ආකාරයෙන් එකම සංකල්පය ඉගැන්වීම නොගැළපෙන බව දැනේ.සිසුන්ගේ චිත්තවේගී
තත්තවයන් වෙන් වෙන්ව හඳුනාගැනීමට කටයුතු කළයුතුය.ගුරුවරයෙකු වශයෙන් හැසීරීම
හා වාග් විලාශය තව දුරටත් සිසුන්ට ප්‍රියමනාප විය යුතුය. මන්ද යත් වැඩිහිටි සිසුන්
විවිධ චිත්තවේගී තත්වයන්ට සමාජීය හා ආර්ථික පසුබිම මත මුහුණ දෙන බැවිණි.සිසුන්ගේ
විවිධ අවශ්‍යතාඉගෙනීම කරන අතර ඇතිවිය හැකිය.එම අවස්ථාව දිගින් දිගටම තෘප්ත
නොවන විට අවධානය ගිලිහී යයි සිසුන්ගේ අවශ්‍යතා පිළිබඳ නොසලකා හැරීම මගේ පෙර පැවති
දුර්වලතාවයකි මා සිතුවේ දීම පළමුවැන්නයි නමුත් අවශ්‍යතා ඉගනීමට බලපාන බව දැන් මට
දැන්. උනන්දුව අතිවීමට මානසික උත්තේජනයන් සමග ශාරීරික සුව පහසු බව
බලපාන බවින් අපහසු ඉගෙනුම් පරිසර පවත්වා ගැනීම අවම කරගත යුතු බව හැගේ.
ඉගෙනුම ලබන්නාට සියලු වාතාවරණයන් අසතුටු අසතුටුදායක වී නම් කිසිසේත්
ඉගෙනුමක් සිදු නොවන බව ශිෂ්‍යයකු ලෙස අද දක්වාම මගේ අතීතාවර්ජනය මටම පසක් කරයි.
ඉගෙනුමට බලපාන වැදගත්ම පුද්ගල සාධකය වන
ගුරුවරයාගේ භූමිකාව පරිපූර්ණ විය යුතුය. අපගේ ගුරු භූමිකාව යනු දන්නා යමක් දීම
පමණක් නොවේ සිසුන්ගේ කායික මානසික චිත්ත වේගීය හා සමාජවේගීය හා සමාජ තත්ත්වය
අවබෝධයෙන් සිටීම තුළ ශිෂ්‍යයාට පහසුකම් සැලසීමයි සිසුන් ඉගෙනීමට කැමති විලාසයන්
හඳුනා ගනිමින් ප්‍රීති සහගත භෞතික සමාජ වාතාවරණයක් සකසා ගැනීම ගුරුවරයා ලෙස මගේ
වගකීම බව තවදුරටත් මට හැඟේ. ඒ ඒ සිසුවාට සුදුසු ඉගෙනුම් ද්‍රවය භාවිතය
උපදෙස් සැපයීම ආයතනය තුළ සිසුන්ට මිත්‍රශීලී වාතාවරණයක් පවත්වාගෙන යාම වැනි කරුණු
පිළිබඳ මගේ අවධානය මින් ඉදිරියට වැඩි දියුණු වනු ඇත. ඒ එම නිසා මා කළ යුත්තේ
ඉගැන්වීමට බලපාන සියලු සාධක මනා ලෙස සංයෝජනය කළ යුතුවීමයි..ගුරු සිසුන් ඉගැන්වීම
සඳහා පෙළඹවිම ,සිසුන්ට අවැසි තොරතුරු සපයමින් දැනුවත් කිරීම ,ඔවුනගේ ඉගෙනීම අධීක්ෂණය ,නිරතකරවීම යන අංශ සක්‍රීය කර
තිබීම වඩාත්ම වැදගත් බව මට හැඟේ.
https://www.youtube.com/watch?v=tmgtarYtkjw
https://www.youtube.com/watch?v=8leJYqI_dNw
https://www.youtube.com/watch?v=K6SGUR8VDDY
උචිත ඉගෙනුම් - ඉගන්වීම් ක්‍රමවේදයන් තෝරා ගැනිම, සැලසුම්
කිරිම. හා සංවර්ධනය කිරීම.
3. උචිත ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදයන් තෝරා
ගැනීම,සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම.
