STP 9846
ඉගෙනුම පිළිබඳ කාර්ය සාධන ගොනුව
කුඩා පරිමාණ ව්‍යපෘතිය 04
ඒ දිල්රුක්ෂි කුරේ
ශි.ලි. අං .421309647
මගේ ඉගෙනුම් කළඹ
හැඳින්වීම
ගුරු අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි වැඩ සටහනේ පාඨමාලා අතර ඉගෙනුම පිළිබඳ කාර්යසාධන ගොනුව ඉදිරිපත්කිරිම ඉතා වැදගත් අංගයකි.සමස්ථ වැඩසටහනේ එක් එක් පාඨමාලාවන් පිළිබඳ විසින් දක්වන ලද ප්‍රතිභාවයන් ගේ පිළිබිඹුව මෙමගින් ඉදිරිපත් වන බැවින් වැඩසටහනින්මා ලද ප්‍රගතිය මෙමගින් අනාවරණය වන්නේ යයි හැඟේ.මෙම උපාධි වැඩසටහන තුළ සියලුම පාඨමාලා ක්‍රියාත්මක වූයේ සම්මිශ්‍රිත අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව ය.මෙම පාඨමාලා ක්‍රියාත්මක වන ආකාරය අනුව එහි අංගයන් වන සිද්ධි පාදක ඉගෙනුම් ප්‍රවේශය( SBL ), විවෘත අධ්‍යාපනික සම්පත් ( OER ) ,මාර්ගගත ඉගෙනුම් පරිසරය (OLE) පිළිබඳව විවේචනාත්මක ප්‍රත්‍යාවේක්ෂණයන් සහ සාක්ෂිව එක් එක් පාඨමාලාවේ ඉගෙනුම් ඵල කරා ළගා වූ අකාරය මෙම කාර්ය සාධන ගොනුව මගින් ඉදිරිපත් කෙරේ.මෙම ඉගෙනුම් කළඹ මගින් ඉගෙනුමසහ ඉගැන්වීම විවේචනාත්මක ව මෙනෙහි කිරීම , සමපදස්ථ හා උපදේශකවරුන්ගේ සහයෝගයෙන් විවේචණාත්මක ඇගයීමකට ලක්කිරීම ,පර්යේෂණාත්මක කාර්යයන් සම්බන්ධ පරිචයන් විවේචනාත්මකව විශ්ලේෂණයක කිරීම,පුද්ගලික වෘත්තීය ඉලක්ක ක්‍රමාණුකූලව සැකසීම හා සමාලෝචනය කිරීම් සිදු වේ.ඒවා ඉගෙනුම් ක්‍රියාකාරකම් පරාවර්තනය ,ස්වයං නියාමනයක් මගින් ඉගෙනුම වැඩි දියුණු කර ගැනීමක් සිදුකර ගැනීම පහසුවෙන් සිදුවිය.විද්‍යුත් කළඹක් ලෙස සංවර්ධනය කිරීම මගින් නිරන්තර යාවත් කාලීන වීමත් අපේක්ෂා කරන බැවින් ඉදිරි අධ්‍යාපනික ඇඟවුම් හඳුනා ගැනීමටත් පහසු වී ඇත.
සංක්ෂිප්තය.
මෙම ඉගෙනුම
පිළිබඳ කාර්ය සාධන ගොනුව ගුරු අධ්‍යපනය පිළිබඳ ශාස්ත්‍රපති
උපාධි වැඩ සටහනේ පාඨමාලා හයක් ඇසුරුකර ගනිමින් නිරීමාණයවී ඇත.එක් එක්
පාඨමාලාවල ඉගෙනුම් ඵල කරා යාමෙදි මෙම
පාඨමාලාවල ප්‍රධාන අංගයන්වන සිද්ධිපාදක ඉගෙනුම් ප්‍රවේශය,(SBL)විවෘත අධ්‍යපනිකසම්පත් (OER ) හා මාර්ගගත ඉගෙනුම් පරිසරය(OLE) ඇසුරින් සිදුකරනු ලැබු ඉගෙනුම් හා ඇගයීම් කාර්යයක් අවසානයේම ඒ පිළිබඳ යලි සිතමින් ,ප්‍රත්‍යාවේක්ෂණය සිදු
කරමින් කරනු ලැබු ඉගෙනුම් වැඩිදියුණුවට
අදාල කාර්යයන් සාක්ෂි සහිතව මෙම ගොනුව මගින් ඉදිරපත් කෙරේ.එහි මූලික පියවර ලෙස
සංකල්ප සිතියමක් ඇසුරින් ඉගෙනුම් ඵල සංවර්ධනය
කරන අකාරය ඉදිරිපත් කර ඇති අතර එක් එක් පාඨමාලාවේ ඉගෙනුම් ඵ කුඩා පරිමාණ ව්‍යාපෘති මගින් සංවර්ධනය කෙරුණි.STP 9540 ඉගෙනුම ඉගැන්වීම් ,පාඩම් සැලසුම් කිරීම තක්සේරු