ඉගෙනුම්
සිද්ධි මාලාව කොටස් එකින් එක කියවන විටදී දැනෙනුයේ එහා සඳහන් ශ්‍රීමතීගේ චරිතය
ගුරු ශීෂ්‍යන් හා කටයුතු කරන අපේ චරිත වලටබොහෝ සෙයින් සමානකම් දක්වන බවකි.සිසුන්ගේ
මෙම විවිධ වූ ඉගෙනුම් ශෛලීන් හා ඉගෙනුමහා සම්බන්ධ විචල්‍යයන් පිළිබඳ සලකා බලමින්
ගැලපෙන ඉගෙනුම් හා ඉගන්වීම් ක්‍රමවේදයන් භාවිතා කරමින් ඉගන්වීම සංවිධානය කරන අකාරය
පිලිබඳ නව අවබෝධයක් 2021 05.29
දෙවැනි දින පාසල(ඇමිණුම01) තුළින් ලබා ගැනීමට හැකිවිණි යයි සිතේ.ඒ අනුව
වැඩිහිටිශිෂ්‍යයන්ටඉගන්වීම සඳහා සුදුසු
පාඩම් සටහන් අකෘතියක් හඳුනා ගැනීමටත් ඒ ඇසුරු
කර ගනිමින් පාඩම් සටහනක් සැලසුම්කර සංවර්ධනය
කර ගන්නා ආකාරය හඳුනා ගැනීමත් හැකි වු බව දැනිණි.
පාඩම් සැලසුම් ආකෘතිය මා මෙතෙක් පරිහරණය කළ
ආකෘතිය වඩා වෙනස් බවක් මවිසින් හඳුනා ගනිමින් තිබිණි. ඒසේම පාඩමට අදාලවනිපුණතා හා
ඉගෙනුම් ඵල ලීවිමේදී මෙතෙක් දැනුම කුසලතා ආකල්ප ඇසුරු කර ගනිමින් ලිවූව ද බ්ලූම්ගේ
වර්ගීකරණය පදනම් කර ගනිමින් ඉහළ මට්ටමේ ප්‍රජානන කුසලතා අවාරණය වන පරිදි සුවිශේෂ
ක්‍රියාපද භාවිතා කරමින් ලිවීම නව අත්දැකීමක් බව හැඟේ.(ඇමිණුම02 )එසේම සුවිශේෂ ලෙස ක්‍රියාපද ගළපමින් ඉගෙනුම් ඵල සංවිධානය
කිරීමට අදාලව බෙන්ජමින් බලූම් හඳුන්වා දුන් ඉහළ ප්‍රජානන කුසලතා පිලිබඳ වර්ගීකරණය සිසුන්ගේ ඉගෙනුම් කුසලතා
සංවර්ධනය සඳහා භාවිතා කිරීම පිලිබඳ ගුරුවරයෙකු දැන සිටමේ වැදගත්කම තහවුරු වූ බව සිතිනි.
ගුරු ශිෂ්‍යයන් අතර එම ගුණාංග සංවර්ධනය කිරීමේ වැදගත්කම දැනෙන්නට විය.( ඇමිණුම 03
පාඩම
සංවර්ධනය ඉතාම සවිස්තරාත්මක වූ අතර එක් එක් තීරු මගින් කලින්
සාකච්ඡා කරණු ඉගෙනුම් ශෛලීන් ඉගෙනුම බලපානු ලබන සාධක හා විචල්‍යන් පිලිබඳ සුවිශේෂි
ලෙස සලකා බැලීම වැදගත් අංගයක් ලෙස මා විසින් හඳුනා ගත්බව හැඟේ.ගුර ශිෂ්‍යන් සඳහා හෝ පාසල්සිසුන් සඳහා මේ ආකාරයට පාඩම් සැලසුම්
සකසු කිරීම පිළිබඳ මා තුළ අත්දැකීම් නොවූයෙන් මෙම ඉගැන්වීම් කාර්යය පිලිබඳ මා දැඩ
උනන්දුවකින් පසුවූ අතර එම ඉගැන්වීමේදී
මාහට වැටහී ගියේ එක් එක් සිසුවාගෙන් සිසුවාට ඉගනීම කෙරෙහි වෙනස්
වීම් සඳහා බලපෑම් ඇතිකරවන සාධක හා විචල්‍යයන් පිලිබද ගුරුවරයාගේ අවබෝධය සිසුන්ගේ
උසස් ඉගෙනීම් හැකියාව්ධණය පිළිබඳ කෙතරම් බලපෑම් ඇති කළ හැකිවේද යන්නයි.(ඇමිණුම04)
ඇමිණුම 01
4.අධ්‍යාපිතයන්ගේ සන්ධර්භයට ගැලපෙන අකාරයට
තක්සේරුකරණ ක්‍රම හා ප්‍රතිපෝෂණ උපක්‍රම තෝරාගැනීම සැලසුම් කිරීම හා සංවර්ධනය
කිරීම.
ඉගෙනුම්
ඉගැන්වීම් ක්‍රියාවලියේ නිතර භාවිතා වන වචන
යුගලයක් වන තක්සේරුකරණය හා ඇගයීම අතර ඇති වෙනස පිළිබඳ මා වඩාත් නිවැරදි අර්ථමය විවරණයකින්
හඳුනා ගනු ලබන්නේ මෙම පාඨමාලාව තුළිනි.(ඇමිණුම 01) විවිධ අධ්‍යාපනය ලබන්නන්ගේ
ස්වභාවයන් අනුව ඒ ඒ සන්දර්භයක් තුළ ඉගෙනුම් අවස්ථාවන්ට අදාලව තක්සේරුකරණයේ යෙදීම,
පිළිබඳ මෙම පාඨමාලවේ මා දැනුවත් වු ඉතා වැදගත් සංකල්පයක් සේ හැඟේ.තක්සේරු කිරීම
අරමුණු ඔස්සේ ගළපා ගත් විට ඉගෙනීම පිනිස තක්සේරු
කිරීම,ඉගෙනිම ලෙස තක්සේරු කීරීම, ඉගෙනීම පිළිබඳ තක්සේරු කිරීම ආදී ලෙස ඉගෙනුම්
ඉගැන්වීම් ක්‍රියාවලිය සංවර්ධනය කර ගැනීම සඳහා තක්සේරුකරණය යොදා ගැනීම පිළිබඳ
අවබෝධයක් සපයා ඇති විවෘත අධ්‍යපනික සම්පත් මගින් ලබා ගැනීමට හැකි වූ බව හැඟේ
ගුරු සිසුන්ගේ
ඉගෙනුම බලපාන භාහිර මෙන්ම අභ්‍යන්තර සාධක පිළිබඳව ද සැලකළිමත් ව සිසුන්ගේ
විවිධ ඉගෙනුම් ශෛලීන් ගැළපෙන ලෙස විවිධ ඉගැන්වීමේ ක්‍රමවේද හා ශිල්පීය ක්‍රම
භාවිතා කරමින් පාඩමක් සැලසුම් කිරීම සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ
දෙවන කුඩා පරිමාණ ව්‍යපෘතියේ පාඩම් සැලසුම් කිීම මගින් අවබෝධ කර ලත හැකි වූ බව
හැඟේ.
ඒ අනුව විවිධ ඉගෙන ගන්නන්ගේ ඉගෙනුම් අවස්ථාවන් හා
ඉගෙනුම් අවශ්‍යතාවයන්ට ගැළපෙන ලෙස
තක්සේරුකරණයේ යෙදීම පිළිබඳ
කුසලතාවයන් පාඩම් සැලසුම්කරණයේ දි ඉතා වැදගත් වන බව පෙනිණි. ඒ ඒඉගෙනුම්අවස්ථාවන්
උචිත ලෙස තක්සේරුකරණ ප්‍රශ්න යොමු කිරීම මගින් අනාවරණය කර ගන්නා තත්වයන්ට ප්‍රතිපොෂණ
සැපයීම සඳහා ගුරුවරයාගේ අවස්ථානුකූල
මැදිහත්වීම ඉගෙනුම ඉගැන්වීම වැඩි දියුණු කිරීම පිනිස වැදගත්වන අයුරු මවිසින් සැලසුම කණ අවස්ථාවේදී හඳුනාගන්නාලදි.
එසේම පාඩමේ තක්සේරු සැලසුම සහ ප්‍රතිපෝෂණ සැලසුමේ සම්බන්ධතාවයක් පැවතීම මගින්පාඩමේ
අපේක්ෂිත ඉගෙනුම් අරමුණු කාරා ගමන් කිරීමට පහසුවක් වන බව ද පැහැදිළිවූ කරුණක් විය.