කිරිම ,ප්‍රතිපෝෂණය ආශ්‍රිත
කුඩා පරිමාණ ව්‍යපෘති මගින් ද STP 9541 මගින් විෂය
මාලා න්‍යායන් ආකෘති ,ප්‍රවේශ සංවිධාන හා මූලධර්ම භාවිතය , අවශ්‍යතා විශ්ලේෂණය
විෂය මාලාකෙටුම් පත් කිරීම, තක්සේරුකණය හා ඇගයුම් ක්‍රියාවලිය ,භාවිතය ක්‍රියාත්මක
කිරීමේ සැලසුම් සකස්කිරී ආශ්‍රිත ක්‍රියාකාරකම් ද , STP 9542 පාඨමාලාව යටතේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඵලදායි සන්නිවේදයන ක්‍රියාවලියක් ,ශාස්ත්‍රිය
අන්තර්ගත පිළබඳ දැනුම් රාමුව (TPACK) යොදා
ගනිමින් තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍යයක් නිර්මාණය කිරීම ,බහුමාධ්‍ය
සමෝධානය කර ඉගෙනුම් ද්‍රව්‍ය සංවර්ධනය කිරීම , තාක්ෂණයෙන් හෙබි ඉගෙනුම් ද්‍රව්‍ය
ඇගයීම ට ලක්කිරීම , ආදී පළමු සමාසිකයේ ක්‍රියාකාරී
ඉගෙනුම් අවස්ථා පිළිබඳ මගේ විශ්ලේෂණාත්මක හා විවේචනාත්මක මෙනෙහි කිරීම් වල දක්වා ඇත..
වැඩ සටහනේ දෙවැනි සමාසිකයේ පාඨමාලා වන STP 9543 මගින්
ගුරු අධ්‍යපනඥයා වෘත්තිකයෙකු ලෙස ගෝලියකරණය සඳහා ගුරුවරුන් සූදානම් කිරීම ,වෘත්තීය ගුරුවරුන් තුළින් ප්‍රදර්ශනය
විය යුතු ප්‍රමිතීන්හා සදචාරාත්මක ලක්ෂණ,පාසල්වල ගුණාත්මකභාවය හා එය පිරීහීමට බලපාන සමාජ ,ආර්ථික හා දේශපාලන කරුණු පිළිබඳ මෙන්ම ගුරුවෘත්තී ප්‍රමිති
වැඩි දියුණු කිරීම පිළිබඳ වෘත්තීය ආයතනවල කාර්යභාරය පරික්ෂා කිරීම.සිසු විපතනය හා ගුරු බලවන්තකරණය පිලිබඳව පර්යේෂණාත්මක අධ්‍යනය
කිරීම මෙනෙහි කිරිම ද STP 9544 පාඨමාලාව
යටතේ ගුරු අධ්‍යපනඥයා කළමණාකරුවෙකු කළමණාකරණ ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක වීම තීරණ ගැනීම , ගැටලු විසඳීම
හ වෙනස්වීම් කළමණාකරණය යන සංකල්ප යටතේ න්‍යායාත්මක සංකල්ප හා ප්‍රායෝගික භාවිතාවන් පිළිබඳ දැනුම ,කුසලතා සංවර්ධනය සඳහා වන පයේෂණාත්මක
සොයා බැලීම පිළිබඳ කාර්ය සාධනය ද ලෙස STP 9545 මගින් පර්යේෂණයක් සඳහා ගැටලුව හඳුනා ගැනිම,
අරමුණු තීරණය කිරීම ,පිරිසැලසුම හඳුනා ගැනීම , නියැදිය හඳුනාගැනීම ,දත්තස් කිරීම,
විශ්ලේෂණය,අනාවරන ඉදිරිපත්කිරීම හා සම්මත ක්‍රමයන්ට අදාලව ආශ්‍රිත ග්‍රන්ථනාමාවලී
ඉදිපත්කිරීම ආදී පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ ප්‍රායෝගික භාවිතාවන් මවිසින් සාථනය
කරගත් අකාරය සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට
මෙම ඉගෙනුම් කළඹ මගින් ඉදිරිපත් කර ඇත.


No comments:
Post a Comment