එසේම තක්සේරුකිරීම හා ඇගයීම අතර වෙනස් කම්
සුවිශේෂි ලෙස හඳුනා මෙම එකිනෙක සංකල්ප වල අන්‍යෝනය ක්‍රියාකාරීත්වය ඉගෙන්ම
ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ කර ගන්නා ආකාරය පිළිබඳ මනා වැටහීමක් ලබා ගැනීමට
ද ඒ පිලිබඳ ගුරු සිසුන්ට අවශ්‍ය දැනුම හා
කුසලතා ලබාදීමට ද හැකියාවක් ලැබුණ බව
හැඟේ.මෙම දැනුම සිසුන්ගේ අධ්‍යපන ක්‍රියාවලියේ නිරත ගුරුවරුන් සිය ඉගැන්විම්
කාර්යය සැලසුම් කිරීම සංවර්ධනය කිරීම ඇගයීම යන කාර්යය ගුරු අධ්‍යපනඥයකු ලෙස
තක්සේරු කිරීම හා ඇගයීම ද මගින් අවශ්‍ය ප්‍රතිපෝෂණ
ලබාදීම පිළිබඳ කුසලතාද ලබා ගැනීම හැකි වූ බව සිතේ. ගුරු සිසුන්ගේ ඉගැන්වීම ඇගයීම
සඳහා ද උචිත ඇගයුම් සැලසුමකින් ගුරුවරුන්ගේ තක්සේරු හා ප්‍රතිපෝෂණය ක්‍රියාවලිය
ඇගයීමට ලක් කිරීමට උචිත උපකණ සකස්කරීමට ද හැකිවූ බව හැඟේ.(ඇමිණුම 03)
ඇමිණුම 01(තක්සේරුකණය හා ප්‍රතිපෝෂණ මගින් ශිෂ්‍ය
ඇගයුම් වැඩිදියුණු කිරීම)
ඇමිණුම 02 ( ඇගයුම හා තක්සේරුකරණය අතර වෙනස)
(ඇමිණුම 03) ප්‍රතිපෝණසැපයීම පිළිබඳ විවෘත අධ්‍යපනික සම්පත් භාවිතය
5. ඉගෙනුම් ශිල්ප ක්‍රම,තක්සේරු ක්‍රම හා ප්‍රතිපෝෂණ
උපාය මාර්ගයන් භාවිතය හා ඒවා පිළිබඳ ප්‍රත්‍යාවේක්ෂණය
පාඩමක් ඉගැන්වීම සඳහා අවස්ථානුකූලව යොදා ගන්නා
ඉගෙනුම ශිල්ප ක්‍රම භාවිතාවන් පිළිබඳ
ගුරුවරයා තුළ මනා අවබෝධයක් තිබිය යුතු වන්නේ ඉගෙන්ම් කාර්ය සාධනය වැඩි දියුණු කිරිම් සඳහා භාවිතාවන
තක්සේරු කිරීම් හා ප්‍රතිපෝෂණ දියුණු කිරීම සඳහා යයි මා විසින් අවබෝධරෙ ගනිමින්
සිටින්නේ අත්‍යවශ්‍ය කියවීම් නිසා යයි හැඟෙමින් තිබිණි.(ඇමිණුම 01) ශිෂ්‍යාගේ මට්ටමට ගැළපෙන ලෙස සංවිධානය වන
ඉගෙන්ම් ක්‍රියාකාරකම තුළ භාවිතාවන ඉගෙනුම් ක්‍රමය ඔස්සේ සංජානන ව්‍යුහයන් ගොඩනැගී
සඳහා වඩාත්ම සුදුසු ඉගැන්වීම් ශිල්පීය ක්‍රමය
හඳුනා ගැනීම ඉගැන්වීමේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කර ගැනීමට හේතු වන බවක් මා විසින් හඳුනා ගෙන තිබිණි. ඒ අනුව
සැලසුම් කෙරෙන ප්‍රතිපෝෂණ උපායයන්
පිළිබඳ අවධානය ඉගෙනුම සංවර්ධනය
කිරීම වඩාත් හේතු වන බවක් හැඟේ.
වැඩිහිටි අධ්‍යාපිතයන්ගේ උදෙසා මවිසින් ක්‍රියාත්මක කරන ලද පාඩම පිළිබඳව මගේ ප්‍රත්‍යවේක්ෂණ තුළින් පාඩම තුළ
මවිසින් හඳුනා ගන්නා ලද පුබලතා පිලිබඳ ස්වයං අනාවරණයන් සිදුකර ගැනීමට හැකි වී යයි සිතිණි.ඉගැන්වීම අතරතුරදී මෙන්ම ඉගැන්වීමෙන්
අනතුරුව සිදු කෙරෙන . තක්සේරු ක්‍රියාවලියෙහි හා
ප්‍රතිපෝෂණ සැපයීමේ ප්‍රබලතා මෙන්ම
දුබලතා හඳුනා ගැනිමට හැකි විණි යයි
සිතිණි. ඒ සදහා බලපෑම් කරණු ලැබූ ප්‍රත්‍යෙවේක්ෂණය එම දුබලතා අවම කර ගනිමින් කටයුතු
කිරීම සඳහාත් ඊළඟ පාඩම් මනාසේ සකස්
කිරීමටද මහඟු පිටුවහළක් වන බව හැගුණි. එසේම ගුරු සිසුන් ද මේ පිළිබඳ යොමු කිරීම මගින් ඉගැන්වීම් කාර්යය
ඹවුන්ටද ඉතාමත් ඵලදායි ලෙස මෙහෙයවා ගැනීම සඳහා අතීශයෙන් වැදගත් වනු ඇතැයි හැඟිණි...(
ඇමිණුම 02)
මෙහිදි සමපදස්ථ සහයෝගය ලබා ගනිමින් ඇගයීමකට
ලක්කිරිම මගින් තව දුරටත් ප්‍රතිපෝෂණ උපාය මාර්ගවල දුර්වලතා හඳුනා ගැනිමින් අවම කර
ගැනීමටත් හැකි වූ බව හැඟේ. පාඩමක් සංවර්ධනය කිරීමේදී සිසුන්ගේ ඉගෙනුම බලපාන
සාධක හා විචල්‍යන් පිළිබඳ ව විනිශ්චයන් හා
අවස්ථානුකූලව ප්‍රතිපෝෂණ සැපයීමේ
කුසලතාවයන් ගුරුවරයා හා ගුරු අධ්‍යපනඥයාට
ඉතා වැදගත් කමක් ගන්නා බව පාඩම ක්‍රියාත්මක කිරීම සම්බන්ධ සමපදස්ථ ඇගයීම මගින්
හඳුනා ගැනීම හැකිවූ බව හැඟේ.( ඇමිණුම 03). පාඩම පිළිබඳ ගුරු සිසුන්ගේ ප්‍රත්‍යවේක්ෂණයන්
සොයා බැලීම මගින් පාඩම පිළිබඳ ඔවුන්ගේ සංජානනයන් ද හඳුනා ගැනීමට හැකිවූ බව
සිතේ.(ඇමිණුම 04)
කවර වූ ඉගැන්වීම් කාර්යයක නිරත වෙන්නෙකු තුළ වුවද
තමා විසින් සිදු කරණ ලද ඉගැන්වීම්
කාර්යය පිළිබඳ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂණයේ
යෙදීම එම ඉගැන්වීම් කාර්යය තව දුරටත් සංවර්ධනය වීමට හේතුවක් වන බව ඉගෙන්ම ක්‍රියාකාරකම්වල
නිරතවීම මගින්වහා ගැනීම හැකි විනි යයි හැඟේ. මෙම ගුණය ගුරුසිසුන් තුළ ඇති කිරීමේ
වගකීම මා සතුවන අතර කාර්‍යක්ෂම හා ඵලදායී ඉගැනුම් ඉගැන්වීම් අවස්ථා ඇති කර
ගැනීමට සිසු සාධන මට්ටම් ඉහළ දැමීමටත් එය
හේතු වනු ඇත. අඅ
https://www.cambridgeinternational.org/Images/271310-improving-student-learning-%20through-assessment-and-feedback.pdf
ඇමිණුම 02
. ඇමිණුම
https://forms.gle/23zp6oKf8wueEk5z7
ඇමිණුම
03
ඇමිණුම 03 තක්සේරුකණය
සඳහා අගයීම් උපකරණසකස් කිරීම













No comments:
Post a Comment